වාර්ෂික බදු සැකසුම් කාලයේදී ඔබෙන් බහුලවම සිදු වන වැරදි 10ක්. (SBS සිංහල/වාර්තා)

ඔබේ වාර්ෂික බදු සකස් කිරීමේ ක්‍රියාවලිය සඳහා අදාළ සියලු බිල්පත් ඔබ සතුව තිබෙනවාද යන්න පිළිබඳ අවසන් මොහොතේදී සෙවීමෙන් වලකින්න.

Tax return

Source: www.etaxaustralia.net.au

ගෙවී යන ජුනි මාසයේ 30 වන දිනෙන් ඔස්ට්‍රේලියාවේ 2016 – 2017 මුදල් වර්ෂය නිම වන අතර එළඹෙන ජූලි මස 01 වන දින සිට නව මුදල් වර්ෂය ආරම්භ වේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ආදායම් බදු ගෙවන සෑම පුද්ගලයෙකුම ජුනි 30 වන දායින් පසුව තම ආදායම් බදු සකස් කිරීම (tax return) ආරම්භ කරනු ඇත.

එම බදු සැකසුම් පත්‍ර වලින් වසරකට 450,000 ක පමණ ඔස්ට්‍රේලියානු බදු දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය කරන බව සඳහන්.

තමන්ගේ වාර්ෂික බදු සැකසීමේදී බොහෝ පුද්ගලයින් විසින් සිදු කරනු ලබන වැරදි 10 ක් පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

1) බදු සකස් කිරීම පිළිබඳ කල්පණා කිරීමට මුදල් වර්ෂය අවසන් වනතුරුම බලා සිටීම.

ඔබේ වාර්ෂික බදු සකස් කිරීමේ ක්‍රියාවලිය සඳහා අදාළ සියලු බිල්පත් ඔබ සතුව තිබෙනවාද යන්න පිළිබඳ අවසන් මොහොතේදී සෙවීමෙන් වලකින්න.

අදාළ බිල්පත් ඒ ඒ ගනුදෙනු අවසානයේදී සුරැකිව පිලිවෙලට තබා ගැනීමේ ක්‍රම වේදයක් අනුගමනය කරන්න.

රාජකාරී කටයුතු සම්බන්ධව සිදු කළ සෑම වියදමක්ම සටහන් කර තබන්න.

ඔබට මේ සඳහා නවීන තාක්ෂණය ද ප්‍රයෝජනයට ගත හැකිය.

එවැනි වියදම් සටහන් කිරීමට විවිධ App  මේ වන විට බාගත කිරීමට ඔබට හැකියාව ලැබේ.

2) ඔබ විසින්ම බදු සකස් කිරීම.

ඔබ, බදු සකස් කිරීමේ ක්‍රියාවලිය සමග නිරන්තරව කටයුතු නොකරන්නේ නම් එය තමන් විසින් සිදු නොකිරීමට වග බලාගන්න.

මන්ද යත් යම් හෙයකින් යම් අවස්තාවක කිසියම් ඉලක්කමක් වැරදුනොත් එය ඔබටම අවාසියක් වන නිසාවෙනි.

ඒ නිසා ඔබ මේ කටයුත්ත සඳහා පළපුරුදු කෙනෙකු නොවේනම්, අනිවාර්යෙන්ම බදු ගණකාධිකාරී වරයෙකු ලවා බදු සකස් කිරීමේ කටයුත්ත සිදු කරගන්න.

එහිදී තමන්ට දැරිය හැකි මිල මට්ටමක දැනුවත් බැවින් යුක්ත බදු ගණකාධිකාරී වරයෙකු තෝරාගන්න.

3) ඔබේ බදු ගණකාධිකාරිවරයා අඩු තක්සේරු හෝ අධි තක්සේරු නොකරන්න.

ඔබේ ආර්ථික පසුබිම පිළිබඳ දන්නේ ඔබ පමණි.

ඔබ සිදු කළ වියදම් පිළිබඳ දන්නේ ඔබ පමණි.

එසේනම්, ඔබගේ මට්ටමට බදු ගණකාධිකාරිවරයෙකු තෝරාගැනීමට උනන්දු වන්න. කිසි විටෙක, ඔහුව අඩු තක්සේරු හෝ අධි තක්සේරු නොකරන්න.

4) වරක් බදු සැකසීම යොමු කළ පසු ඒ පිළිබඳ නැවත සිතීම.

ඔබේ බදු සැකැස්ම ඔබ විසින්ම සකසා යොමු කළ පසු එහි යම් වැරද්දක් ඇති බව ඔබට පසුව වැටහුණහොත් ඒ පිළිබඳ පසුතැවිලි නොවන්න.

එවැනි වැරදි, නිවැරදි කිරීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ වෙබ් අඩවිය හරහා ඔබට හැකිය.

එනිසා එවැනි දෑ පිළිබඳ වද නොවන්න.

5) විදේශීය ආදායම් දැක්වීමට අසමත් වීම.

ඔබ යම් විදේශ රටක උපයන මොනයම් හෝ ආදායමක් ඔබේ වාර්ෂික බදු සැකසීමේදී සටහන් කිරීම වැදගත් වේ.

6) අඩුවෙන් බදු නැවත ලබා ගැනීම (Under-claiming)

ඔබේ රාජකාරී කටයුතු සඳහා වන වියදම් සියල්ලක්ම මැනවින් සටහන් කරගෙන ඔබේ බදු ගණකාධිකාරවරයා හට ලබා දෙන්න.

ඔබට සාධාරණ මට්ටමේ වියදම් වැඩි වශයෙන් පෙන්වීමට හැකිනම් ඔබට නැවත ලබා ගත හැකි බදු ආදායම ඉහල වේ.

7) වැඩියෙන් බදු නැවත ලබා ගැනීම (Over -claiming)

ඔබට ඔබේ වියදම් සියල්ලක්ම හුවා දක්වා වැඩි වශයෙන් බදු ආදායම නැවත ලබා ගැනීමට නොහැකිය.

එසේ සිදු කරන පුද්ගලයින් සිටින නමුත් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් සිදු කරන විමර්ශනයකදී ඒවා හසුවූ කළ ඔබට විශාල දඩ මුදලක්ද ගෙවීමට සිදු වේ.

8) සාක්ෂි අපිළිවෙලට තබා ගැනීම.

ඩොලර් 300 කට අධික වියදම් සඳහා සාක්ෂි නොමැති වුවහොත් ඒවා නැවත ලබා ගැනීමට නොහැකි වේ.

ඔබේ වියදම් වර්ගීකරණය කර ඒවායේ බිල්පත් වෙන වෙනම තබා ගන්න.

එවිට ඔබේ බදු සකස් කිරීමේදී එය ඔබට වඩා පහසු වේ.

9) ප්‍රමාදය

ඔබට ඔබේ වාර්ෂික බදු සැකැස්ම වසරේ යම් නිශ්චිත කාලයකට පෙර අවසන් කිරීමට සිදු වේ.

ඒ සඳහා බොහෝ පුද්ගලයින් යොදා ගන්නා අවසන් දිනය වන්නේ ඔක්තෝබර් 31 දිනය.

අදාළ නිශ්චිත කාලයෙන් අනතුරුව යොමු කරන බදු සැකසුම් සඳහා ඇතැම් විට දඩ මුදල් ගෙවීමටද සිදු විය හැකිය.

10) බදු කාලයට වෛර කිරීම.

ඔබ යම් දෙයක් පිළිබඳ සෑම විටම ඍණාත්මකව සිතනවානම් ඒ දෙය සාර්ථකව ඉටු කරගැනීමට ඔබට හැකියාවක් නොමැති වෙයි.

එනිසා ඔබේ වාර්ෂික බදු සැකැස්ම කල් තියා සැලසුම් කර එය නිසි කාලයේදී අවසන් කරන්න.

Share
Published 13 June 2017 9:46am
Updated 13 June 2017 9:48am
By Madhura Seneviratne
Source: The Age


Share this with family and friends