ජනතාව වෙනුවෙන් දිනකට විනාඩි 9ක් වැඩිපුර වැඩකිරීම ප්‍රතික්ෂේප කල ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියානු රජයේ ආයතන වල කෙටිම සේවා සති වලින් එකක් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ATO admits working hours inefficient

Source: ABC Australia

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ රාජකාරි වේලාවන් ප්‍රජා අපේක්ෂාවන් ඉටු කිරීමට අපොහොසත් සහ අකාර්යක්ෂම බව ප්‍රකාශ කර තිබේ.

ඔස්ට්‍රේලියානු රජයේ ආයතන වල කෙටිම සේවා සති වලින් එකක් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

නමුත් ඵලදායීතාව ඉහල නැංවීම උදෙසා  ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සේවකයින් හට දිනකට තවත් මිනිත්තු 9 ක් සේවය කිරීමට පැවසුවද ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබේ.

මේ වන විට ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සේවකයින් සවස 4.51 ට රාජකාරී කටයුතු නිමා කරන අතර ඔවුන් රාජකාරි කරන සෑම දිනකම සවස 5 ට සේවය අවසන් කරන්නේ නම් වසරකට අතිරේකව රාජකාරී කරනුයේ දින 4.5 ක් පමණි.

ඵලදායීතාව 2% කින් වර්ධනය කිරීමට නිර්මාණය කරන ලද මෙමෙ යෝජනාවලිය වෘත්තීය සංගම් වල මැදිහත්වීම නිසා නොකඩවා තුන් වන වසරටත් දිග් ගැස්සී පැමිණ ඇත.

“ව්‍යවසාය ගිවිසුම් පැකේජයට හෙවත් enterprise agreement (EA) package සියලුම වෙනස්කම් කිරීම් ඇතුළත් කර තිබියදීත් ඔබ වඩාත් අකමැති දෙය මෙය බව අපට  පැවසුවා.” ATO briefing packs හෙළිදරව් කරයි.

“අපගේ සාමාජිකයින් ගෙවීම් රහිත අතිකාල රාජකාරී ඇතුළත්ව අන් කවරදාටත් වඩා දීර්ග පැය ගණන් සේවය කරනවා. පසුගිය වසර කිහිපය තුළ ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ රැකියා 4000 ක් පමණ කප්පාදු කිරීම ඊට හේතුවයි.” රජයේ සේවකයින්ගේ විශාලතම වෘත්තීය සමිතිය වන Community and Public Sector Union හෙවත් CPSU හි ජාතික ලේකම් Nadine Flood පැවසුවාය.

වසරකටත් පෙර මෙම යෝජනාව සාකච්ඡා මේසයෙන් ඉවත් කරගත් බවද ඇය පවසයි.

“නව ගිවිසුමක් කරා යාමට එකම හේතුව මෙය නොවෙයි. බදු කාර්යාලයේ සේවකයින් විසින් තවත් ගිවිසුම් දෙකක් මේ වන විට ප්‍රතික්ෂේප කර තිබෙනවා.” ඇය වැඩි දුරටත් පැවසුවාය.

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සේවකයින් මේ වන විටත් ව්‍යවසාය ගිවිසුම් යෝජනා ත්‍රිත්වයක් ප්‍රතික්ෂේප කර තිබේ.

2016 වසරේ මැයි සහ දෙසැම්බර් මාස වලදී ගෙනා යෝජනා මෑතකදී ප්‍රතික්ෂේප වී ඇති අතර ඒවාට විරුද්ධව 71% ක ප්‍රමාණයක ඡන්ද ලැබී තිබේ.

ඊට අමතරව 2013 වසරේ පටන් ඔවුන් හට වැටුප් වර්ධනයක් හිමිව නොමැත.

කෙසේවෙතත්, ඔවුන් හට පසු වැටුප් හා දීමනා හෙවත් back pay හිමි නොවනු ඇති බවද සඳහන්.

“දිනකට අතිරේකව මිනිත්තු 9 ක් සේවය කිරීමට අපගේ සේවකයින්ගෙන් බහුතරයක් කැමැත්තෙන් සිටින බව අපට ලැබුණු ප්‍රතිචාර වලින් පෙනී ගොස් තිබෙනවා. ඔවුන් දැනටමත් දිනකට පැය 7.5 කට වඩා වැඩිපුර සේවය කරනවා.” අදාළ ලේඛනය පෙන්වා දෙයි.

“අපගේ ශ්‍රම බලකායේ  උපයෝජ්‍යතාව වැඩි බව එහි ප්‍රතිපලයක් ලෙස දැක්වෙනවා.”  එය වැඩි දුරටත් පවසයි.

මීට අමතරව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ විශේෂයෙන්ම බොහෝ වගකීම් ඇති ජ්‍යෙෂ්ඨ සේවකයින් ඇතුළු බොහෝ සේවකයින් පස්වරු 4.51 න් පසුවද සේවය කරන බව අදාළ ලේඛනය පෙන්වා දෙයි.

ප්‍රජාවේ ප්‍රමිතීන් සමග රාජකාරී වේලාවෙන් නොගැලපේ.

අවම වශයෙන් වසර තුනක පටන් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ රාජකාරී වේලාවන් පුළුල්වූ ප්‍රජාවන්ගේ ප්‍රමිතීන් සමග නොගැලපෙන බව අදාළ ලේඛනය බදු කාර්යාලයේ කළමණාකාරිත්වයට දැනුම්දී තිබේ.

එයට ප්‍රතිවිරුද්ධව, සම්මත සේවා පැය ගණන් ඉහළ නොදමන ලෙස වෘත්තීය සමිති පවසයි.

මෙම 2% පලදායිතාව ඉහළ දැමීමෙන් සේවකයින්ගේ වැටුප් වර්ධනයක් සිදුවන බව ලේඛනය පෙන්වා දී ඇති නමුත් රැකියා අමාත්‍ය Eric Abetz විසින් එය 1.5% දක්වා සීමා කොට ඇත.

එක් රාජකාරී දිනයක් මිනිත්තු 9 කින් වැඩි කිරීමෙන් කැපී පෙනෙන ඵලදායීත්වක් ලබා ගත හැකි බවත් මෙමගින් වැටුප් වැඩිවීම් වැනි සේවක හිමිකම් වර්ධනය කරගත හැකි බවත් ලේඛනය පෙන්වා දෙයි.

නමුත් වෘත්තීය සමිති සහ සේවකයින් මෙය විවාදශීලි කරුණක් කරගෙන ඇති බවද පැවසේ. විශේෂයෙන්ම ඔවුන් පවසන්නේ මෙයින් ආර්ථික වාසියක් නොමැති බවයි.

මේ අතර මෙම යෝජනාවට විරුද්ධ වීමට එකම හේතුව මිනිත්තු 9 කරුණ පමණක් නොවන බවත් සේවා ස්ථාන කොන්දේසි 33 ක කප්පාදුවක් මෙමගින් සිදුවන බවත්  Community and Public Sector Union හෙවත් CPSU හි ජාතික ලේකම් Nadine Flood පැවසුවාය. 
    


Share
Published 21 February 2017 4:52am
Updated 21 February 2017 4:17pm
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends