ඔස්ට්‍රේලියාවේ ඔබේ මනාපය අනුව සැකසුණු SBS ගුවන් විදුලියේ නවතම වෙනස්කම් මෙන්න. SBS සිංහල ගුවන් විදුලියටත් වැඩි ඉඩක්. (SBS සිංහල/වාර්තා)

ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 - 12 දක්වා සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දැනට විකාශනය වන SBS සිංහල වැඩසටහනට අමතරව සමාජ ජාලා සහ වෙබ් අඩවි වැඩි ඩිජිටල් මාධ්‍ය තුලින්ද, දැනට පවත්වාගෙන යන ආකාරයට වඩා වෙනස් අයුරින් ශ්‍රාවක පිරිස් වෙත වඩාත් සමීප වීම සඳහා ඉදිරියේදී ක්‍රියා කරනු ඇත.

SBS Radio Service Review

Source: SBS

පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව තුළ පැවැත්වූ ජන හා නිවාස සංගණනයේ දත්ත මත පදනම් කරගනිමින් SBS ගුවන් විදුලිය තම වැඩසටහන් වලට හඳුන්වා දුන් අලුත්ම වෙනස්කම් පසුගිය සිකුරාදා (22/09) නිල වශෙයන් නිවේදනය කළේය.

ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතිකත්වය නියෝජනය වන පරිදී සහ සියලු ප්‍රජා කණ්ඩායම් වලට සේවය සැලසීමේ අරමුණින්  මෙම වෙනස්කම් සිදු කර ඇත.

නවතම සංගණන දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාවේ වෙසෙන මිලියන 4.87 ක් ඉංග්‍රීසි භාෂාවට අමතරව තවත් එක් භාෂාවක් හෝ තම නිවසේදී කතා කරයි.

එක් එක් භාෂාව කතා කරන පුද්ගල සංඛ්‍යාව, ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂාවට ඇති ප්‍රවීනත්වය, ඔස්ට්‍රේලියාවට මෑතකදී පැමිණීම සහ වයස යන කරුණු මත පිහිටා මෙම වෙනස්කම් සිදු කිරීමට SBS ගුවන් විදුලියේ බලධාරීන් කටයුතු කර තිබේ.

SBS ගුවන් විදුලියට නව භාෂා 7 ක්.

මෙම නවතම වෙනස්කම් යටතේ SBS ගුවන් විදුලියට නව භාෂා 7 ක වැඩසටහන් ද ඇතුලත් කර තිබේ.

Telugu, Karen, Tibetan, Hakha Chin, Rohingya, Mongolian සහ  Rundi යන භාෂාවන් එලෙස SBS ගුවන් විදුලියට අලුතින් ඇතුළුවූ භාෂාවන් වෙයි.

මෙම නව භාෂා වල වැඩසටහන් සියල්ලක්ම SBS ගුවන් විදුලියෙන් පමණක් නොව   SBS on-demand, පොඩ්කාස්ට්, SBS වෙබ් අඩවිය හා SBS Radio app හරහා ඔබට ශ්‍රවනය කිරීමට හැකියාව තිබේ.

මෙලෙස නව භාෂා 7 ක් වැඩසටහන් SBS ගුවන් විදුලියට එක් කිරීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවත් SBS ගුවන් විදුලිය වර්තමාන ඔස්ට්‍රේලියාව නිරූපණය කිරීම අතිශය වැදගත් කාරණාවක් බවත් SBS හි ශ්‍රව්‍ය සහ භාෂා අන්තර්ගතයන් පිළිබඳ අධ්‍යක්ෂ Mandi Wicks පැවසුවාය.
SBS Radio Public Consultation Program.
SBS Radio Public Consultation Program Source: SBS

SBS ගුවන් විදුලියේ මහජන උපදේශන වැඩසටහන.

SBS ගුවන් විදුලියේ වැඩසටහන් පිළිබඳ පසුගිය වසරේ නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා පැවැත්වූ මහජන උපදේශන වැඩසටහන යටතේ භාෂා 85 ක් නියෝජනය කරමින් යෝජනා 600 ක් පමණ පැමිණි බව වාර්තා වේ.

මෙම උපදේශන සේවාව හරහා යෝජිත තේරීම් කටයුතු සම්බන්ධ පුද්ගල සහ සංවිධාන පිළිබඳ ශ්‍රාවක ප්‍රතිචාර ලබා ගෙන තිබේ.

SBS ගුවන් විදුලියේ වැඩසටහන් උපමාන හෙවත් criteria  අවසාන කිරීමේදී එම යෝජනා සියල්ල සලකා බැලුණි.

එම යෝජනා සලකා බැලීමේදී අදාළ භාෂාව කතා කරන ජන සංඛ්‍යාව ඔස්ට්‍රේලියාවේ මුළු ජනගහනයෙන් කොපමණ ප්‍රතිශතයක්ද යන්න විශේෂයෙන්ම සලකා බැලුණි.

ඒ අනුව අදාළ භාෂාව කතා කරන ජන සංඛ්‍යාව අවම වශයෙන් 25,000 ක ප්‍රමාණයක් හෝ සිටිය යුතු වෙයි.

මේ අතර යම් ප්‍රජාවක ජන සංඛ්‍යාව 1000 කට අඩු වුවත් අදාළ භාෂවට ඉහළ අවශ්‍යතාවක් පවතීනම් ඒවා පිළිබඳවද සලකා බැලේ.

එමෙන්ම, වෙනස්කම් වලට ලක්ව සිටීම හෝ හෙළා දැකීමට ලක්ව සිටීම, ජාතිය, වර්ණය, කුලය හෝ ජාතිකත්වය හෝ ජනවාර්ගික පසුබිම යන කාරනා ද මෙහිදී අවධානයට ගැනුනි.

ඒ වගේම, ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක වන මානුෂීය වැඩසටහන් මූලික කරගෙන යම් භාෂා ඛාණ්ඩයක් ක්ෂණිකව ඉහළ යාමක් ඇති බව පෙනෙන්නට තිබෙන විට ඒවා පිළිබඳවද අවධනය යොමු කිරීමට SBS ගුවන් විදුලිය පියවර ගෙන තිබේ.
SBS Radio Service Review
Source: SBS

නතර කළ වැඩසටහන්.

කෙසේවෙතත්, අවසාන තේරීම මත SBS ගුවන් විදුලියේ මෙතෙක් විකාශය වූ  භාෂා 12 ක වැඩසටහන් නතර කිරීමට තීරණය කෙරුණි.

කන්නඩ, ටොන්ගන්, නොර්වීජියන්, Cook Island Maori, ෆිජි, ස්වීඩන් සහ අප්‍රිකානු භාෂා වැඩසටහන් මෙන්ම ඉංග්‍රීසි භාෂා වැඩසටහන් ද ඒ අනුව ඉදිරියේදී නතර වනු ඇති.

SBS ගුවන් විදුලිය ඒ වෙනුවට Telugu, Karen, Tibetan, Hakha Chin, Rohingya, Mongolian සහ  Rundi යන භාෂාවන් තම වැඩසටහන් ගොන්නට අලුතින් එක් කර තිබේ.

ඊට අමතරව Lithuanian, Malay, Latvian, ඩෙන්මාර්ක් සහ Maori යන භාෂා කණ්ඩායම්ද පසුගිය මාස 12 – 18 කාලය අතර තුර පහල බසින තත්ත්වයකට මුහුණ පා ඇති බැවින් එම භාෂාවන්ද ඉදිරියේදී නතර කෙරෙනු ඇත.

ඉංග්‍රීසි භාෂාවෙන් ක්‍රියාත්මක වූ SBS World News ගුවන් විදුලි සේවය ඩිජිටල් සහ podcast සේවා සඳහා දැන් සම්පූර්ණ ඉලක්ක කර ඇති අතර එහි සතිපතා රාත්‍රී ගුවන් විදුලි සේවාව විකාශය නොවනු ඇත.
SBS Radio Service Review
Source: SBS Sinhala

සිංහල ප්‍රජාවේ කැපී පෙනෙන වර්ධනය සමග SBS සිංහල වැඩසටහන නව මාවතකට

පසුගිය වසර 5 තුළ ඔස්ට්‍රේලියාවේ වාසය කරන සිංහල භාෂාව කතා කරන ප්‍රජාවේ කැපී පෙනෙන වර්ධනයක් සිදුව තිබේ.

පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව තුළ සිදු කළ නවතම ජන හා නිවාස සංගණනයට අනුව නිවසේදී සිංහල භාෂාව කතා කරන සංඛ්‍යාව 64,612 ක් ලෙස වාර්තා විය.

2011 වසරේ සිදු කළ සංගණනයේදී එම අගය වාර්තා වුයේ 48,195 ලෙසිනි.

ඒ අනුව 2016 වන විට ඔස්ට්‍රේලියාවේ වාසය කරන සිංහල භාෂාව කතා කරන ප්‍රජාව 34% කින් පමණ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව නවතම සංගණන දත්ත අනාවරණය කරයි.
මෙම ප්‍රතිපලත් සමග, SBS ගුවන් විදුලිය ඔස්ට්‍රේලියාව තුළ වෙසෙන සිංහල භාෂාව කතා කරන ප්‍රජාව සඳහා වැඩිදුර ආයෝජන සිදු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 - 12 දක්වා සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දැනට විකාශනය වන SBS සිංහල වැඩසටහනට අමතරව සමාජ ජාලා සහ වෙබ් අඩවි වැඩි ඩිජිටල් මාධ්‍ය තුලින්ද, දැනට පවත්වාගෙන යන ආකාරයට වඩා වෙනස් අයුරින් ශ්‍රාවක පිරිස් වෙත වඩාත් සමීප වීම සඳහා ඉදිරියේදී ක්‍රියා කරනු ඇත.
ඒ සඳහා නව තනතුරු මෙන්ම, SBS සිංහල ඩිජිටල් මාධ්‍ය සඳහා තව තවත් කැපවීමට අමතර කාල වේලාවන්ද SBS සිංහල වැඩසටහන වෙත ලැබී තිබේ.

මේ හේතුවෙන් ඉදිරියේදී SBS සිංහල වෙබ් අඩවිය සහ SBS සිංහල Facebook පිටුව හරහා වැඩි වශයෙන් ඔබට ඔස්ට්‍රේලියාවේ, ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා වැදගත් සහ උණුසුම් තොරතුරු මෙන්ම ශ්‍රී ලාංකේය ප්‍රජාවට වැදගත් වන තොරතුරු ඔබ වෙත සමීප වනු ඇත.
SBS Radio Service Review
Source: SBS

ඔස්ට්‍රේලියාවේ ශීග්‍ර වෙනසට SBS ගුවන් විදුලිය හැඩ ගැසෙයි.

ඔස්ට්‍රේලියාව ශීග්‍රයෙන් වෙනස් වන අතර ඊට සරිලන ලෙස SBS ගුවන් විදුලියේ සේවාවන් වෙනස් කිරීම ඇත්තෙන්ම අභියෝගාත්මක දෙයක් බව SBS හි ශ්‍රව්‍ය සහ භාෂා අන්තර්ගතයන් පිළිබඳ අධ්‍යක්ෂ Mandi Wicks පැවසුවාය.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ප්‍රජා කණ්ඩායම් වලට සරිලන පරිදි SBS සේවාවන් සැපයීම වැදගත් ක්‍රියාවක් බව FECCA සංවිධානයේ සභාපති  Joe Caputo පැවසීය.

ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතිකත්වය දිනෙන් දින වෙනස් වන බැවින් මෙවැනි සමාලෝචනයන් සිදු කිරීම ඉතා වැදගත් බවද ඔහු පෙන්වා දෙයි.

තවත් වෙනස්කම්.

SBS ගුවන් විදුලිය තුළ ඇතැම් භාෂවන්ගේ ගුවන් විදුලි වැඩසටහන් සඳහා වෙන් කර තිබූ ගුවන් කාලවලද වෙනස්කම් කිහිපයක් සිදු කර තිබේ.

ඒ අනුව තුර්කි සහ ක්‍රොයේෂියා වැඩසටහන් වල මෙතෙක් සතියකට පැවති පැය 5 ක වැඩසටහන් පැය 4 දක්වා අඩු කර ඇති අතර ජර්මානු වැඩසටහනද පැය 7 සිට පැය 5 දක්වා අඩු කර තිබේ.

මීට අමතරව හංගේරියානු, බොස්නියානු සහ අල්බේනියානු වැඩසටහන් ද සතියකට එකක් දක්වා අඩු කර තිබේ.

එමෙන්ම, Dari, Dinka, Khmer, Maltese, Nepali, Pashto සහ Tigrinya යන වැඩසහන් වල විකාශන වෙලාව ද වෙනස් කර ඇත.

සෑම පස් වසරකට වරක්ම ඔස්ට්‍රේලියාවේ නවතම සංගණන දත්ත සමග SBS සේවාව නිරතුරුවම සමාලෝචනය කර යාවත්කාලීන කිරීමට කැපවී සිටින බවද SBS හි ශ්‍රව්‍ය සහ භාෂා අන්තර්ගතයන් පිළිබඳ අධ්‍යක්ෂ Mandi Wicks පැවසුවාය.
SBS Radio Service Review
Source: Flickr

නව වෙනස්කම් ආරම්භය

වැඩිම භාෂා සංඛ්‍යාවකින් ලෝකයේ දැනට ක්‍රියාත්මක වන එකම මහජන ගුවන් විදුලිය ලෙස SBS ගුවන් විදුලිය නම් දරා සිටින අතර මේ වන විට භාෂා 68 කින් SBS ගුවන් විදුලිය වැඩසටහන් විකාශය කරයි.

මේ සියලු වෙනස්කම් එළඹෙන නොවැම්බර් 20 වන දින සිට ක්‍රියාත්මක කිරීමට SBS ගුවන් විදුලිය තීරණය කර තිබේ.

---------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

---------------------------------------------------------------------------------------------

Share
Published 24 September 2017 11:16pm
Updated 12 August 2022 3:53pm
By Hannah Sinclair, Madhura Seneviratne
Source: SBS Radio


Share this with family and friends