ඔස්ට්‍රේලියාව තුළ සිංහල භාෂාව කතා කරන්නන් ගේ ව්‍යාප්තිය කෙබඳුද? (SBS සිංහල/වාර්තා)

2016 සංගණන දත්ත වලට අනුව නිවසේදී සිංහල භාෂාව කතා කරන වැඩිම සංඛ්‍යාවක් වාසය කරනුයේ වික්ටෝරියා ප්‍රාන්තයේ වන අතර එම අගය 37,423 කි.

Census 2016

Source: SBS

පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව තුළ සිදු කළ නවතම ජන හා නිවාස සංගණනයට අනුව නිවසේදී සිංහල භාෂාව කතා කරන සංඛ්‍යාව 64,612 ක් ලෙස වාර්තා වේ.

2011 වසරේ සිදු කළ සංගණනයේදී එම අගය වාර්තා වුයේ 48,195 ලෙසිනි.

2016 සංගණන දත්ත වලට අනුව නිවසේදී සිංහල භාෂාව කතා කරන වැඩිම සංඛ්‍යාවක් වාසය කරනුයේ වික්ටෝරියා ප්‍රාන්තයේ වන අතර එම අගය 37,423 කි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය එම ලයිස්තුවේ දෙවැනි තැනට පත්ව ඇති අතර 11,234 දෙනෙකු නිවසේදී සිංහල භාෂාව කතා කරන බවට සඳහන්.

ක්වීන්ස්ලන්තයේ 5,907 ක්ද බටහිර ඔස්ට්‍රේලියාවේ 4,939 ක්ද දකුණු ඔස්ට්‍රේලියාවේ 2,640 ක්ද ඔස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරි හි 1,721 ක්ද නොදර්න් ටෙරිටරි හි 527 ක්ද ටස්මේනියාවේ 222 ක්ද ලෙසින් එම අගය වාර්තා වේ.

සමස්ත ඔස්ට්‍රේලියාවේ චිත්‍රය.

භාෂා විවිධත්වය අතින් ඔස්ට්‍රේලියාවේ ඉහළම නගරය ලෙස හැඳින්වෙන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Regents Park නගරයයි.

සිඩ්නි නගර මධ්‍යයේ සිට කිලෝ මීටර් 10 ක් පමණ දුරින් පිහිටි Regents Park භාෂා 5 ක කණ්ඩායම් හට සෙවණ සලසයි.

ඔස්ට්‍රේලියාව තුළ නිවසේදී ඉංග්‍රීසි භාෂාව කතා කරන ප්‍රතිශතය මුළු ජනගහනයෙන් 73% ක් වන අතර මැන්ඩරින් භාෂාව කතා කරන ප්‍රතිශතය මුළු ජනගහනයෙන් 2.5% ක් ලෙස වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ මුළු ජනගහනයෙන් අරාබි භාෂාව 1.4% ක්ද කැන්ටොනීස් භාෂාව 1.2% ක්ද වියට්නාම භාෂාව 1.2% ක්ද නිවසේදී කතා කරන බවට නවතම සංගණන දත්ත වාර්තා කරයි.

නමුත් Regents Park හි තත්ත්වය ඊට වඩා වෙනස්ය.

නිවසේදී ඉංග්‍රීසි භාෂාව කතා කරනුයේ 26% ක් වන අතර අරාබි 13%, කැන්ටොනීස් 10%, මැන්ඩරින් 9% සහ වියට්නාම භාෂාව 7% ක් නිවසේදී කතා කරන බව සඳහන්.

සිඩ්නි හි Narwee-Beverly Hills, Bexley සහ Kingsgrove (South)-Bardwell Park යනු එවැනි වූ විවිධත්වයක් උසුලන තවත් ප්‍රදේශ ත්‍රිත්වයකි.

Bulleen, Templestowe, Lalor, Thomastown සහ Springvale යනු මෙල්බන් ආශ්‍රිතව ඇති එවැනි නගර කිහිපයකි.

බ්‍රිස්බන් හි Runcorn ද එවැනි නගරයකි.

ඔස්ට්‍රේලියාව පුරා සිංහල භාෂාව කතා කරනු ලබන පුද්ගලයන්ගේ ව්‍යාප්තිය.

ලිංග භේදය සහ වයස අනුව

නිවසේදී සිංහල භාෂාව වැඩිපුරම කතා කරන පිරිමි වයස් ඛාණ්ඩය 35-39(12.3%). වන අතර කාන්තා වයස් ඛාණ්ඩය 30-34(12.5%) වේ.
Census 2016
Source: SBS

ආගම

ඔස්ට්‍රේලියාව තුළ නිවසේදී සිංහල භාෂාව කතා කරන පුද්ගලයන්ගෙන් බහුතරයකගේම ආගම බුද්ධාගම වන අතර එය ප්‍රතිශතයක් ලෙස 75.3% කි.
Census 2016
Source: SBS

ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය

ඔස්ට්‍රේලියාව තුළ නිවසේදී සිංහල භාෂාව කතා කරන පුද්ගලයන්ගෙන් 66.5% කගේම ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය ඉතා හොඳ මට්ටමක තිබෙන අතර 0.8% ක ප්‍රතිශතයක් ඉංග්‍රීසි කිසිසේත්ම කතා නොකරන බවට වාර්තා වේ.
Census 2016
Source: SBS

උපත ලැබු රට

ඔස්ට්‍රේලියාව තුළ නිවසේදී සිංහල භාෂාව කතා කරන පුද්ගලයන්ගෙන් 85.2% ක ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති අතර 12.5% ක් ඔස්ට්‍රේලියාවේ උපත ලබා ඇති බව වාර්තා වේ.
Census 2016
Source: SBS

පාසල් අධ්‍යාපනය

ඔස්ට්‍රේලියාව තුළ නිවසේදී සිංහල භාෂාව කතා කරන පුද්ගලයන්ගෙන් 12 ශ්‍රේණිය හා සම මට්ටමේ අධ්‍යාපනික සුදුසුකම් ඇති ප්‍රතිශතය 90.3% ක් වන අතර එය ඔස්ට්‍රේලියාවේ සමස්ත ප්‍රතිශතය වන 56.8% ට වඩා බොහෝ සෙයින් වැඩිය.
Census 2016
Source: SBS


 

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

 


Share
Published 9 July 2017 11:03pm
Updated 10 July 2017 1:44pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends