සාමාන්‍ය උණ සෙම්පතිශ්‍යාව මාරාන්තික විය හැක්කේ කෙසේද?

Sad woman with tissue and medicines lying on bed

Sad woman with tissue and medicines lying on bed Source: AAP

(ABC වෙබ් අඩවියේ පලවූ ලිපියක් ඇසුරෙන්)

 මේ වසර තුලදී ඕස්ට්‍රේලියාව  තුල උන  සෙම්පතිශ්‍යා රෝග අසාධනය වීමේ සිද්ධීන් 160,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සදහන්. මේ අතරින් සමහරක් සිද්ධීන් මාරාන්තික සිද්ධීන් බව වැඩි දුරටත් වාර්තා වෙයි. පුද්ගලයින් 12 දෙනෙකුට ආසන්න  සංඛ්‍යාවක් පසු ගිය මාස කීපය තුල ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වයන් හේතුවෙන් ජිවිතක්ෂයට පත් වූ බව වාර්තා වූ අතර, වයස අවුරුදු 8 ක දරුවෙකුද මෙම පිරිසට ඇතුලත් වීම කණගාටුදායක කරුණක්. තවද වික්ටෝරියානු ප්‍රාන්තයේ වයස අවුරුදු 33ක ගැබිණි කාන්තාවක්  ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වයක් හේතුවෙන් කෝමා තත්වයේ සිටින බවට පසුගියදා වාර්තා පල වූ අතර, උන  සෙම්පතිශ්‍යා රෝග සදහා ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාදීමේදී මීට  වඩා  කාර්යක්ෂම විය යුතු බව මේ සමගින් කතා බහට ලක් වී තිබේ.

සාමාන්‍ය උණ සෙම්පතිශ්‍යා රෝග තත්වයන්ගෙන් මෙම මාරාන්තික රෝග තත්වයන් වෙනස් වන්නේ කෙසේද?

සාමාන්‍ය උණ සෙම්පතිශ්‍යා රෝග තත්වයන්ගෙන් මෙම මාරාන්තික රෝග තත්වයන් වෙනස් වන්නේ කෙසේද , යන්න සාමාන්‍ය ජනතාවට පවතින ගැටළුවක්. සාමාන්‍ය උණ  සෙම්පතිශ්‍යා රෝගී තත්වයන්ට හේතුවන   වෛරස් ප්‍රභේද 200ක් පමණ පවතින බව සදහන්. ශීත කාලයේදී මෙම  වෛරස් ප්‍රභේධ වල කාර්යක්ෂම තාවය වැඩි වී ඒවා  කන්, නාසය, උගුර සහ අස්ථි වලට වැඩි වශයෙන් අහිතකර බලපෑම් කල හැකි බව සදහන්.

 ඉහල ස්වශන පද්ධතියට මෙලෙස බලපෑම් කරන වෛරස්  අතර ප්‍රමුඛ පෙලේ වෛරසයක් ලෙස Rhinovirus නම් වෛරසය හදුන්වා  දිය හැකියි. පිළිකා  රෝගීන්ට, bone marrow transplant සදහා මුහුණ දුන් අයට  සහ ඇදුම වැනි රෝගී තත්වයන්ගෙන් පෙලෙන අයට  මෙම  වෛරසය අසාධනය වුවහොත් ඇති වන ප්‍රථිපල මාරාන්තික විය හැකි බව වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන කාරණයක්. විශේෂයෙන් පිළිකා රෝගීන් සදහා ලබාදෙන ඖෂධ මගින් ප්‍රතිශක්තිකරණ ශක්තිය අඩුවන නිසා පිලිකා  වැනි රෝග වලට ගොදුරු වූ අය  මෙහිදී වැඩි අවධානමකට මුහුණ දෙන බව සදහන්.

 ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් හට ගන්නා  රෝගී තත්වයන් එකිනෙකට වෙනස් විය හැකි බව වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන තවත් වැදගත් කාරණයක්.

තවද යම් හෙයකින් ස්වශන පද්ධතිය බැක්ටීරියා අසධනයකට ලක් වී ඇත්නම් එමගින් ස්වශන පද්ධතියේ සෛල වලට හානි සිදු වීමෙන් ඉතා අහිතකර ප්‍රථිපල අත්විය හැකි බව සදහන්. 1918 වසරේ ස්පාඤ්ඤයෙන් වාර්තා වූ උණා  සෙම්පතිශ්‍යා වසංගතයෙන් මිලියන 100ක් පමණ ජිවිතක්ෂයට පත් වී ඇති අතර ද්විතියික බැක්ටීරියා ආසාධන  ඊට හේතු වී තිබේ.

සාමාන්‍යය උණ  සෙම්පතිශ්‍යා රෝගී තත්වයන් හේතුවෙන් මෙලෙස ස්වශන පද්ධතිය ආශ්‍රිත ආසාදන  ඇති විය හැකි බවත්, එක්  එක්  පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ හැකියාව මත අදාල රෝග තත්වයන්ට ගොදුරු වීමේ අවධානම වෙනස් විය හැකි බවත් වෛද්‍ය මතය වී තිබේ. තවද මෙම උණ  සෙම්පතිශ්‍යා රෝගී තත්වයන් තවත් රෝග ගණනාවක් සමග සම්බන්ද කරනයක් බවට පත්වීමට ඉඩ ඇති බවත් වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.


Share
Published 22 September 2017 12:12pm
Updated 22 September 2017 12:23pm


Share this with family and friends