2017 SBS ජාතික භාෂා තරගයට දැන් ඔබේ දරුවාටත් සහභාගී විය හැකියි. (SBS සිංහල/වාර්තා)

2016 වසරේ පැවැත්වූ SBS ජාතික භාෂා තරගයට ඔස්ට්‍රේලියාව පුරා විසිරී සිටි වයස් අවුරුදු 4 -18 අතර ළමුන් 20,000 ක් පමණ සහභාගී විය. පසුගිය වසරේ සාර්ථකව අවසන් වූ එම තරගය මේ වසරේ දැන් වඩාත් විශාලව සහ පුළුල්ව ආරම්භ වී ඇත.

SBS National Languages Competition

Source: SBS

ඔබ ඔස්ට්‍රේලියාව තුළ ඉංග්‍රීසි භාෂාවට අමතරව වෙනත් භාෂාවක් ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක්ද ?

පිළිතුර “ඔව්” යන්න නම් ඔබට 2017 SBS ජාතික භාෂා තරගයට ඇතුල් විය හැකිය.

SBS ජාතික භාෂා තරගයට දැන් විවෘතව පවතී. ඒ සඳහා

1. SBS ජාතික භාෂා තරගය යනු කුමක්ද?

ඔස්ට්‍රේලියාව තුළ ඉංග්‍රීසි භාෂාවට අමතරව වෙනත් භාෂාවන් ඉගෙනගැනීම සඳහා ළමුන්ව දිරි ගැන්වීමට SBS ජාතික භාෂා තරගය සංවිධානය කර තිබේ.

මෙය ඔස්ට්‍රේලියාව පුරා පාසල් ළමුන් සම්බන්ධිත තරගයක් ලෙස පැවැත්වේ.

මෙමගින් ඔස්ට්‍රේලියාවේ ඇති සංස්කෘතික, භාෂාමය සහ ජන වාර්ගික විවිධත්වය පෙන්නුම් කරයි.

ඔස්ට්‍රේලියාව පුරා විසිරී සිටින වයස අවුරුදු 4 – 18 අතර ඉංග්‍රීසි භාෂාවට අමතරව වෙනත් භාෂාවක් හෝ භාෂාවන් ඉගෙන ගන්නා සියලුම සිසුන් හට SBS ජාතික භාෂා තරගයට ආරාධනා කරයි.

මේ සඳහා ඇතුල් වීමට නම් සෑම සිසුවෙකුම තත්පර 30 ක වීඩියෝවක් අප වෙත යොමු කළ යුතු වේ.

“භාෂාවක් ඉගෙනීමෙන් ඔබට අත්වන වාසි මොනවාද?” යන්න එම වීඩියෝවේ විස්තර කළ යුතු වේ.

එම වීඩියෝව ඉංග්‍රීසි භාෂාවට අමතරව වෙනත් ඕනෑම භාෂාවකින් ඉදිරිපත් කළ හැකි අතර වඩා නිර්මාණශීලී වූ තරමට ජයග්‍රහණය කිරීමට ඇති ඉඩකඩ ද වැඩි වේ.

2. මෙය ආරම්භ වන්නේ කවදාද?

2017 ජූලි 24 වන දින ආරම්භ වූ මෙය 2017 සැප්තැම්බර් මාසයේ 01 වන දින ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12 වන තුරු විවෘතව පවතී.

3. මේ සඳහා සුදුසු කවුරුන්ද?

ඔස්ට්‍රේලියාව පුරා විසිරී සිටින වයස අවුරුදු 4 – 18 අතර ඉංග්‍රීසි භාෂාවට අමතරව වෙනත් භාෂාවක් හෝ භාෂාවන් ඉගෙන ගන්නා සියලුම සිසුන් හට SBS ජාතික භාෂා තරගයට ඇතුල්වීමට හැකියාව පවතී.

ඇතුළ්වන ළමුන් ඛාණ්ඩ 4 කට බෙදා ඇත.

  • Category A: Junior Primary (වයස අවුරුදු 4 – 7)
  • Category B: Primary (වයස අවුරුදු 8 – 12)
  • Category C: Junior High School (වයස අවුරුදු 13 – 15)
  • Category D: Senior High School (වයස අවුරුදු 16 – 18)
භාෂාවන් උගන්වන සියලුම අධ්‍යාපනික ආයතන මේ සඳහා අනුමත කෙරේ.

4. ජයග්‍රාහකයින් හට හිමිවන්නේ මොනවාද?

සැම ඛාණ්ඩයකම ප්‍රථම ස්ථානාය ලබා ගන්නා ජයග්‍රාහකයා හට විශාල ත්‍යාගය බැගින් ලබා දීමට කටයුතු යොදා ඇත.

අඟල් 12.9 ක 256GB ක මතක ධාරිතාවක් ඇති iPad Pro එකක් අදාළ ජයග්‍රාහකයාට සහ ඔහුගේ/ඇයගේ පාසලට හිමි වේ.

සිඩ්නි නුවර පිහිටි Luna Park හි විනොදවන්න දෙදෙනකු හට පූර්ණ අවසර පත් දෙකක්.

2017 ඔක්තෝබර් මාසයේ සිඩ්නි නුවර පිහිටි SBS මූලස්ථානයේ පැවැත්වෙන 2017 SBS ජාතික භාෂා තරගයේ සම්මාන ප්‍රදානෝත්සවයට සියලුම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හට ආරාධනා කෙරේ.

මෙම තරගයෙන් ජයගන්නා කිසියම් ජයග්‍රාහකයෙක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පිටත වාසය කරයි නම් ඔහුට හෝ ඇයට සහ එක් භාරකරුවෙකුට යාමට සහ ඒමට නොමිලයේ ගුවන් ටිකට් පත් ලබා දේ.

ඒ සඳහා සිඩ්නි නුවර එක් රාත්‍රියක් ගත කිරීමට අවශ්‍ය නවාතැන් පහසුකම්ද ඇතුළත් වෙයි.

5. ජයග්‍රාහකයින් නිවේදනය කරන්නේ කවදාද?

SBS ජාතික භාෂා තරගයේ අදාළ ඛාණ්ඩ හතරෙන් ජයග්‍රාහකයින් සිව්දෙනෙකු තෝරා ගැනීමට නියමිත අතර 2017 සැප්තැම්බර් මාසය තුළ ජයග්‍රාහකයින් හට ඒ බව දුරකථන හෝ විද්‍යුත් ලිපින මාර්ගයෙන් දැනුම් දෙනු ලැබේ.

6. පාසල් සඳහා සම්පත්.

SBS ජාතික භාෂා තරගය සාර්ථක කරගැනීම උදෙසා අපට ඔබගේ නොමද සහය අත්‍යවශය වේ.

මෙම තරගය ව්‍යාප්ත කිරීම සඳහා පහත සඳහන් සම්පත් අප සතුව ඇත.

  • - පාසලේ දැන්වීම් පුවරුවේ ඇලවීම සඳහා  A3 ප්‍රමාණයේ පහසුවෙන් මුද්‍රණය කළ හැකි පෝස්ටර්.
  • මේ සඳහා සහභාගී වීමට පාසල් මට්ටමින් උනන්දු කිරීම.
  • - ගුරුවරුන්, දෙමාපියන් සහ භාරකරුවන් උදෙසා SBS ජාතික භාෂා තරගය පිළිබඳ වැඩි විස්තර A4 ප්‍රමාණයෙන් පැමිණෙන මෙම අත්පත්‍රිකා වල ඇත.
  • - ගුරුවරුන්, දෙමාපියන් සහ භාරකරුවන් සඳහා.
SBS ජාතික භාෂා තරගය පිළිබඳ ප්‍රචාරයක් ලබා දිය හැකි newsletter එකක් ඔබේ පාසලේ තිබෙනවාද?

එසේනම්, ඒ සඳහා අවශ්‍ය ලිඛිත පත්‍රිකා සහ ඡායාරූප සැපයීමට අපට හැකිය.

7. ප්‍රධාන ඇමතුම්.

තාක්ෂණික ගැටළු සහ සාමාන්‍ය ගැටළු සඳහා හරහා අප වෙත ඊ මේල් කරන්න.

මාධ්‍ය විමසීම් සඳහා ඊ මේල් ලිපිනය අමතන්න.

SBS ජාතික භාෂා තරගය පිළිබඳ නවතම තොරතුරු සහ ගැටළු නිරාකරණය කරගැනීමට ඔබට සම්බන්ධ විය හැකිය.

----------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------

Share
Published 29 July 2017 1:59am
Updated 29 July 2017 2:02am
By Madhura Seneviratne
Source: SBS Radio


Share this with family and friends