ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය සහ ක්‍රීඩකයින් අතර අර්බුධය විසදීමට ස්වාධීන බෙරුම්කරුවෙක් සදහා යෝජනාවක් (SBSසිංහල / වාර්තා )

The Australian ICC Champions team

England have ended Australia's Champions Trophy campaign in ruthless fashion with a 40-run win. (AAP) Source: Press Association

(ABC වෙබ් අඩවියට Stephanie Chalkley-Rhoden ඉදිරිපත් කල ලිපියක් ඇසුරෙන් )

 

ක්‍රිකට් ඕස්ට්‍රේලියා  ආයතනය විසින් ඉදිරිපත් කර ඇති නව ක්‍රීඩක ගිවිසුම් සදහා ක්‍රීඩකයින් එකග නොවීම හේතුවෙන් මතුව තිබෙන අර්බුධ කාරී වාතාවරණය දීර්ඝ කාලයක් තිස්සේ විසදා ගැනීමට නොහැකි වී ඇති නිසා ස්වාධින බේරුම්කරුවෙකු මගින් ගැටලුව විසදා ගැනීමට ක්‍රිකට් ඕස්ට්‍රේලියා  ආයතනයේ අවධානය යොමුව තිබේ.

 

ඉදිරි දින කීපය තුලදී ගැටලුව විසදා ගැනීමට හැකි වනු ඇතැයි  තමන් විශ්වාශ කරන බවත්, අවශ්‍ය වුවහොත් ස්වාධීන  බේරුම්කරුවෙකුගේ  සහාය  ලබාගෙන වුවද ගැටලුව විසදා ගැනීමට බලාපොරොත්තු වන බව ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනයේ ප්‍රධාන විධායක James Sutherland මහතා පවසයි. දීර්ඝ කාලයක් තිස්සේ පවතින මෙම අර්බුධය සමතයකට පත් කොට එකගතාවයකට එලබීමට කාලය එළඹ ඇතැයි  ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

 

 

නව යෝජිත ගිවිසුම තුල මුල්‍යමය විනිවිද භාවය නොමැති බවත් අදාල ගැටලුව තුන්වැනි පාර්ශවයක සහාය  ඇතිව විසදා ගැනීමට තමන් කැමති බවත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය සදහන් කරයි. තුන්වැනි පාර්ශවයක් මගින් ගැටලුව විසදා ගැනීමට තමන් මාස  තුනකට පෙර යෝජනා කල බවත් ඔවුන් වැඩි දුරටත් සදහන් කරයි.

 

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් අතර මෙතෙක් පැවති  ගිවිසුම ජුලි 1දා දක්වා බලාත්මක වූ අතර, මේ වන විට දෙපාර්ශවය අතර ගිවිසුමක් නොමැති නිසා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 230කට ආසන්න  සංඛ්‍යාවක් ගිවිසුම් රහිත තත්වයට පත්ව තිබේ.

 

මෙම අර්බුධකාරී තත්වය හේතුවෙන් එළබෙන අගෝස්තු මස අග පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ සංචාරයද අස්ථිර තත්වයකට පත්ව තිබේ. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය පවසන්නේ නොවැම්බර් මස පැවැත්වෙන අලුබදුන තරග සංචාරයට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයද අස්ථිර තත්වයක පවතින බවයි. මෙම අර්බුධය හේතුවෙන් පසුගියදා ඕස්ට්‍රේලියානු A කණ්ඩායමේ ක්‍රීඩකයින් දකුණු අප්‍රිකානු සංචාරය වර්ජනය කිරීමට තීරණය කල අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ උප නායක David Warner සමාජ වෙබ් අඩවි ඔස්සේ ඒ පිලිබදව ක්‍රිකට් ඕස්ට්‍රේලියා  ආයතනයට චෝදනා එල්ල කර තිබිණි.

 

 

ක්‍රිකට් ක්‍රීඩාවේ මුලික මට්ටම සංවර්ධනය සදහා ඩොලර් මිලියන 30ක් යෙදවිය යුතු බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, එහි සැගවුණු අයහපත් කාරණා  ඇති බව ක්‍රිකට් ඕස්ට්‍රේලියා ප්‍රධාන විධායක James Sutherland මහතා පවසයි. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ මුලික මට්ටම සංවර්ධනය සදහා වඩා ක්‍රමවත් සැලසුමක් තමන් විසින් ඉදිරිපත් කල යෝජනාවට ඇතුලත් බව Sutherland මහතා වැඩි දුරටත් සදහන් කරයි.

 

මෙම අර්බුධය මෙසේ ක්‍රියාත්මක වුවත් ක්‍රීඩකයින් සුපුරුදු පරිදි පුහුණුවීම් කටයුතු වල නිරත වන අතර එළබෙන සතියේ ඩාවින් හිදී පැවැත්වෙන විශේෂ පුහුණු සැසියටද ක්‍රීඩකයින් සහභාගී වීමට නියමිත බව සදහන්.


Share
Published 28 July 2017 1:09pm
Updated 28 July 2017 1:30pm
By Sanjaya Dissanayake


Share this with family and friends