ලන්ඩන් ප්‍රහාරයෙන් පසුව ඔස්ට්‍රේලියාවෙන් මුස්ලිම් ආගම තහනම් කරන ලෙස Pauline Hanson නැවතත් ඉල්ලයි. (SBS සිංහල/වාර්තා)

“මට මගේම hash tag එකක් තියෙනවා. අර නගරයට යැදීම මේ නගරයට යැදීම ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. මුස්ලිම් ආගම තහනම් කරන්න. ඊට පස්සේ මෙහෙ තියෙන ගැටළු ගැන බේරගනිමු.” One Nation පක්ෂයේ නායිකා Pauline Hanson වැඩි දුරටත් පැවසුවාය.

'Put a ban on it': Pauline Hanson

Source: SBS

බදාදා රාත්‍රියේ (22/03) ලන්ඩන් නුවර සිදුවූ IS ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ලන්ඩන් නුවර නගරාධිපති Sadiq Khan ගේ ප්‍රකාශය පිළිබඳ One Nation පක්ෂයේ නායිකා Pauline Hanson තම අසතුට පළ කර තිබේ.

මෙම ත්‍රස්තවාදී ගැටළුව විසඳීමට ඔස්ට්‍රේලියාවේ මුස්ලිම් ආගම තහනම් කළ යුතු බව ඇය පවසයි.

ලන්ඩන් නගරාධිපතිගේ 'Oh well terrorist attacks are part and parcel of a big city' යන ප්‍රකාශයෙන් තමන් වික්ෂිප්ත වූ බවත් ඇය පවසයි.

එම මිනිසුන් කෙරෙහි ජනතාව තම කණගාටුව පළ කර සිටි අතර #PrayforLondon නමින් පණිවිඩ ද තමන් දුටු බව ඇය පෙන්වා දෙයි.

“මට මගේම hash tag එකක් තියෙනවා. අර නගරයට යැදීම මේ නගරයට යැදීම ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. මුස්ලිම් ආගම තහනම් කරන්න. ඊට පස්සේ මෙහෙ තියෙන ගැටළු ගැන බේරගනිමු.” One Nation පක්ෂයේ නායිකා Pauline Hanson වැඩි දුරටත් පැවසුවාය.

Pauline Hanson මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ සමාජ ජාල හරහා වීඩියෝ පටයක් නිකුත් කිරීම මගිනි.

එහිදී ඇය කොළ කැබැල්ලක් අල්ලාගෙන සිටින අතර “#Pray4MuslimBan” යනුවෙන් එහි සඳහන් වී තිබේ.

කැන්බරා පාර්ලිමේන්තු සංකීර්ණය සම්බන්ධව මෑතකදී නිවේදනය කළ නව ආරක්ෂක වැඩ පිළිවෙල ඉලක්ක කරගනිමින් සහ ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි අංශ සංවිධානය සහ ෆෙඩරල් පොලීසියට ඇය ප්‍රශංසා කළ බව වාර්තා වේ.

නමුත් ඔවුන්ට සෑම කෙනෙක් පිළිබඳවම ඇහැ ගසා ගෙන ඉන්නට අපහසුය.

“අපි සුරක්ෂිතයි. ඔබට කොහොමද?” ඇය පැවසුවාය.

මෙම ක්‍රියාව සිදු කිරීමට තමන්ට සහය වන ලෙසත් ඒ දෙස යථාර්තවාදීව බලන ලෙසත්  ඇය ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු සභිකයින්ගේ ඉලා සිටියි.

“මෙම ගැටලුව පිළිබඳ විවාදයකට එළඹිය යුතුයි. මෙම ආගම ඔස්ට්‍රේලියාවට අවශ්‍ය නැහැ.” One Nation පක්ෂයේ නායිකා Pauline Hanson පැවසුවාය.

Pauline Hanson ගේ ට්විටර් පණිවිඩයට ලැබුණු ප්‍රතිචාර

Pauline Hanson ගේ මුස්ලිම් ආගම තහනම් කිරීම සම්බන්ධ ට්විටර් පණිවිඩයට ඇතැම් ට්විටර් ගිණුම් හිමියන් ප්‍රතිචාර දක්වා ඇති අතර ඔවුන් විවිධාකාරයේ හෑෂ් ටැග් යොදා Pauline Hanson වෙත ප්‍රතිචාර දක්වන්නට විය.

“This woman & her views do not represent me!      ” යනුවෙන් ට්විටර් ගිණුම් හිමි Sarah Cowley පිළිතුරු දී ඇත.

මේ අතර ලන්ඩන් නුවර සිදුවීමෙන් පසුව ග්‍රීසිය, ඉන්දියාව සහ අප්‍රිකාව යන රටවල් අතර ඇති රටවල් සඳහා ඔස්ට්‍රේලියානු වීසා අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප කළ යුතු බව ස්වාධීන පාර්ලිමෙන්තු මන්ත්‍රී Bob Katter යළිත් අවධාරණය කරයි.

Share
Published 24 March 2017 1:15am
Updated 24 March 2017 1:17am
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends