එක්සත්, ශක්තිමත් සහ සාර්ථක ඔස්ට්‍රේලියාවක් සඳහා බහු සංස්කෘතිකත්වය පිළිබඳ රජයේ නිල ප්‍රකාශනය එළි දකියි. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාව අර්ථ දක්වන්නේ ජාතියකින්, ආගමකින් හෝ සංස්කෘතියකින් නොව නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී, නීතියට අනුව යන සහ සමාන අවස්ථා යන වටිනාකම් මත බව මෙම ප්‍රකාශනයේ පෙර වදනෙහි අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පවසා ඇත.

PM releases statement on multiculturalism

Source: SBS

“කිසිම කෙනෙකුට කන්නාඩියෙන් බලලා ඔස්ට්‍රේලියානුවන් මේ වගේ කියලා කියන්න බැහැ. ඔස්ට්‍රේලියානුවන්ට සෑම මුහුණක්ම තිබෙනවා. ඔවුන් සෑම ජාතියකටම අයත්. සෑම සමාජ පසුබිමකටම අයත්.” ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතිකත්වය පිළිබඳ රජයේ නිල ප්‍රකාශනය ඊයේ (20/03) එළිදක්වමින් ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් එසේ පැවසීය.

Releasing Multicultural Australia: United, Strong, Successful” නමැති මෙම ප්‍රකාශනය ඔස්ට්‍රේලියාවේ සංස්කෘතික විවිධත්වයට තවත් ධනාත්මක පැතිකඩක් එක් කරන බව අගමැති ටර්න්බුල් වැඩි දුරටත් පැවසීය.

“අප වර්තමානයේ ජීවත් වන්නේ අසහනයෙන් පෙළෙන හා එකමුතුකමක් නොමැති ලෝකයක. ඔස්ට්‍රේලියාව කියන්නේ ඊට ප්‍රතිවිරුද්ධ රටක්.” අගමැතිවරයා තවදුරටත් පැහැදිලි කළේය.

බහු සංස්කෘතිකත්වය පිළිබඳ ලිබරල් සන්ධාන රජයේ පළමු නිල ප්‍රකාශනය ද මෙය ලෙස හැඳින්වේ.

ඔස්ට්‍රේලියාව අර්ථ දක්වන්නේ ජාතියකින්, ආගමකින් හෝ සංස්කෘතියකින් නොව නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී, නීතියට අනුව යන සහ සමාන අවස්ථා යන වටිනාකම් මත බව මෙම ප්‍රකාශනයේ පෙර වදනෙහි අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පවසා ඇත.

සංක්‍රමණිකයින් හට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම අතිශය අවශ්‍ය අංගයක් වන නමුත් එය ඔස්ට්‍රේලියාවේ ඇති සංස්කෘතික විවිධත්වය විදහා පායි.

1945 වසරේ පටන් මේ දක්වා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ පිරිස මිලියන 7.5 කටත් වඩා අධික බව අගමැතිවරයා එම එළිදැක්වීමේදී කියා සිටියේය.

“අතිවිශේෂ ව්‍යාපෘති සඳහා ඔවුන්ගේ අනන්‍යතාව ඔවුන් එක් කර තිබෙනවා. නූතන ඔස්ට්‍රේලියාව එයයි.” ඔහු පැවසීය.

අන්‍යෝන්‍ය ගරු කිරීම සහ අපගේ ජාතිය ආරක්ෂා කිරීමට ඇති තිරසාර අධිෂ්ඨානය සෑම ඔස්ට්‍රේලියානුවෙක්ම එකට එක් කර තැබීමේ යදම බව ද ඔහු සඳහන් කළේය.

ඔස්ට්‍රේලියාව තුළ වර්ණ වාදයට හෝ ජාතිය හෝ ආගම මත වෙනස් කම් කිරීමට කිසිදු ඉඩක් නොමැති බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

“ඇතැම් පිරිස් මේ රටේ නීති වලට තවමත් අවනත නැති බව අපට පේනවා. මෙවැනි ප්‍රකාශනයක් එළිදැක්වීමෙන් ඔස්ට්‍රේලියාවේ සාමය සහ සහජීවනය ශක්තිමත් ලෙස ඉදිරියට පවත්වාගෙන යාමට විශාල බලයක් ලැබෙනවා.” සමාජ සේවා සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය Zed Seselja පැවසීය.

මෙය ඇත්තෙන්ම විවිධ සංස්කෘතීන් සැමරීමක් බවත් ලොව කිසිදු රටක නොමැති එම අවස්තාව ඔස්ට්‍රේලියාවට ලැබී ඇති බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

ඔස්ට්‍රේලියාවේ ආර්ථික හා සමාජ උන්නතිය සඳහා සංක්‍රමණිකයින්ගේ දායකත්වය ඇගයීම මෙමගින් තහවුරු කෙරෙන බව The Migration Council Australia ආයතනය ද ප්‍රකශ කර ඇත.
One Nation want airport racial profiling
Source: AAP

ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොළ වල වර්ග වාදී වෙනස් කම් කිරීමට One Nation පක්ෂයෙන් යෝජනාවක්.

මේ අතර මැද පෙරදිග කලාපයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළ වලදී ආරක්ෂණ තිරගත කිරීමට One Nation පක්ෂයට අවශ්‍යව ඇත.

ඔස්ට්‍රේලියාවේ ගුවන් සේවා ආරක්ෂණ ක්ෂේත්‍රයේ පවතින නීති පද්ධතිය ශක්තිමත් කිරීම උදෙසා විවාදයක් ඊයේ (20/03) දිනයේදී සෙනට් සභාවේදී පැවැත්විණි.

මගී ප්‍රවාහන ගුවන් යානා වලට මෙන්ම ගුවන් තොටුපොළ කලාපයේ පිහිටි ඔවුන්ගේ වාහන වලටද ඇතුළත් වීමට අවසර ඇති ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය අහඹු ලෙස ආරක්ෂණ තිරගත කිරීමට හසු කළ යුතු බවට එහිදී සාකච්ඡා විය.

ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොළ වල සේවය කරන සේවකයින්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මුස්ලිම් වරුන් හෝ මෑතකදී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අය බව සෙනට් සභික Malcolm Roberts පැවසීය.

ආරක්ෂණ තිරගත කිරීම කිරීම වෙනුවට ඉහළ අවදනාමක් ඇති කණ්ඩායම් වල සාමාජිකයින් ලෙස පුද්ගලයින් ප්‍රමුඛතාවට ලක් කිරීම උදෙසා මෙම නීති පද්ධතිය වෙනස් කිරීමට ඔහු උත්සාහ ගත් නමුත් අසමත් විය.

රජය සහ විපක්ෂය යන දෙපාර්ශවයම මෙම වෙනස්කම් ප්‍රතික්ෂේප කළ බවද වාර්තා වේ.

Share
Published 21 March 2017 10:29am
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends