ඔස්ට්‍රේලියාවේ ජනවාරි 01 වන දින සිට වෙනස් වන බදු හා මුල්‍ය වැඩසටහන් ගැන ඔබ දැනුවත්ද? (SBS සිංහල/වාර්තා)

බරපතල ඇදුම රෝගයට බෙහෙතක් ලෙස උපයෝගී වන Mepolizumab, ඖෂධ ප්‍රතිලාභ වැඩසටහනට ඇතුළත් කිරීම.

Power bill, petrol price and pension changes to come into effect on January 1

Source: SBS

ලැබුවාවූ නව වසරත් සමග ඔස්ට්‍රේලියානුවන්ගේ පසුම්බියට බලාපාන බොහෝ දේ සිදුවන බව වාර්තා වේ.

ඊයේ (01/01) දිනයේ සිට ක්‍රියාත්මක වන නව දේපළ පරීක්ෂාවත් සමග ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමික වැටුප් වෙනස් වීම මහත් ආනදොල්නාත්මක කතා බහට ලක්වුණු කරුණකි.

ඊයේ සිට ඔස්ට්‍රේලියානුවන් 330,000 කට පමණ විශ්‍රාම වැටුප් කප්පාදුවක් සිදු වන අතර 90,000කට පමණ එය මුළුමනින්ම අහිමි වීමේ තත්ත්වයක්ද පවතින බව සඳහන්.

මේ අතර 170,000 පමණ විශ්‍රාමිකයන් හට සතියකට අමතර ඩොලර් 15ක් ලැබෙන බවද සඳහන්.

මීට අමතරව එදිනෙදා ජීවිතයේදී සාමාන්‍ය ජනතාව ගනුදෙනු කරන ඇතැම් ක්ෂේත්‍රවල මුල්‍යමය වෙනස් වීම් කිහිපයක් පිළිබඳවම අපට දැනගන්නට ලැබුණි.

එම වෙනස්කම් කෙටියෙන් පහත පරිදි වේ.

Backpacker බද්ධ

  • working holiday වීසා යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන Backpacker වරුන් හට තමන් උපයන මුල්ම ඩොලරයේ පටන් 15%ක ආදායම් බද්ධක් රජයට ගෙවීමට සිදුවේ.
  • එමෙන්ම ඔවුන් රටින් පිටව යාමේදී ඔවුන්ගේ superannuation මුදල් වලින් 65%ක් ගෙවීමටද සිදුවනු ඇත.

විශ්‍රාම වැටුප්

  • ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක කෙරෙන නව දේපළ පරීක්ෂාවත් සමග විශ්‍රාම වැටුප් ක්‍රමවේදයද වෙනස් වේ. ඒ අනුව ඩොලර් 375,000 කට අධික වටිනාකමක් යුත් දේපළ හිමි අයගේ විශ්‍රාම වැටුප් කප්පාදුවක් සිදු වන බවට තොරතුරු හෙළිවේ.

අධ්‍යාපනය

  • පැරණි VET FEE-HELP ප්‍රතිපාදන වැඩසටහන ප්‍රතිස්ථාපනය කරමින් VET ශිෂ්‍ය ණය වැඩසටහන ආරම්භ වේ. ඒ අනුව වෘත්තීමය පාඨමාලා මත ශිෂ්‍යන් හට ඩොලර් 5000, 10,000, සහ 15,000 යන ප්‍රමාණ වලින් ණය ලබාගත හැකිය.
  • සුළු පරිමාණ ව්‍යාපාර සඳහා සහය දැක්වීමට කාර්මික නිපුණතා ප්‍රතිපාදන ලබා දෙයි.
  • ප්‍රාදේශීය සහ දුෂ්කර පළාත් වල සිට සේවය කරන විට ලැබෙන තරුණ දීමනාව මාස 18 සිට 14 දක්වා කප්පාදු කර ඇත.
  • ආබාධිත සහිත සිසුන් හට අමතර ප්‍රතිපාදන වෙන් කිරීම.
  • විශ්ව විද්‍යාලවලට අදාළ පර්යේෂණ කණ්ඩායම් 6ක් වැඩසටහන් දෙකකට බෙදා දැක්වීම.

කෘෂිකර්මය

  • මස් සඳහා ඇති කරන සතුන් වන එළුවන්, බැටළුවන් වැනි සතුන් හට අය කරන බදු පර්යේෂණ හා සංවර්ධන කටයුතු සහ අලෙවිකිරීම යන ඛාණ්ඩ අනුව වෙනස් කිරීම.
  • පර්යේෂණ හා සංවර්ධන කටයුතු සහ Plant Health Australia සාමාජිකත්වය උදෙසා කිලෝවකට ඩොලර් 0.004 ක නව කොමඩු බද්ධක් අය කිරීම.

සෞඛ්‍ය

  • බරපතල ඇදුම රෝගයට බෙහෙතක් ලෙස උපයෝගී වන Mepolizumab, ඖෂධ ප්‍රතිලාභ වැඩසටහනට ඇතුළත් කිරීම.
  • විටමින් B1 ඌනතාව සඳහා ඖෂධයක් ලෙස භාවිත කරන Thiamine hydrochloride වල මිල ගණන් අඩු කිරීම.
  • ළමා දන්ත ප්‍රතිලාභ වැඩසටහනෙහි වෙනස්කම් ඇති කිරීම. ඒඅනුව වයස 2ත් 17ත් අතර දරුවන් සඳහා දන්ත සේවාවන් වසර දෙකක් යනතුරු ඩොලර් 700ක සීම්වකට යටත් කිරීම.
  • දුෂ්කර ඇබෝර්ජීනියානු සෞඛ්‍ය සේවාවන් සඳහාවූ ඖෂධ මිශ්‍රකිරීම් සිදුකරන ඖෂධවේදීන් හට ගෙවීම් වැඩි කිරීම.

ළමා සුරැකුම්

  • ළමයින් බලා ගැනීම සඳහා වන නැනී වරුන් හට සහනාධාර ලබාදීමේ පුහුණු වැඩසටහන නව අයදුම්පත් සඳහා වසා දැමීම.

සේවායෝජකත්වය

  • රැකියා සොයන්නන් හට පුහුණුව, සේවා පළපුරුද්ධ සහ උපදේශකත්වය ලබාදෙන නව වැඩසටහනක් සඳහා නව පුහුණු වැඩසටහනක් ආරම්භ කිරීම.

පරිසරය

  • හරිත හමුදාව වැඩසටහන සමාප්ත කිරීම සහ නව ව්‍යාපෘති අනුමත නොකිරීම.
  • දේශීය උද්‍යාන වැඩි දියුණු කිරීම උදෙසා නගර සභා වලට, ප්‍රජා සහ පාරිසරික කණ්ඩායම් වලට නව මුල්‍ය ප්‍රතිපාදන ඇතිවීම.

වැඩිහිටි සුරැකුම්

  • වැඩිහිටි සුරැකුම් සපයන්නා හට ලබාදෙන ප්‍රතිපාදන වල වෙනසක් සිදු කිරීම. දුෂ්කර, ප්‍රාදේශීය, ශා විශේෂ සේවාවන් සඳහා ප්‍රතිපාදන ඉහළ දැමීම.
  • කලාප 31ක විශේෂ දිමෙන්ශියා රෝගී ඒකක ඉදිකිරීම.

සුබ සාධනය

ආදායම් ලබන පුද්ගලයන් සුබ සාධන මුදල් වලින් භුක්ති විඳීම වැළක්වීම සඳහා පියවර ගැනීම.

විවිධ ආකාරයේ සුබ සාධන ගෙවීම් වලට හිමිකම් කීමට අලුතින් පැමිණෙන සංක්‍රමණිකයන් හට වසර දෙකක්වත් බලා සිටීමට සිදුවීම.

ගුවන් ගමන් බලපත්‍ර

වැඩිහිටි ගුවන් ගමන් බලපත්‍ර ගාස්තුව ඩොලර් 20කින්ද ළමුන් සඳහා ඩොලර් 10ක්ද අය කරයි.

ගුවන් ගමන් බලපත්‍ර අයදුම්පතක් ප්‍රමුඛතාවක් ලබාදී කටයුතු කරනවානම් ඒ සඳහා ඩොලර් 54ක් වැඩි කිරීම.

*****************************************************************************

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

***********************************************************************************


Share
Published 2 January 2017 1:30am
Updated 12 August 2022 4:04pm
By Madhura Seneviratne, Hannah Sinclair
Source: SBS News


Share this with family and friends