2107 වසරේ ඕස්ට්‍රේලියානු සරණාගත අර්බුධය කෙසේ විසදෙයිද ? (SBS සිංහල/වාර්තා)

ඕස්ට්‍රේලියාවෙන් පිටත සරණාගත රැදවුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමේ ඕස්ට්‍රේලියානු ප්‍රතිපත්තිය සදාචාරයට පටහැනි, ලැජ්ජා සහගත ප්‍රතිපත්තියක් ලෙස සමහරක් කණ්ඩායම් හදුන්වාදුන් අතර, එළබෙන 2017 වසරේදී ඕස්ට්‍රේලියානු සරණාගත ප්‍රතිපත්තිය කෙලෙස සකස් වෙනු ඇත්දැයි සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් විමසිල්ලෙන් සිටියි.

Refugees detained at Manus Asylum Seeker Processing Centre, PNG.

Source: AAP

2016 වසරේ ලොව පුරා  අවතැන්වුවන්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහල ගොස් ඇති බව වාර්තා පේනවා දී තිබේ. සිරියානු අර්බුධය, දකුණු සුඩානයේ පවතින ප්‍රචණ්ඩ ක්‍රියා, ඉරාක  සහ ඇෆ්ගනිස්ථාන අර්බුධ හේතුවෙන් ඕස්ට්‍රේලියාවට  යාත්‍රා මගින් පැමිණෙන සරන්ගතයින්ගේ සංඛ්‍යාව පසුගිය වකවානුව තුල සීග්‍රයෙන් ඉහල ගිය අතර මෙම සරණාගතයින් ඕස්ට්‍රේලියාවෙන් පිටත ස්ථාපිත රැදවුම් මධ්‍යස්ථාන තුල රදවා තැබීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කළේය.

 

ඕස්ට්‍රේලියාවෙන් පිටත ස්ථාපිත මෙම රැදවුම් මධ්‍යස්ථාන අමානුෂික ක්‍රියාවක් ලෙස මානව හිමිකම් ක්‍රියාකාරිකයින් හදුන්වාදුන් අතර, එය අනවශ්‍ය, වියදම් අධික මෙහෙයුමක් බව රජය අවසානයේ පිළිගෙන ඇති බව සදහන්.

 

නාරු  සහ මානුස්  හි රදවා ඇති සරණාගතයින් ස්ථිර ලෙස එම දුපත්වල පදිංචි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුවද එය ස්ථිර සාර  ක්‍රමවේදයක් නොවන බව නාරු  සහ මානුස්  රජයන්ද පිළිගෙන තිබේ. සරන්ගතයින් ස්ථිර ලෙස පදිංචි කිරීමට, වෙනත් විකල්ප රටක් පිලිබදව සලකා බැලිය යුතු බව පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති  එක්සත් ජාතීන්ගේ සරණාගත සමුළුවේදී නාරු  බලධාරීන් ප්‍රකාශ කර තිබු බව සදහන්. මෙම රැදවුම් මධ්‍යස්ථාන තුල රදවා සිටින රැදවියන් පිරිසකට රැකවරණ සැලසීමට ඇමරිකානු රජය එකගතාවය පළකර ඇති අතර, නරු හි සිටින රැදවියන් පිළිබද විමසා බැලීම මේ වන විටත් ඇමරිකානු බලධාරීන් විසින් ආරම්භ කර ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි. නමුත් දැනට ඕස්ට්‍රේලියාව  තුල විවිධ කරනා  සදහා ප්‍රතිකාර ගනිමින් සිටින සරණාගතයින් හට සිදුවන්නේ කුමක්ද?, නාරු  සහ මානුස්  රැදවුම් මධ්‍යස්ථාන තුල ඉතිරිවන සරන්ගතයින්ගේ අනාගතය කුමක්ද?, යන කරන මේ වන විට සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ප්‍රශ්න කරමින් සිටියි. තවද මෙලෙස සරණාගතයින් හට රැකවරණ සැලසීමට ඔබාමා  රජය කැමැත්ත පල කර තිබුනත් නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් කෙබඳු තීරණයක් ගනීද යන්නත් මේ වන විට කතා බහට ලක්ව තිබේ.

 

නාරු  සහ මානුස්  රැදවුම් මධ්‍යස්ථාන තුල මේ වන විට රැදවියන් 700කට ආසන්න  පිරිසක් සිටින බව සදහන්. මේ රැදවියන් පිලිබදව 2017 වසරේ ඕස්ට්‍රේලියානු රජය ගන්නා  තීරණ පිලිබදව බොහෝ දෙනෙක් විමසිල්ලෙන් සිටින අතර, එළබෙන වසරේදී රැකවරණ සලසන සරණාගත සංඛ්‍යාව වැඩි කරන බවද රජය ප්‍රකාශ කර තිබේ. මෙලෙස රැකවරණ සලසන සරණාගත රැදවියන් සංඛ්‍යාව 13,750  සිට 16,250 දක්වා ඉහල දැමීමට නියමිත බව සදහන්.

 

 ඕස්ට්‍රේලියාව  මෙලෙස රැකවරණ සලසන සරණාගත සංඛ්‍යාව ඉහල දැමුවත්, ලොව සමහරක් දියුණු රටවලට සාපේක්ෂව එය ඉතා පහල අගයක් ගන්නා  බව සදහන්. 2016 වසර අවසන් වන විට සරණාගතයින් 44,000කට රැකවරණ සැලසීමට තමන් සැලසුම් කර ඇති බව කැනඩාව මීට  පෙර ප්‍රකාශ කර තිබිණි. ජාත්‍යන්තර වශයෙන් අවතැන් වී ඇති ජනතාවට පිහිටවීමට ඕස්ට්‍රේලියාව  ප්‍රධාන කාර්ය භාරයක් සිදු කිරීමට සුදානම් බව මේ වසරේ පවතී එක්සත් ජාතීන්ගේ සරණාගත සමුළුවේදී අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කල නමුත් ඒ සම්බන්දයෙන් ඕස්ට්‍රේලියාව  සිදුකර ඇති කාර්යභාරය ඉතා අවම බව සමහර පාර්ශවයන්ගේ මතය වී තිබේ.

මේ අනුව 2017 වසරේදී මානුස්  සහ නාරු  සරණාගත රැදවුම් මධ්‍යස්ථාන වසා දමා  වඩා  මානුෂිය සරණාගත ප්‍රතිපත්තියක් හදුන්වාදීම ඕස්ට්‍රේලියානු රජය හමුවේ  ඇති අභියෝගයක්.

Share
Published 30 December 2016 9:29am
Updated 30 December 2016 8:44pm
By Sanjaya Dissanayake
Source: SBS News


Share this with family and friends