අස්ථි බිඳීම නිසා අසේලට ඉන්දීය සංචාරයම අහිමි වන ලකුණු.

Asela Gunaratne will play no further part in the India tour.

Source: AP

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මේ වන විට පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ ඊයේ දිනයේදී (26/07) ෂිකර් ධවාන් ලබාදුන් උඩපන්දුවක්‌ අසේල ගුණරත්නගේ අතේ වැදීමෙන් ඔහුගේ වම් අතේ මහපටඟිල්ලේ අස්‌ථි බිඳීගොස්‌ තිබේ.

ඒ අනුව ඔහු ඊයේ රාත්‍රියේදී ශෛල්‍යකර්මයකට භාජනය කළ අතර සති 6 – 8 අතර පමණ කාලයක්‌ ඔහුට ක්‍රිකට්‌ පිටියෙන් ඈත්ව සිටිමීට සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහුට ඉන්දියාව සමග පැවැත්වෙන සමස්ත තරගාවලියම අහිමි වීමේ අවදානමක් මතුව පවතී.


Share
Published 27 July 2017 9:28pm
By Madhura Seneviratne
Source: espncricinfo


Share this with family and friends