අද සිට මෙල්බන් නුවරට නොමිලයේ Wi-Fi. (SBS සිංහල / වාර්තා)

මෙම නොමිලයේ ලැබෙන අන්තර් ජාල පහසුකම් ඔස්සේ එක් පුද්ගලයකුට දිනකට මෙගා බයිට් 250ක (250 MB) දත්ත භාවිතා කිරීමට හැකි අතර ඒ සඳහා සම්බන්ධ වීමට කිසිදු රහස් අංකයක් හෝ පුද්ගල නාමයක් අවශ්‍ය නොවේ.

Melbourne

Source: Shutterstock

මෙල්බන් වැසියන් හට නොමිලයේ අන්තර් ජාල පහසුකම් අත් විඳීමට වික්ටෝරියානු රජය අද (29/09) සිට ඉඩ සලසා තිබේ. ඒ මෙල්බන්හි දුම්රිය ස්ථානවල සහ මෙල්බන් මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ හෙවත් Melbourne CBD හි ඇතැම් කලාපවලට ඔස්ට්‍රේලියාවේ විශාලතම නොමිලේ සැපයෙන Wi-Fi ජාලය පිහිටුවමිනි.

ඒ අනුව මෙල්බන් CBD දුම්රිය ස්ථානවල, Bourke Street Mall, Queen Victoria Market සහ South Wharf Promenade මෙන්ම  Melbourne Convention and Exhibition Centre යන ස්ථානවල මෙම VicFreeWiFi පහසුකම් ලබාගත හැකිය.

මෙම නොමිලයේ ලැබෙන අන්තර් ජාල පහසුකම් ඔස්සේ එක් පුද්ගලයකුට දිනකට මෙගා බයිට් 250ක (250 MB) දත්ත භාවිතා කිරීමට හැකි අතර ඒ සඳහා සම්බන්ධ වීමට කිසිදු රහස් අංකයක් හෝ පුද්ගල නාමයක් අවශ්‍ය නොවේ.

ඩොලර් මිලියන 11ක පිරිවැයක් ඇති මෙල්බන් නුවර පුරාවටම නොමිලයේ අන්තර් ජාල පහසුකම් ලබා දීමට අපේක්ෂිත වැඩ පිළිවෙලේ නියමු ව්‍යාපෘතිය ලෙස මෙය ආරම්භ කළ බව සඳහන්.

“නව සොයාගැනීම් සහ තාක්ෂණය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ නිවහන, වික්ටෝරියානු ප්‍රාන්තය බව කියන තවත් උදාහරණයක් මේක. අපි අපිට කරන්න පුළුවන් උපරිම දේ කරනවා. මෙල්බන් නුවරට විතරක් නෙමෙයි, අනෙකුත් ප්‍රාදේශීය නගර වලට පවා.” වික්ටෝරියානු ප්‍රාන්තයේ සුළු ව්‍යාපාර, නවෝත්පාදන හා වෙළෙඳ අමාත්‍ය  Philip Dalidakis පැවසීය.

පසුගිය 2015 වසරේ සිට මෙවැනිම වූ නියමු ව්‍යාපෘති Bendigo සහ Ballarat නගරවලද ක්‍රියාත්මක වන බව වාර්තා වේ. මේ වසර අග වන විට මෙල්බන් නුවර නොමිලයේ අන්තර් ජාල පහසුකම් සැපයෙන තවත් බොහෝ ස්ථාන බිහි කරන බවද ප්‍රාන්ත බලධාරීන් පවසයි.

ලොව සුපිරි මට්ටමින් නොමිලයේ Wi-Fi ජාල පහසුකම් ක්‍රියාත්මක වන නිව් යෝර්ක්, ලන්ඩන් සහ සෙන් ෆ්‍රැන්සිස්කෝ යන නගර මට්ටමටම මෙල්බන් නුවරද ගෙන ඒමට වික්ටෝරියානු රජය අපේක්ෂා කරයි.

සංචාරකයන්ට මෙන්ම දේශීය ජනතාවටද එක ලෙස සම්බන්ධ විය හැකි අන්තර් ජාල පහසුකම් සැපයීම වික්ටෝරියානු රජයට අවශ්‍ය බව සුළු ව්‍යාපාර, නවෝත්පාදන හා වෙළෙඳ අමාත්‍ය  Philip Dalidakis පැවසීය.

මීට අමතරව සංචාරකයන්ට, සංචාරක App හා ඔන්ලයින් සිතියම් ඔස්සේ මාර්ගෝපදේශ ලබාගැනීමට මෙමගින් මනා පිටි වහලක් ලැබෙන බවත් ඒ හේතුවෙන් මෙල්බන් නුවරට සංචාරක ආකර්ෂණය වැඩි කරගැනීමට හැකි වන බවත් ඔහු පවසයි.

මෙල්බන් නගරයට අමතරව Captain Cooks Cottage සහ Fitzroy Gardens යන අනෙකුත් සංචාරක ස්ථාන සඳහාද මෙම පහසුකම සැපයෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය  TPG සමගම විසින් මෙහෙයවන අතර වසර 5ක් පුරාවට ක්‍රියාත්මක වේ.

ඔක්තෝබර් 01 වන දිනට යෙදී ඇති Australian Footy League අවසන් මහා තරගය සඳහා දස දෙසින් මෙල්බන් නුවරට පැමිණෙන දහස් ගණන් ක්‍රීඩා ලෝලීන් පිළි ගැනීමට මෙල්බන් පුරවරය සූදානම් වී සිටින මොහොතක වික්ටෝරියානු රජය මෙම ආන්දෝලනාත්මක පහසුකම ලබා දීම අමතක නොවන සිදුවීමකි.

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


Share
Published 29 September 2016 9:17pm
Updated 30 September 2016 12:15pm
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends