යුරෝපා සංගමය, හමාස් සහ LTTE කොටි සංවිධානය ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් ඉවත් කරයි. (SBS සිංහල / වාර්තා)

ජාතික රජයන් වලට හානියක් නොමැති බව හේතුවෙන් හමාස් සහ කොටි සංවිධාන මෙම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කළ බවද සඳහන්.

EU court takes off Hamas & LTTE

Source: Google

ශ්‍රී ලංකා සහ ඊශ්‍රායල් රජයන්හි විරෝධතා මධ්‍යයේ හමාස් සහ LTTE කොටි සංවිධානය යුරෝපා සංගමයේ ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් ඉවත් කිරීමට යුරෝපා සංගමයේ උපරාමධිකරණය තීරණය කර තිබේ.

යුරෝපානු උසාවියේ අද්වකාත් ජෙනරාල්ගේ නිර්දේශ මත 2014 වසරේදී ඉහත සංවිධාන ද්විත්වය ලැයිස්තුවෙන් ඉවත් කිරීමට නිර්දේශ කෙරුණි. යුරෝපා සංගමය නියෝජනය කරන රජයන් 28 ඒ සම්බන්ධව අභියාචනයක් ඉදිරිපත් කළ අතර යුරෝපානු උසාවි උපදේශක එම අභියාචනය ප්‍රතික්ෂේප කර තිබේ.

යුරෝපානු සංගමයේ තහනම් කළ ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුව නිර්මාණය වූයේ 2001 වසරේ සැප්තැම්බර් 11 වන දින  ඇමෙරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවය.

එම ලයිස්තුවේ සංවිධාන 23ක් තිබුණු අතර කුර්දිෂ් සන්නද්ධ කණ්ඩායම්, ලෙබනනයේ හිස්බුල්ලා සහ ජිහාඩ් වැනි ඉස්ලාම් සංවිධානද විය.

ජාතික රජයන් වලට හානියක් නොමැති බව හේතුවෙන් හමාස් සහ කොටි සංවිධාන මෙම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කළ බවද සඳහන්.

මෙම තහනම් කළ ත්‍රස්තවාදී ලැයිස්තුව නිර්මාණය කළේ ජාතික තීරණ මත බවද යුරෝපානු සංගමයේ බලධාරීන් පැවසීය.

කෙසේ වෙතත් මෙම තීරණය ඉහත සංවිධාන ද්විත්වයටම සැලකිය යුතු තීරණයක් වන අතර අරමුදල් රැස් කිරීමේ හැකියාවටද එය ධනාත්මකව බලපානු ඇත.

පටිපාටියේ දෝෂ

හමාස් සංවිධානය නිරතුරුවම තර්ක කළේ තම සංවිධානය ත්‍රස්ත සංවිධානයක් නොව විරෝධතා ව්‍යාපාරයක් බවටය. නමුත් ඔවුන්ගේ අරමුණ වූයේ ඊශ්‍රායලය විනාශ කර දැමීමය. ඒ අනුව යුරෝපානු සංගමය, ඇමෙරිකාව, කැනඩාව සහ ජපානය එය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස දුටුවේය.

2006 වසරේ පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමෙන් පසුව ගාසා තීරයෙන් තම සතුරාව නෙරපූ හමාස් සංවිධානය වසර 3ක් පුරාවට ඊශ්‍රායලයත් සමග යුද්ධ කළේය.

ශ්‍රී ලංකා හමුදා 2009 වසරේදී දෙමළ කොටි සංවිධානය පරාජය කළ අතර එය සන්නද්ධ සංවිධානයක් ලෙස මේ වන විට නොපවතියි.

යුරෝපානු සංගමයේ අද්වකාත් ජෙනරාල්වරිය  පවසන පරිදි මෙම සංවිධාන ද්විත්වය ත්‍රස්තවාදී සංවිධාන බවට නිර්ණය කිරීමේදී ඒ ඒ පටිපාටි වල වැරදි තිබී ඇත.

යුරෝපා සංගමයට සමාන මානව හිමිකම් එම සංවිධානවලට ද ඇති බව පරීක්ෂා නොකර අදාළ රජයන් මත පමණක් යුරෝපා සංගමය විශ්වාසය තැබූ බව ඇය පැවසීය. 


Share
Published 27 September 2016 1:24am
By Madhura Seneviratne


Share this with family and friends