ඔස්ට්‍රේලියාවේදී සුවපහසු විශ්‍රාම දිවියක් ගතකරන්නත් දැන් අඩුම ගානේ මේ තරම්වත් ඉතුරුම් තිබිය යුතුයි

2024-09-03_16-13-54.png

Source: Getty / fstop123

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන අය සඳහා සුවපහසු විශ්‍රාම දිවියක් ගතකිරීමට අවශ්‍ය ඉතුරුම් ප්‍රමාණය වර්තමානය වනවවිට ඉහල ගොස් තිබෙනවා. වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පවතින උද්ධමන තත්වය මෙයට හේතුවී තිබෙනවා.


LISTEN TO
Sinhala_02092024_interview_right_to_disconnect_NEW.mp3 image

ඕස්ට්‍රේලියාවේ වැඩකරන ජනතාව වෙනුවෙන් හඳුන්වා දුන් right to disconnect නීතිය ගැන ඔබ දැනගත යුතුම කරුණු මෙන්න

SBS Sinhala

02/09/202411:57
ඕස්ට්‍රේලියාවේදී සුවපහසු විශ්‍රාම දිවියක් ගතකිරීමට අවශ්‍ය ඉතුරුම් ප්‍රමාණය ඉහල ගොස් ඇති බවට වාර්තා වනවා. Association of Superannuation Funds of Australia (ASFA) ආයතනය විසින් නිකුත් කල ජුනි කාර්තුව සඳහා වන දත්ත අනුව සුව පහසු විශ්‍රාම දිවියක් ගත කිරීම සඳහා වියදම් වන මුදල් ප්‍රමාණය 3.7%කින් ඉහල ගොස් තිබෙනවා.
පුද්ගලයෙකුගේ පශ්චාත් සේවා කාලය තුළ යහපත් ජීවන තත්වයක් ලබා ගැනීමේ හැකියාව ASFA ආයතනය විසින් 'සුවපහසු විශ්‍රාම දිවියක් ලෙස' නිර්වචනය කරනවා
පසුගිය මාස 12 ක කාලය තුලදී මේ ආකාරයේ මිල ඉහල යාමක් වාර්තා වී තිබෙනවා. මේ අනුව වයස අවුරුදු 65ත් 84ත් අතර නිවාස ණය නොමැතිව යුවලකට සුවපහසු විශ්‍රාම දිවියක් සඳහා අවම වශයෙන් වසරකට $73,337 ක මුදලක් අවශ්‍ය වේ. තනි පුද්ගලයකු සඳහා මෙම අගය $52,085 ලෙස සඳහන් වේ.

මෙහිදී සුව පහසු විශ්‍රාම දිවියක් සඳහා superannuation ගිණුමේ පැවතිය යුතු ශේෂය අපි දැන් විමසා බලමු.

මෙහිදී තනිකඩ පුද්ගලයකු සඳහා superannuation ගිණුමේ $595000ක් තිබිය යුතු වනවා. යුවලක් සඳහා මෙම අගය $690000ක් ලෙස සඳහන් වනවා

සුවපහසු විශ්‍රාමික දිවියක් ගතකිරීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය ඉතා සීග්‍ර ලෙස ඉහල ගොස් ඇති බව ASFA ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ්‍ය Mary Delahunty පවසා සිටිනවා.

පුද්ගලයෙකුගේ පශ්චාත් සේවා කාලය තුළ යහපත් ජීවන තත්වයක් ලබා ගැනීමේ හැකියාව ASFA ආයතනය විසින් 'සුවපහසු විශ්‍රාම දිවියක් ලෙස' නිර්වචනය කරනවා. මෙහිදී අපහසුවකින් තොරව එදිනෙදා අවශ්‍ය භාණ්ඩ මිලදීගැනීමට, ගමන් බිමන් යාමට, අවන්හල් වලින් ආහාර ලබා ගැනීමට මෙන්ම 7සෑම වසර හතකට වරක් විදෙස් සංචාරයක නිරතවීම වැනි කාරනා සඳහා අවශ්‍ය වියදම් ගණනය කිරීමක් සිදු කරනවා.

මෙහිදී නිවාස, වාහන සහ සෞඛ්‍ය රක්ෂනාවාරනයන්ගේ කැපී පෙනෙන මිල ඉහල යාමක් දැකගත හැකි බව ASFA ආයතනය පෙන්වා දෙනවා.

ජුනි කාර්තුවේදී රක්ෂණ වාරික 3.1%කින්නිහල ගොස් ඇති අතර පසුගිය වසරක කාලය තුල රක්ෂණාවරණ 14%කින් ඉහල ගොස් ඇත. මේ අතර පසුගිය අප්‍රේල් 1 වනදා සිට සෞඛ්‍ය රක්ෂණාවරණ වාරික 3.03%කින් ඉහල ගොස් ඇත.

ඇඳුම් සහ පාවහන් සඳහා වන වියදම් 3.1%කින් ඉහල ගොස් තිබෙනවා. මෙහිදී ආහාර සඳහා වන උද්ධමන තත්වය 3.3% දක්වා අඩුවී තිබෙනවා. කෙසේ උවත් පලතුරු සහ එළවලු මිල ගණන් වල මිල පසුගිය වසරට සාපේක්ෂව 3.7%කින් ඉහල ගොස් තිබෙනවා.

කෙසේ උවත් විශ්‍රාම යාමට බලාපොරොත්තුවෙන් සිටින අයට යම් සුභ ආරංචියක් ද තිබෙනවා. ඔබගේ supperannuation ගිණුමේ මුදල් විවිද ව්‍යාපාර වල ආයෝජනය කර ඇති බැවින් රක්ෂණ සමාගම් වැනි සමාගම් වල කොටස් මිලගණන් ඉහල යාම හරහා ඔබට ලැබෙන ආයෝජන ප්‍රතිලාබය ඉහල ගොස් ඔබගේ supperannuation ගිණුමේ ඇති මුදල් ප්‍රමාණයද ඉහල යාමක් සිදුවනවා.

කෙසේ උවත් වර්තමානය වනවිට විශ්‍රාමිකව ගතකරන අය සඳහා වර්තමාන අධිඋද්දමන තත්වය විශාල වශයෙන් අහිතකර ලෙස බලපාන බව Association of Superannuation Funds of Australia හි ප්‍රධාන විධායක අධ්‍යක්ෂ්‍ය Mary Delahunty පෙන්වා දෙනවා.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.


*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර 
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න 
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න 


Share