ඕස්ට්‍රේලියාවේ ලබාදෙන Centrelink payments කිහිපයක් මේ මාසයේ සිට ඉහල යන්නේ මෙහෙමයි

2024-09-12_14-29-44.png

Source: Getty / Jenny Evans

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවේදී ලැබෙන විශ්‍රාම වැටුප සහ Jobseeker දීමනාව ඇතුළු සුභසාධන දීමණා රැසක් සැප්තැම්බර් මාසයේදී ඉහල යාමට නියමිත වී තිබෙනවා. ජීවන වියදම් දර්ශකයට අනුව මෙම දීමනා ඉහල දැමීමක් සිදුකරනු ලබනවා.


LISTEN TO
sinhala_09092024_dementia_interview_final.mp3 image

තරුණ කාලේ ඉඳලම මොළය හොඳින් රැක බලාගෙන ඩිමෙන්ෂියා රෝගයෙන් බේරෙන්නේ මෙහෙමයි

SBS Sinhala

09/09/202411:09
සුභසාධන දීමනා ලබන මිලියන පහකට අධික ජනතාවකට සැප්තැම්බර් මාසයේදී දීමනා ඉහල යාමේ ප්‍රතිලාබ අත්විඳීමේ හැකියාව පවතිනවා. පවතින උද්දමන තත්වය හේතුවෙන් මේ ආකාරයට දීමනා ඉහල දැමීමක් සිදුකර තිබෙනවා. කෙසේ උවත් මෙම දීමනා උද්දමන තත්වයට සාපේක්ෂව ඉහලගොස් නොමැති බව Australian Council of Social Service (ACOSS) ආයතනය පවසා සිටිනවා. ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාගැනීමට හැකිවන පරිදි මෙම දීමනා $80 දක්වා ඉහල දැමිය යුතු බව එම ආයතනය ප්‍රකාශ කර සිටිනවා.

මෙහිදී ඉහල යන දීමනා මොනවාද ?

විශ්‍රාම වැටුප

විශ්‍රාම වැටුප් වැඩිවීම තනිකඩ පුද්ගලයකුට සති දෙකක් සඳහා $28.10කින් ඉහල යාමක් සිදුවනවා. මේ අනුව සෑම සති දෙකකට වරක්ම $1,114.40ක උපරිමයකට යටත්ව විශ්‍රාම වැටුපක් ලබාගැනීමේ හැකියාව තනිකඩ පුද්ගලයකුට ලැබෙනවා.

යුවලකට මෙම දීමනා වැඩිවීම දෙසතියකට $21,20ක් වන අතර එහිදී $1,725.20ක උපරිමයකට යටත්ව විශ්‍රාම වැටුපක් ලබාගැනීමේ හැකියාව විශ්‍රාමික යුවලකට හිමිවනවා.

JobSeeker දීමනා

අවුරුදු 22ට වැඩි ළමුන් නැති තනිකඩ පුද්ගලයින් සඳහා JobSeeker දීමනා වැඩිවීම $15.30ක් වනවා. මේ අනුව සෑම දෙසතියකටම $778ක උපරිමයට යටත්ව JobSeeker දීමනා ලබාදීම සිදුවනවා.

යුවලක් සඳහා මෙම වැඩිවීම එක අයකුට $14ක් වනවා. ඒ අනුව ,යුවලක් සඳහා $1424.60ක් උපරිමයකට යටත්ව මෙම දීමනා ලබාදීම සිදුකෙරෙනවා.

නිවාස කුලී දීමනාව

මෙහිදී ළමුන් නොමැති තනිකඩ පුද්ගලයින් සඳහා නිවාස කුලී දීමනාව $23කින් ඉහල යන අතර ඒ අනුව උපරිම නිවාසකුලී දීමනාව $211.20ක් වනවා. මෙහිදී ළමුන් නොමැති යුවලක් සඳහා $21.80ක වැඩිවීමක් සිදුවන අතර සාම දෙසතියකම $199ක මුදලක් ලබාදීම සිදුවනවා.

ළමුන් දෙදෙනෙකුට වඩා අඩුවෙන් සිටින තනිකඩ සහ යුවලවල් සඳහා ලබාදෙන දීමනාව $27.02කින් ඉහල යන අතර ඔවුනට ලැබෙන දීමනාව දෙසතියකට $248.22ක් දක්වා ඉහල යාමක් සිදුවනවා. ළමුන් තිදෙනෙකු හෝ ඊට වඩා සිටින තනිකඩ සහ යුවලවල් සඳහා ලබාදෙන දීමනාව $30.52කින් ඉහල යන අතර ඔවුනට ලැබෙන දීමනාව දෙසතියකට $248.22ක් දක්වා ඉහල යාමක් සිදුවනවා.

තනිකඩ දෙමාපියන් සඳහා වන ගෙවීම $19.20කින් ඉහල යන අතර ඒ අනුව දෙසතියකදී ලැබෙන ගෙවීම $978.60 දක්වා ඉහල යමක් සිදුවනවා. යුවලක් සඳහා මෙම දීමනාව $14කින් ඉහල යන අතර ඒ අනුව දෙසතියක දීමනවා $712.30ක් වනවා.
2024-09-12_14-28-44.png
තරුණයින් සඳහා ලබාදෙන දීමනාව

තරුණයින් සඳහා ලබා දෙන Youth Allowance දීමනාව සැප්තැම්බර් මාසයේ වැඩිවීමක් සිදු නොවනවා. උද්දමනයට සාපේක්ෂව මෙම දීමනාව වැඩිකිරීම පිළිබඳව සලකා බැලීම ලබන වසරේ ජනවාරි මාසයේදී සිදුකිරීමට නියමිත වනවා.

මීට අමතරව ලැබෙන සහන මොනවාද?

එක බෙහෙත් වට්ටෝරුවක් යටතේ දින 60ක් සඳහා සහන මිලට බෙහෙත් ලබාගැනීමේ අවස්තාව 2023 වසරේදී හඳුන්වා දී තිබෙනවා. සැප්තැම්බර් 1 දා සිට මෙම ක්‍රමය යටතේ බෙහෙත් ලබාගත හැකි රෝහ ලැයිස්තුවට තවත් රෝග 60ක් ඇතුලත් කර තිබෙනවා. ඒ අනුව කුරුලෑ, කාංසාව, ඇදුම, මලබද්ධය, මානසික අවපීඩනය, gastro-esophageal reflux රෝගය වැනි රෝග 60ක් මෙම ක්‍රමවේදය සඳහා අලුතින් ඇතුලත් කර තිබෙනවා. මේ අනුව නිතර වෛද්‍ය වරයා හමුවීමට නොගොස් එක වර දින 60ක් සඳහා බෙහෙත් ලබාගැනීමේ හැකියාව රොගීන ලැබෙනවා.

********************************************************************************


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.



*********************************************************************************
  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර 
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න 
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න 

Share