දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ දැනට ඉන්න අයට state nominations සඳහා අවශ්‍ය සුදුසුකම් ගැන විස්තරය මෙන්න.

H5N1 (5).png

Source:Getty Images

Get the SBS Audio app

Other ways to listen

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ 2024/2025 වර්ෂ සඳහා වන නිපුනතා සංක්‍රමණ වැඩසටහන පසුගියදා විවෘත කිරීමට දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය කටයුතු කර ඇත. මෙහිදී දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය තුල සිට අයදුම් කරන අයදුම් කරුවන් සඳහා අවශ්‍ය සුදුසුකම් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.


දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය තුල සිට අයදුම් කරන අයදුම් කරුවන් සඳහා ලියාපදිංචි වීමේ අවස්තාව දැන් උදාවී ඇත. සුදුසුකම් සපුරාලන අයදුම් කරුවන්ට දකුණු ඕස්ට්‍රේලියානු රජයේ Move to South Australia වෙබ් අඩවිය හරහා Registration of Interest (ROI) අයදුම් පතක් යොමුකළයුතු වේ.

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය තුල සිට අයදුම් කරන අයදුම් කරුවන්ට රැකියා 467ක් විවුර්ත කර ඇත. මෙහිදී අවශ්‍ය සුදුසුකම් සපුරාලන අයදුම් කරුවන් සඳහා පහත කාණ්ඩ යටතේ අයදුම් කිරීමේ හැකියාව පවතී.

Skilled Employment in South Australia stream

  • දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය තුල ජීවත් වන සහ නිපුනතා සපුරා ඇති රැකියා ක්ෂේස්ත්‍රයේ රැකියා පළපුරුද්ද ඇති අයදුම් කරුවන්ට මේ සඳහා සුදුසුකම් ලැබීමේ හැකියාව පවතී. මේ සඳහා අවශ්‍ය සුදුසුකම් පහත පරිදිවේ.
  • මේ සඳහා අවම ලකුණු මට්ටම වන ලකුණු 65ක ප්‍රමාණය ලබා ගත යුතු වන අතර ප්‍රාන්ත රජයේ State nominations අනුමත වන අවස්තාව වන විට වයස අවුරදු 45 හෝ ඊට අඩු වීම අත්‍යවශ්‍ය වනවා.
  • අයදුම්කරන අවස්තාව වනවිට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය තුල අවම වශයෙන් මාස 12ක කාලයක් ජීවත් වීම අවශ්‍ය වේ. මීට අමතරව ප්‍රාන්තය තුල තම ක්ෂේශ්ත්‍රයේ රැකියාවක නියුතු වීම අවශ්‍ය වේ.
  • වලංගු කුසලතා ඇගයීමක් (skills assessment) ලබා තිබීම අවශ්‍ය වේ.
  • පාඨමාලාව අවසන් කිරීමෙන් පසුව එම ක්ෂේශ්ත්‍රයේ රැකියා පළපුරුද්ද ලබා තිබිය යුතු වේ.
  • ඉංග්‍රීසි සුදුසුකම් ( Competent English) සපුරාලීම අවශ්‍ය වේ. ඔබේ රැකියාවට දකුණු ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචිය හෝ බලපත්‍රය අවශ්‍ය නම්, ඔබ දකුණු ඕස්ට්‍රේලියාවේ වැඩ කිරීමට ලියාපදිංචි හෝ බලපත්‍ර අධිකාරිය විසින් නියම කර ඇති ඉංග්‍රීසි අවශ්‍යතාවය සපුරාලීම සහතික කිරීමට ඔබට අවශ්‍ය වනු ඇත.

South Australian Graduates stream

  • දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය තුල අධ්‍යාපනය සම්පූර්ණකර එම ක්ෂේශ්ත්‍රයේ රැකියාවේ නියුතු උපාධිධාරීන්ට මෙම කාණ්ඩය යටතේ අයදුම් කිරීමේ හැකියාව පවතී.
  • මේ සඳහා අවම ලකුණු මට්ටම වන ලකුණු 65ක ප්‍රමාණය ලබා ගත යුතු වන අතර ප්‍රාන්ත රජයේ State nominations අනුමත වන අවස්තාව වන විට වයස අවුරදු 45 හෝ ඊට අඩු වීම අත්‍යවශ්‍ය වනවා.
  • අයදුම්කරන අවස්තාව වනවිට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය තුල අවම වශයෙන් මාස 12ක කාලයක් ජීවත් වීම අවශ්‍ය වේ. මීට අමතරව ප්‍රාන්තය තුල තම ක්ෂේශ්ත්‍රයේ රැකියාවක නියුතු වීම අවශ්‍ය වේ.
  • දකුණු ඕස්ට්‍රේලියාවේ ඔබේ පාඨමාලාව අවම වශයෙන් සති 46ක් පවතින පාඨමාලාවක් විය යුතු අතර CRISCOS ලේඛනයේ ලියාපදිංචි වී ඇති පාඨමාලාවක් විය යුතුය. ඔබගේ පාඨමාලාවෙන් අවම වශයෙන් 75%ක්වත් දකුණු ඔස්ට්‍රේලියාව තුල සම්පූර්ණ කර තිබිය යුතු වේ.
  • අධ්‍යාපනය ලබන කාල සීමාව තුල අවම වශයෙන් වසරක කාලයක් දකුණු ඔස්ට්‍රේලියාව තුල රැඳී සිටීම මෙහිදී අත්‍යවශ්‍ය වේ.
  • අවම වශයෙන් අවසාන මාස 6ක කාලය දකුණු ඔස්ට්‍රේලියාව තුල වාසය කර තිබීම අවශ්‍ය වේ.
  • වලංගු කුසලතා ඇගයීමක් (skills assessment) ලබා තිබීම අවශ්‍ය වේ.
  • පාඨමාලාව අවසන් කිරීමෙන් පසුව එම ක්ෂේශ්ත්‍රයේ රැකියා පළපුරුද්ද ලබා තිබිය යුතු වේ.
  • ඉංග්‍රීසි සුදුසුකම් ( Competent English) සපුරාලීම අවශ්‍ය වේ. ඔබේ රැකියාවට දකුණු ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචිය හෝ බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය නම්, ඔබ දකුණු ඕස්ට්‍රේලියාවේ වැඩ කිරීමට ලියාපදිංචි හෝ බලපත්‍ර අධිකාරිය විසින් නියම කර ඇති ඉංග්‍රීසි අවශ්‍යතාවය සපුරාලීම සහතික කිරීමට අවශ්‍ය වනු ඇත.

Outer Regional Skilled Employment stream

ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වල ජීවත්වන සහ තම නිපුනතා සපුරා ඇති ක්ෂේශ්ත්‍රයේ හෝ ඊට සමාන ක්ෂේශ්ත්‍රයක රැකියා පලපුරුද්ද සහිත අයදුම් කරුවන්ට මෙම කාණ්ඩය හරහා අයදුම් කිරීමේ හැකියාව පවතී.

  • මෙහිදී ඔබේ රැකියාව නිපුනතා රැකියා ලයිස්තුවී තිබීම අනිවාර්‍ය වේ.
  • මේ සඳහා අවම ලකුණු මට්ටම වන ලකුණු 65ක ප්‍රමාණය ලබා ගත යුතු වන අතර ප්‍රාන්ත රජයේ State nominations අනුමත වන අවස්තාව වන විට වයස අවුරදු 45 හෝ ඊට අඩු වීම අත්‍යවශ්‍ය වනවා.
  • මෙහිදී දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයක මාස නමයක කාලයක් අවම වශයෙන් ජීවත්වී තිබීම, ඔබේ රැකියා ක්ෂේශ්ත්‍රයේ පූර්ණ කාලීන රැකියාවක (අවම වශයෙන් සතියට පැය 30ක් සේවයේ යෙදෙන) නියුතු වීම අවශ්‍ය වේ. මීට අමතරව ඔබ සිදුකරන රැකියාව ANZSCO හි සඳහන්වන රැකියාවක් වීමද අත්‍යවශ්‍ය වේ.
  • වලංගු කුසලතා ඇගයීමක් (skills assessment) ලබා තිබීම අවශ්‍ය වේ.
  • වලංගු කුසලතා ඇගයීමක් (skills assessment) ලබා තිබීම සහ අවශ්‍ය ඉංග්‍රීසි කුසලතාවය සපුරා තිබීමද මෙහිදී අවශ්‍ය වේ.
ANZSCO Sub Major Groups
2024-08-26_19-11-59.png
Source: migration.sa.gov.au
 
අද දින අප ඔබවෙත තොරතුරු ගෙන අවේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය තුල සිට අයදුම් කරන අයදුම් කරුවන් සඳහා දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත සංක්‍රමණ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන ආකාරයයි. විදෙස් රටක සිට දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයට අයදුම් කිරීමේ දී සපුරාලිය යුතු සුදුසුකම් පිළිබඳව තොරතුරු මෙහි දෙවන කොටස ලෙස ගෙන ඒමට අපි කටයුතු කරනවා


මෙම ලිපිය මගින් මූලික තොරතුරු සපයා ඇති අතර එක් එක් අපේක්ෂකයාගේ පුද්ගලික සුදුසුකම් අනුව අදාළ වන කොන්දේසි වෙනස් විය හැක. වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබේ සංක්‍රමණ නියෝජිතයා ඇමතීම හෝ ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයෙකුගෙන් විමසන්න.

********************************************************************************


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.


*********************************************************************************



  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර 
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න 
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න 



Share