දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට වීසා ගන්න ඉන්න අයට state nominations සඳහා අවශ්‍ය සුදුසුකම් ගැන විස්තරය මෙන්න

H5N1 (20).png

Source: Getty Images

Get the SBS Audio app

Other ways to listen

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ 2024/2025 වර්ෂ සඳහා වන නිපුනතා සංක්‍රමණ වැඩසටහන පසුගියදා විවෘත කිරීමට දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය කටයුතු කර තිබෙනවා. මෙහිදී දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය තුල සිට අයදුම් කරන අයදුම් කරුවන් සඳහා අවශ්‍ය සුදුසුකම් අප විසින් මෙම විශේශාන්ගයේ පළමු කොටස හරහා ඔබ වෙත ගෙන එනු ලැබුවා. දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් පිටත විදෙස් රටවල සිට අයදුම් කරන අයදුම් කරුවන් සඳහා අවශ්‍ය සුදුසුකම් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත්කොට තිබෙනවා.


විදේශයක සිට අයදුම් කරන අයදුම් කරුවන් සඳහා අයදුම් පත් සලකා බැලීම මේ වසරේ සැප්තැම්බර් මාසයේ සිට විවෘත කිරීමට ප්‍රාන්ත රජය බලාපොරොත්තු වේ. මෙහිදී මෙම වැඩසටහන සඳහා තෝරා ගැනීමේ වට සැප්තැම්බර් මස සිට සෑම මසකම පැවැත්වීමට ප්‍රාන්ත රජය බලාපොරොත්තු වනවා. විදේශයක සිට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය සඳහා අයදුම් කිරීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා ප්‍රථමයෙන්ම Skill Select වෙත Expression of Interest (EOI) අයදුම්පතක් යොමුකළ යුතු වනවා. මෙහිදී දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය ඔබගේ ප්‍රථම තෝරාගැනීම ලෙස සඳහන් කිරීමද වැදගත් වනවා.

මේ ආකාරයට යොමු කෙරෙන අයදුම්පත් දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය විසින් subclass 190 සහ subclass 491වීසා කාණ්ඩ වෙනුවෙන් සලකා බලනු ලබනවා. මේ සඳහා රැකියා 427ක් ඇතුලත් කිරීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය කටයුතු කර තිබෙනවා. මෙහිදී බොහෝ රැකියා ක්ෂේශ්ත්‍ර සඳහා පසුගිය වසර 5 තුලදී අවම වශයෙන් වසර තුනක රැකියා පළපුරුද්දක් තිබීම අත්‍යාවශ්‍ය වේ. මේ අනුව දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පහත කරුණු යටතේ අයදුම්පත් සලකා බැලීම සිදුකරයි.

  • ක්ෂේශ්ත්‍රයේ පළපුරුද්ද
  • ඉංග්‍රීසි භාෂා නිපුණත්වය
  • EOI අයදුම් කිරීමේදී ලබා ඇති ලකුණු මට්ටම
මෙහිදී ඉදිකිරීම් ක්ෂේශ්ත්‍රයේ සමහරක් රැකියා සඳහා පසුගිය වසර 5 තුල එක් වසරක රැකියා පළපුරුද්ද පමණක් තිබීම ප්‍රමාණවත් වේ. එම රැකියා ක්ෂේශ්ත්‍ර පහත දැක්වේ.

2024-09-02_14-08-45.png
Source: www.migration.sa.gov.au
State nominations සඳහා ඔබව තෝරාගතහොත් දින 14ක් ඇතුලතදී ඔබගේ අයදුම් පත යොමුකිරීමට අවශ්‍යවේ.


Business Innovation and Investment visa

ව්‍යවසායකයින්ට සහ ආයෝජකයින්ට ලබාදෙන නව Business Innovation and Investment (Provisional) visa (subclass 188) වීසා කාණ්ඩය සඳහා දකුණු ඔස්ට්‍රේලියාව මේ වනතෙක් විවෘත කර නොමැත. කෙසේ උවත් වර්තමානයේ (subclass 188) Business Innovation and Investment වීසා හිමියන්ට එම වීසා දීර්ග කරගැනීමට හෝ ස්ථිර පුරවැසිභාවය ලබා දෙන subclass 888 වීසා කාණ්ඩය සඳහා අයදුම් කිරීමේ හැකියාව ලබාදී ඇත.


Employer Sponsored Visa

මෙම වීසා කාණ්ඩය යටතේ අයදුම් කෙරෙන අයදුම් කරුවන් සඳහා අවස්ථා දෙකක් හිමිවී ඇත. ඒවා පහත පරිදි වේ.

  • Designated Area Migration Agreement (DAMA) - Temporary Skill Shortage visa (subclass 482) සහ Skilled Employer Sponsored Regional (Provisional) visa (subclass 494)
  • Skilled Employer Sponsored Regional visa (subclass 494)

මෙහිදී ඔස්ට්‍රේලියාව තුල මේ සඳහා සේවකයකු සොයාගැනීමට අපහසු අවස්ථාවලදී විදෙස් රටක සේවකයකු ලබාගැනීමට ව්‍යාපාර සඳහා අවස්තාව හිමිවේ. මෙහිදී skilled visa කාණ්ඩයට සාපේක්ෂව විශාල රැකියා ප්‍රමාණයක් සඳහා අයදුම් කිරීමේ හැකියාව අයදුම් කරුවන්ට හිමිවේ.

අද දින අප ඔබවෙත තොරතුරු ගෙන අවේ විදේශයක සිට අයදුම් කරන අයදුම් කරුවන් සඳහා දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත සංක්‍රමණ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන ආකාරයයි. දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය තුල සිට දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයට අයදුම් කිරීමේ දී සපුරාලිය යුතු සුදුසුකම් පිළිබඳව තොරතුරු මෙහි පළමු කොටස ලෙස ගෙන ඒමට අපි කටයුතු ඇත.
LISTEN TO
sinhala_26082024_podcast_sa_visa_part01.mp3 image

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ දැනට ඉන්න අයට state nominations සඳහා අවශ්‍ය සුදුසුකම් ගැන විස්තරය මෙන්න.

SBS Sinhala

26/08/202405:56

මෙම ලිපිය මගින් මූලික තොරතුරු සපයා ඇති අතර එක් එක් අපේක්ෂකයාගේ පුද්ගලික සුදුසුකම් අනුව අදාළ වන කොන්දේසි වෙනස් විය හැක. වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබේ සංක්‍රමණ නියෝජිතයා ඇමතීම හෝ ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයෙකුගෙන් විමසන්න.

********************************************************************************



ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.



*********************************************************************************




  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර 
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න 
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න 

Share