2025 ඉඳලා ඕස්ට්‍රේලියාවේ රජය ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන් ප්‍රමාණය සීමා කරන්නේ මෙහෙමයි

Australia Chinese Students Threatened

(AP Photo/Mark Baker, File) Credit: Mark Baker/AP

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමට 2025 වසරේ සිට සීමා පැනවීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කරමින් සිටිනවා. මේ සම්බන්දයෙන් විශ්වවිද්‍යාල අතර යම් මතබේදාත්මක තත්වයක්ද ඇතිවෙලා තියෙනවා. කෙසේ උවත් මෙය සාධාරණ සහ වඩාත් ගැලපෙන ක්‍රමවෙධයක් බව රජය පවසනවා.


LISTEN TO
sinhala_vinivida_interview_27082024_LONG.mp3 image

ලංකාවට ගිහිල්ල එනකොට මගේ Job එක වෙන කෙනෙක්ට දීල. Tuition fees නැතුව ලොකු පීඩනයකින් හිටියේ: විනිවිද මත විමසුම

SBS Sinhala

27/08/202420:13
2025 වසරේ සිට විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි කරගත හැකි සිසුන් සංඛ්‍යාව 270000 දක්වා සීමා කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන ජනගහනය කොවිඩ් 19 වසංගත සමයට පෙර පවතී මට්ටමට ගෙන ඒමේ රජයේ ක්‍රියාදාමයේ එක කොටසක් ලෙස ශිෂ්‍ය වීසා ප්‍රමාණය සීමා කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා.

මේ අනුව රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා වසරකට සිසුන් 145000ක් බඳවා ගැනීමට අවස්තාව හිමිවන අතර වුර්තීය පුහුණු පාඨමාලා සඳහා සිසුන් 95000ක් බඳවා ගැනීමට නව ක්‍රමවේදය යටතේ අවස්තාව හිමි වනවා. මීට අමතරව අනෙකුත් අධ්‍යාපන ආයතන සඳහා ස්ථාන 30000ක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.
සියලුම අධ්‍යාපන ආයතනවල සිටින අන්තර්ජාතික සිසුන් සංඛ්‍යාවෙන් 30% ක පමණ ප්‍රමාණයක් ලබන වසරේදී එම ආයතන වලට අහිමි වනු ඇති බවට මත පළවේ
රජය විසින් ප්‍රථම වරට හඳුන්වා දෙන මෙම නව නීති හරහා තිරසාර තත්වයක් විශ්වවිද්‍යාල ක්ෂේශ්ත්‍රය තුල ඇතිවනු ඇති බවට අධ්‍යාපන අමාත්‍ය Jason Clare පවසා සිටිනවා. මේ අතර එක් එක් අධ්‍යාපන ආයතනය වෙත ඊට අදාළ අන්තර්ජාතික සිසුන් බඳවා ගැනීමේ සීමා පැනවීමට රජය කටයුතු කරන බව අමාත්‍ය Jason Clair පවසා සිටිනවා.

එක් එක් විශ්වවිද්‍යාල සඳහා අන්තර්ජාතික සිසුන් බඳවා ගැනීම සඳහා වන සීමා සම්බන්ද තොරතුරු මේ වනවිට එම විශ්වවිද්‍යාල වෙත යවා ඇති අතර ඉදිරියේදී එම තොරතුරු මහජනතාවට දැනුම් දීමට බලාපොරොත්තු වනවා.

සියලුම අධ්‍යාපන ආයතනවල සිටින අන්තර්ජාතික සිසුන් සංඛ්‍යාවෙන් 30% ක පමණ ප්‍රමාණයක් ලබන වසරේදී එම ආයතන වලට අහිමි වනු ඇති බවට පර්යේෂණ සඳහා ඕස්ට්‍රේලියාවේ ඇති උසස් විශ්වවිද්‍යාල අටක එකතුවෙන් සැදුනු The Group of Eight සංවිධානය පෙන්වා දෙනවා. විශ්වවිද්‍යාල වෙත ලැබී ඇති ස්ථාන ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් සඳහා මේ වනවිටත් සිසුන් බඳවා ගැනීම සඳහා කටයුතු කර ඇතිබව එම සංවිධානය පෙන්වා දෙනවා.

මෙහි බලපෑම ඕස්ට්‍රේලියාවේ සමස්ත අධ්‍යාපන ක්ෂේශ්ත්‍රය පුරාම දැනෙනු ඇති බවට The Group of Eight සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ Vicki Thompson පෙන්වා දෙනවා.

පසුගිය මූල්‍ය වර්ෂයට සාපේක්ෂව මේ වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය 73%කින් ඉහල ගොස් ඇති බව වාර්තා වනවා. මෙම තත්වය ඕස්ට්‍රේලියාවේ නිවාස ගැටලුවට බලපා ඇතිබවට විපක්ෂය සහ සමහර ප්‍රජාවන් චෝදනා කරනවා. මෙම තත්වය සම්බන්දයෙන් එල්ලවන බලපෑමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස අන්තර්ජාතික සිසුන් ගේ පැමිණීම සීමා කරන බව Australian Centre for Student Equity and Success ආයතනයේ පර්යේෂණ සහ ප්‍රතිපත්ති පිලිබඳ අධ්‍යක්ෂ මහාචාර්ය Ian Li පෙන්වා දෙනවා.

විශ්වවිද්‍යාලයක් තෝරාගැනීම සිසුන්ගේ තීරණයක් වන අතර පුරප්පාඩු තිබූ පමණින් අධ්‍යාපනය සඳහා එම විශ්වවිද්‍යාලයට සිසුන් ලියාපදිංචි වනු ඇති බවට විශ්වාස කල නොහැකි බවද මහාචාර්ය වරයා පෙන්වා දෙනවා.

ඒ වගේම මෙම නව සීමා පැනවීම හරහා ගුණාත්මක උසසධ්යාපනයක් ලබාදෙන රාජ්‍යයක් ලෙස ඕස්ට්‍රේලියාවේ කීර්තිනාමය පලුදු වීමේ අවධානමක් ඇති බවද ඔහු පවසනවා.
ප්‍රාදේශීය ප්‍රදේශ වල පවතින විශ්වවිද්‍යාල සඳහා වැඩි අන්තර්ජාතික සිසුන් සංඛ්‍යාවක් බඳවා ගැනීමේ අවස්තාව ලබා දී ඇත.
පසුගිය වසරේදී අමාත්‍ය වරයා විසින් නිකුත් කෙරුණු විශේෂ විධිවිධාන හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ කීර්තිනාමය දැනටමත් පලුදු වී ඇතිබව අමාත්‍ය Jason Clare පෙන්වා දෙනවා.

ministrial Direction 107 ලෙස හැඳින්වෙන විශේෂ අමාත්‍ය විදිවිධාන හරහා ශිෂ්‍ය වීසා ලබාදීමේදී වඩාත් උසස් තත්වයේ විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වන සහ පාටමාලා එකකට වඩා ලියාපදින්චි වන සිසුන්ට වීසා ලබාදීමේදී ප්‍රමුඛතාවය ලබා දීමට හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil කටයුතු කර තිබෙනවා.

මේ හේතුවෙන් ඇතැම් විශ්වවිද්‍යාල සඳහා පමණක් වාසිදායක වන වීසා ලබාදීමේ ක්‍රමවේදයක් පැවතුනු බව අමාත්‍ය Jason Clare පෙන්වා දෙනවා.

ප්‍රාදේශීය ප්‍රදේශ වල පවතින විශ්වවිද්‍යාල සඳහා වැඩි අන්තර්ජාතික සිසුන් සංඛ්‍යාවක් බඳවා ගැනීමේ අවස්තාව ලබා දී තිබෙනවා . උදාහරණයක් ලෙස සිඩ්නි සහ ගෝල්ඩ් කෝස්ට් නගරවලට මදිවන්නට ඇති 25000ක පමණ ජනගහනයක් ඇති ප්‍රාදේශීය ප්‍රදේශයක පිහිටුවා ඇති New England විශ්වවිද්‍යාලය සඳහා අන්තර්ජාතික සිසුන් 700ක් බඳවා ගැනීමේ අවස්තාව හිමිවී තිබෙනවා . මේ සම්බන්දයෙ තමන් දැඩි ප්‍රීතියට පත්වන බව එහි උපකුලපති ලෙස කටයුතු කරන Chris Moran පවසනවා.
කෙසේ උවත් කඩිනමින් වීසා ලබාදීම සම්බන්දයෙන් යම් ගැටලුකාරී තත්වයක් පවතින බව Chris Moran පවසනවා.

ඉදිරි මාස කිහිපය තුල පැමිණෙන මෙම හඳුන්වාදෙන නව වෙනස්කම් වලට අනුගතවීමට අධ්‍යාපන ආයතන දැඩි පරිශ්ශ්‍රමයක් දරන බව Australia-International Institute of Workplace Training ආයතනයේ Yvonne Yeo පවසනවා.

මේ ආකාරයට පනවා ඇති අන්තර්ජාතික ශිෂ්‍ය සීමාවන් උසස් අධ්‍යාපන ක්ෂේශ්ත්‍රයේ විශාල වෙනස්කම් සිදුවන න්‍යාය පත්‍රයක එක කොටසක් වනවා. මෙම නීතිය ක්‍රියාත්මක වීටනම් එය පාර්ලිමේන්තුවේ සම්මත විය යුතු වනවා. මෙය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් සම්මත වී ඇති අතර සෙනට් සභාවට නුදුරේදීම ඉදිරිපත් කිරීමට නියමිත වනවා.

පවතින නිවාස අර්බුදය හේතුවෙන් සන්ධාන විපක්ෂය සංක්‍රමණිකයින් අඩුකිරීම සඳහා හඬ නගා සිටිනවා. කෙසේ උවත් අන්තර්ජාතික සිසුන් සඳහා පනවන මෙම සීමා කිරීම් අවුල් සහගත තත්වයක් නිර්මාණය කර ඇති බව විපක්ෂයේ අධ්‍යාපනය සම්බන්ද ප්‍රකාශක Sarah Henderson පවසා සිටිනවා.

********************************************************************************



ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.



*********************************************************************************




  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර 
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න 
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න 









Share