ඔස්ට්‍රේලියාවේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රමුඛ නගර 5 න් හතරක්ම වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති බව හෙළිවේ. (SBS සිංහල / වාර්තා)

ඔස්ට්‍රේලියාවේ නගර අතරින් වැඩිම පිරිසක් පදිංචියට යන නගරය ලෙස මෙල්බන්හි South Morang හඳුනාගෙන ඇති අතර දෙවනුව Cranbourne East ද තෙවනුව Craigieburn ද හඳුනාගෙන තිබේ.

Victoria has four of the five fastest growing suburbs in Australia

Source: Shutterstock

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන ප්‍රමුඛ නගර 5 න් හතරක්ම වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ජනගහනය පිළිබඳ නවතම දත්ත පෙන්වා දෙයි.

  • ඔස්ට්‍රේලියාවේ නගර අතරින් වැඩිම පිරිසක් පදිංචියට යන නගරය ලෙස මෙල්බන්හි South Morang හඳුනාගෙන ඇති අතර දෙවනුව Cranbourne East ද තෙවනුව Craigieburn ද හඳුනාගෙන තිබේ.
  • එම ලැයිස්තුවේ සිව්වන තැනට පත්ව ඇත්තේ පර්ත් හි Yanchep ප්‍රදේශය වන අතර නැවතත් 5 වන තැනට මෙල්බන්හි Point Cook පත්ව ඇත.
  • පසුගිය වසරේදී South Morang සහ Cranbourne East යන ප්‍රදේශ දෙකෙහිම ජනගහනය 5000 කින් පමණ වැඩිවී ඇති බවද වාර්තා වේ.
  • 2016 වසරට පෙර 107,770 පැවති මෙල්බන් ජනගහනය 2016 වසරේදී මිලියන 4.64 ක් දක්වා ඉහළ නැග තිබෙන බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි. එය 2.4% ක වර්ධනයක් වන අතර සමස්ත ඔස්ට්‍රේලියාවේම වේගවත්ම අගය ලෙසද වාර්තා වේ.
  • බ්‍රිස්බන් 1.8% ක වර්ධනයක්ද සිඩ්නි නගරය 1.7% ක වර්ධනයක්ද පෙන්වා ඇති අතර ප්‍රථම වතාවට මිලයන 5 ක ජනගහන අගය පසු කිරීමටද සමත්ව තිබේ.
  • කැන්බරා ජනගහනය 1.7% කින් වර්ධනය වී ඇති අතර පර්ත් ජනගහනය 1.3%කින් වර්ධනය වී ඇත.
  • ඩාර්වින් සහ හෝබාට් 0.8% ක වර්ධනයක් පෙන්නුම් කරන අතර ඇඩිලේඩ් 0.7% ක වර්ධනයක් පෙන්වයි.
Top suburbs by growth
Source: The Age
  • මීට අමතරව 2016 වන විට ඔස්ට්‍රේලියානු සමස්ත ජනගහනයෙන් 1.9% ක් ඉපිද ඇත්තේ ඉන්දියාවේ බව හෙළිවී ඇත. එය දශකයකට පෙරාතුව පැවති 0.8% ක අගය මෙන් දෙගුණයකි.
  • චීනයේ උපත ලද ප්‍රමාණය 1.2% සිට 2.2% දක්වා ඉහළ නැග ඇත.
  • සමස්ත ඔස්ට්‍රේලියනුවන්ගෙන් 28% ක් ඉපිද ඇත්තේ විදේශ රටවල බවද හෙළිවේ තිබේ.
  • ඔස්ට්‍රේලියානුවන් විදේශයකදී උපත ලද රටවල් අතරින් තවමත් පෙරමුණේ පසුවන්නේ බ්‍රිතාන්‍යයයි. එය මුළු ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් 5%කි. නමුත් දශකයකට පෙරාතුව එම ප්‍රතිශතය 5.5% තිබුණු බව වාර්තා වේ.
  • එම ලැයිස්තුවේ දෙවැනි තැන 2.5% ක් පෙන්නුම් කරන නවසීලන්තයට හිමිව තිබේ.
  • චීනය සහ ඉන්දියාව හැරුණු කළ ගිනිකොණ දිග ආසියානු රටවලද ඔස්ට්‍රේලියානු ජනගහනය වර්ධනයට කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබේ.
  • ඒ අනුව පිලිපීනය 0.7% සිට 1% දක්වාද, වියට්නාමය 0.9% සිට 1% දක්වාද වර්ධනය වන විට මැලේසියාව 0.5% සිට 0.7% දක්වා වර්ධනය වී ඇත.

Share
Published 31 March 2017 12:37am
Updated 31 March 2017 12:40am
By Madhura Seneviratne
Source: The Age


Share this with family and friends