ඔස්ට්‍රේලියානු රජයෙන් නොමිලයේ ලබා දෙන එන්නත් පිළිබඳ නවතම තොරතුරු. (SBS සිංහල/වාර්තා)

Medical Journal of Australia හි ප්‍රකාශයට පත් වාර්තාවකට අනුව ඔස්ට්‍රේලියාව පුරා මිලියන 3.8 ක වැඩිහිටියන් නොමිලයේ ලබා දෙන එන්නත් ලබා නොගන්නා බව සොයාගෙන ඇත.

Australian adults missing out on free vaccinations

Source: Press Association

ඔස්ට්‍රේලියාව පුරා සිටින වැඩිහිටියන් මිලියන 3.8 ක් පමණ රජයෙන් නොමිලයේ ලබා දෙන එන්නත් ලබා නොගන්නා බව නවතම වාර්තාවකින් හෙළිවී තිබේ.

ඒ සඳහා එක් ප්‍රධාන හේතුවක් ලෙස පවුලේ වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා ගැනීමේ මද බව දැක්විය හැකිය.

  • Medical Journal of Australia හි ඊයේ (27/03) ප්‍රකාශයට පත් වාර්තාවකට අනුව ඔස්ට්‍රේලියාවේ සෑම දරුවන් දස දෙනෙකුගෙන් නව දෙනෙකුම එන්නත් ලබා ගෙන ඇති නමුත් වැඩිහිටියන් එයට පිටුපසින් සිටියි.
  • ඉන්ෆ්ලුවෙන්සාව, නියුමෝනියාව සහ පාමන් රෝගය මෙන්ම අවිදුර දෘෂ්ඨිකත්වය සඳහා අදාළ එන්නත් ඔස්ට්‍රේලියානු වැඩිහිටියන් අඩක් පමණ ලබා නොගන්නා බව හෙළිවේ.
  • මේ සඳහා ප්‍රධානතම හේතුව ලෙස අදාළ පුද්ගලයින්ගේ පවුලේ වෛද්‍යවරුන් මෙම එන්නත් නිර්දේශ නොකරීම බව නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ එන්නත් හා ආසාදන පිළිබඳ පර්යේෂණ විද්‍යාගාරයේ ප්‍රධානී සහ මෙම වාර්තාවේ සම කර්තෘ මහාචාර්ය Raina MacIntyre පැවසුවාය.
  • පුද්ගලයින් කෙතරම් ප්‍රත්රෝධයක් දැක්වුවද ඔවුන් තමන්ගේ පවුලේ වෛද්‍යවරයාව විශ්වාස කරන බවද ඇය පැවසුවාය.
  • සෑම වසරකම වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයින් 13,500 ක් පමණ ඉන්ෆ්ලුවෙන්සා රෝගය හේතුවෙන් රෝහල් ගත කරන අතර 3000 ක් පමණ ජීවිතක්ෂයට පත් වේ.
  • කෙනෙකු වියපත් වන විට එන්නතෙහි ක්‍රියාකාරීත්වය අඩු වන බවට මතයක් පවතින නමුත් එය දුර්මතයක් බව මහාචාර්ය Raina MacIntyre පැවසුවාය.
  • වයස අවුරුදු 65 ට වැඩි සෑම පුද්ගලයින් සිව් දෙනෙකුගෙන්ම එක් අයෙකු සෙම්ප්‍රතිශ්‍යා උණ සඳහා එන්නත (the flu vaccine) ලබා නොගන්නා බව හෙළිවේ.
  • ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වතාවට මෙම වසරේදී මෙම flu shot හෙවත් සෙම්ප්‍රතිශ්‍යා උණ සඳහා එන්නත රට පුරා ඖෂධාගාර වල, වෛද්‍ය මධ්‍යස්ථාන වල සහ පවුලේ වෛද්‍යවරුන්ගේ සායන වලදී ලබා ගැනීමට හැකිය.
  • මෙලෙස මෙම එන්නත් රට පුරා බහුලව ලබා ගැනීමට සැලසීමෙන් මිලයන 6ක් දක්වා වූ ජනතාව මේවා ලබා ගනු ඇතැයි Pharmacy Guild of Australia සමීක්ෂණය සොයාගෙන ඇත.
  • සෙම්ප්‍රතිශ්‍යා උණ සඳහා එන්නතින් සෙම්ප්‍රතිශ්‍යා උණ වැලඳෙන බවට තවත් දුර්මතයක් පවතියි.
  • එකිනෙකට වෙනස් වූ සෙම්ප්‍රතිශ්‍යා උණ සඳහා එන්නත් 90 ක් පමණ ඇති බවද මහාචාර්ය Raina MacIntyre පැවසුවාය.

Share
Published 28 March 2017 1:08am
Updated 28 March 2017 1:12am
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends