ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය හේතුවෙන් අප අතර බහුල රෝග මාරාන්තික රෝග බවට පත් වීමේ අවධානමක් (SBS සිංහල / වාර්තා )

antibiotics

File image. Source: AAP

ප්‍රතිජීවක ඖෂධ පමණට වඩා භාවිතය හේතුවෙන් ඉතා සුලභ පහසුවෙන් සුව කල හැකි රෝග පවා මාරාන්තික විය හැකි බවට  ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් අනතුරු අගවා තිබේ.



ඇමරිකා එක්සත් ජනපදයේ අසනීප වූ කාන්තාවක් ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් සුව කල නොහැකි තත්වයක් ඇති වීමත් සමග මේ පිළිබද සෞඛ්‍ය අංශ වල දැඩි අවදානයක් යොමු වී තිබේ. ප්‍රතිජීවක ඖෂධ ඉතා බහුල ලෙස භාවිත කිරීම හේතුවෙන් රෝගකාරක බීජ වලට එරෙහිව එම ඖෂධ භාවිතය අපහසු වීමේ අවධානම් සහගත තත්වයක් මතුව ඇති  බව Australasian Society for Infectious Diseases සංවිධානයේ මහාචාර්ය Cheryl Jones පවසයි. සුලභ රෝගකාරක බීජ ( common pathogens) සදහා ප්‍රතිජීවක ඖෂධ යොදාගෙන ප්‍රතිකාර කල නොහැකි තත්වයක් නොහැකි වුවහොත් එය සෞඛ්‍ය කේෂ්ත්‍රයේ අංශ ගණනාවකට අහිතකර ආකාරයෙන් බලපානු ඇති බව මහාචාර්ය Cheryl Jones වැඩි දුරටත් සදහන් කරයි.


ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව ඕස්ට්‍රේලියාව  තුල ප්‍රතිජීවක ඖෂධ භාවිතය ඉතා ඉහල අගයක් ගන්නා  බව සදහන්.



ප්‍රතිජීවක ඖෂධ භාවිතය පාලනය කිරීමට රජය විවිධ ක්‍රමවේද හදුන්වා  දී තිබුනද, ප්‍රතිජීවක ඖෂධ පාලනයකින් තොරව ලබාගැනීමට ඇති අවස්ථා අවම කිරීමට තවත් ක්‍රියාමාර්ග ගත යුතු බව ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය (AMA ) පවසයි.
තවද මෙරටට ආනයනය කරන අහාර  මගින් සහ විදේශීය සංචාරකයින් මාර්ගයෙන් පැමිණෙන, ප්‍රතිජීවක ඖෂධ වලට ප්‍රතිචාර නොදක්වන රෝග බීජ (superbugs) නිරීක්ෂණය කිරීමද වැදගත් කාරණයක් බව එම සංගමය පෙන්වා දී තිබේ. තවද නව රෝග අවධානම් හදුනා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය මේ වන විටත් US Centers for Disease Control and Preventioන නමින් ආයතනයක් පිහිටුවා ඇති අතර ඕස්ට්‍රේලියාව  තුලද Australian National Centre for Disease Control නමින් ඊට සමාන ආයතනයක් පිහිටුවීම කාලීන  අවශ්‍යතාවයක් බව ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය පවසයි.

 

ප්‍රතිජීවක ඖෂධ වලට ප්‍රතිචාර නොදක්වන රෝග බීජ පිලිබදව සාකච්චා කිරීමට සෞඛ්‍ය කේෂ්ත්‍රයේ ප්‍රවීනයින් සහභාගී වන සමුළුවක්
ජුනි 29දා  මෙල්බර්න් නුවරදී පැවැත්වීමට නියමිතයි.





Share
Published 18 April 2017 7:13am
Updated 18 April 2017 1:24pm
By Sanjaya Dissanayake


Share this with family and friends