විමර්ශනයටත් පෙර ඩොලර් මිලයන 700 කට මෙල්බන් නුවර Myki කොන්ත්‍රාත්තුව නැවත අලුත් වෙයි. (SBS සිංහල/වාර්තා)

2010 වසරේදී Myki පද්ධතිය මෙල්බන් හි ක්‍රියාත්මක කරන විට එයට නියමිත වියදමට වඩා ඩොලර් මිලියන 500 ක පිරිවැයක් දැරීමට සිදුවූ බවත් සැලසුම් කළ කාලයට වඩා ප්‍රමාද වූ බවත් පොරොන්දු වූ පරිදි single-use tickets හෙවත් එක වරක් භාවිතා කළ හැකි ටිකට් පතක් හඳුන්වාදීමේ ක්‍රමය නොමැතිවීමත් මගින් මෙය විශාල වශයෙන් අසමත්වූ ව්‍යාපෘතියක් ලෙස වාර්තා විය.

A public transport user swipes a MYKI Card at parliament Station in Melbourne, Monday, May 28, 2012. The electronic ticketing system has replaced the Metcard. (AAP Image/Julian Smith) NO ARCHIVING

A public transport user swipes a MYKI Card at parliament Station in Melbourne, Monday, May 28, 2012. Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයේ පොදු ගමනාගමන කටයුතු සඳහා භාවිත කරනු ලබන ආන්දෝලනාත්මක  myki කාඩ්පත් පද්ධතිය ඩොලර් මිලියන 700ක නව කොන්ත්‍රාත්තුවක් යටතේ නැවත අලුත් කර ඇති බව වාර්තා වේ.

වසර 8 ක් පුරාවට වික්ටෝරියානු ප්‍රාන්තයේ පොදු ගමනාගමන කටයුතු සඳහා ක්‍රියාත්මක වූ මෙම පද්ධතියේ අඩු ලුහුඬු කම් රාශියක් පැවති අතර තවමත් ඇතැම් දෝෂ සාදා නොමැති බව සඳහන්.

මේ සම්බන්ධව වික්ටෝරියානු ප්‍රාන්තයේ විගනකාධිපතිගේ වාර්තාව ඊයේ (22/06) දිනයේ නිකුත්වූ අතර එමගින් ගතවූ කාලය තුළ myki  පද්ධතිය ලබා දුන් සේවාව පිළිබඳ පසු විපරමක් සිදු කිරීමට Public Transport Victoria ආයතනයට නියෝග ලබා දී තිබේ.

කෙසේ වෙතත්, 2023 වසර තෙක් myki  පද්ධතිය  පවත්වාගෙන යාමට NTT Data ආයතනයට වරම් ලැබී ඇති නමුත් අදාළ විමර්ශනය තවමත් සිදුවෙමින් පැවතීමද විශේෂත්වයකි.

"මේකනේ තේරුම් යන්නේ PIR හෙවත්  Property Investment Research ආයතනය මගින් ඉදිරිපත් කෙරුණු වාර්තා  2017 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන නව myki කොන්ත්‍රාත්තුවට දැනුම් නොදුන් බවයි" යනුවෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ විගනකාධිපති Andrew Greaves තම වාර්තා වේ සඳහන් කර තිබේ.
මෙම සියලු ගැටළු සඳහා මූලික හේතුව වී ඇත්තේ myki පද්ධතිය සම්බන්ධව නිර්මාණය කෙරුණු මූලික ව්‍යාපාරික ලියවිලි ප්‍රාන්ත අගමැතිගේ දෙපාර්තමේන්තුවට සොයා ගත නොහැකි වීමය.
මෙනිසාවෙන්, මෙම කටයුතු ප්‍රාන්ත අගමැතිගේ දෙපාර්තමේන්තුව සමග සංසන්දනය කිරීමේ අසමත්කමක් ඇතිවී ඇති බව Public Transport Victoria ආයතනය, වික්ටෝරියානු ප්‍රාන්තයේ විගනකාධිපතිට දන්වා ඇත.

2010 වසරේදී Myki  පද්ධතිය මෙල්බන් හි ක්‍රියාත්මක කරන විට එයට නියමිත වියදමට වඩා ඩොලර් මිලියන 500 ක පිරිවැයක් දැරීමට සිදුවූ බවත් සැලසුම් කළ කාලයට වඩා ප්‍රමාද වූ බවත් පොරොන්දු වූ පරිදි single-use tickets හෙවත් එක වරක් භාවිතා කළ හැකි ටිකට් පතක් හඳුන්වාදීමේ ක්‍රමය නොමැතිවීමත් මගින් මෙය විශාල වශයෙන් අසමත්වූ ව්‍යාපෘතියක් ලෙස වාර්තා විය.

මගීන් හට තම Myki   කාඩ් පත් වලට මුදල් යොමු කිරීමට වෙබ් අඩවියක් හෝ ජංගම දුරකතන app  එකක් පවා තවමත් Myki  පද්ධතිය සත් නොවීමද සුවිශේෂී තත්ත්වයකි.

Share
Published 23 June 2017 11:40am
Updated 23 June 2017 12:39pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends