ඔස්ට්‍රේලියාවේ penalty දීමනා කප්පාදුව පිළිබඳ අලුත්ම අධිකරණ තීන්දුව මෙන්න. (SBS සිංහල/වාර්තා)

මෙම කප්පාදුව නීතිමය වශයෙන් අහේතුක බවත් මෙම දීමනා කප්පාදුව අඩු ආදායම් ලාභී සේවකයින් හට බලපාන අයුරු පිළිබඳ අවධානය යොමු කිරීමට අපොහොසත් වීම යන කරුණු මත United Voice වෘත්තීය සමිතිය හා Distributive and Allied Employees Association යන ආයතන Fair Work කොමිසමේ එම තීන්දුවට එරෙහිව අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.

Penalty rate cut-down

Source: SBS

ඔස්ට්‍රේලියාවේ hospitality, retail, Pharmacy සහ fast-food යන ක්ෂේත්‍ර වල ඉරිදා හා ප්‍රසිද්ධ නිවාඩු දිනවල සේවය කරන සේවකයින්ගේ penalty rates හෙවත් penalty දීමනා කප්පාදු කිරීමට ගත් Fair Work කොමිසමේ තීරණයට විරුද්ධව ගොනු කළ වෘත්තීය සමිති අභියාචනය නිෂ්ප්‍රභා වී තිබේ.

Fair Work කොමිසම මෙලෙස ඉරිදා හා ප්‍රසිද්ධ නිවාඩු දිනවල penalty දීමනා කප්පාදු කිරීමට ගත් තීරණය නීතිමය බැඳීමකට යටත්ව සිදු කර ඇති හේතුවෙන් එහි කිසිදු ගැටළුවක් නොමැති බව අධිකරණය ප්‍රකාශ කර තිබේ.
පසුගිය පෙබරවාරි මාසයේ දී Fair Work කොමිසම විසින් නිවේදනය කළ මෙම penalty දීමනා කප්පාදුව ඉහත ක්ෂේත්‍රයන්හි සේවය කරන සියලුම පූර්ණ කාලීන, අර්ධ කාලීන සහ අනියම් සේවකයින් හට බලපාන බවද වාර්තා වේ.
මෙම කප්පාදුව නීතිමය වශයෙන් අහේතුක බවත් මෙම දීමනා කප්පාදුව අඩු ආදායම් ලාභී සේවකයින් හට බලපාන අයුරු පිළිබඳ අවධානය යොමු කිරීමට අපොහොසත් වීම යන කරුණු මත United Voice වෘත්තීය සමිතිය හා Distributive and Allied Employees Association යන ආයතන Fair Work කොමිසමේ එම තීන්දුවට එරෙහිව අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.

Fair Work කොමිසම පරිපාලනමය වශයෙන් වැරද්දක් සිදු කර ඇති බව නිශ්චය කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බව අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු Mordy Bromberg පැවසීය.

ඔස්ට්‍රේලියාවේ වැඩ කරන ජනතාව ආරක්ෂා කිරීමට ඇති සේවක පනත් සහ නීති වල පැහැදිලි අඩුපාඩු ඇති බව මෙම අධිකරණ තීන්දුව මගින් පෙනෙන බවත් එම සේවකයින් ආරක්ෂා කිරීමට අදාළ නීති නැවත වරක් අපොහොසත් වී ඇති බවත් United Voice හි ජාතික ලේකම් Jo Schofield පැවසුවාය.

කෙසේවෙතත්, අසාධාරණයට ලක්ව සිටින මෙම සේවකයින් වෙනුවෙන් සටන අත්නොහරින බවද ඇය ප්‍රකාශ කළාය.
මෙම කප්පාදුව සමස්ත ඔස්ට්‍රේලියාවේම ලක්ෂ 5 කට ආසන්න පිරිසකට බලපාන බවත් මේ හේතුවෙන් වසරකට ඔවුන් හට ඩොලර් 6000 ක පමණ පාඩුවක් අත් විඳීමට සිදුවන බවත් Australian Council of Trade Unions හෙවත් ACTU පෙන්වා දෙයි.
නමුත් මාර්තු මාසයේදී රජය ඇස්තමේන්තු කරනු ලැබුවේ මෙය බලපාන පිරිස 300,000 ත් 450,000 ත් අතර වන බවය.

කප්පාදුව සිදුවන අයුරු.

Penalty rate cut-down
Source: SBS
අදාළ ක්ෂේත්‍ර වල ප්‍රසිද්ධ නිවාඩු දිනවල සිදු කෙරෙන කප්පාදුව පසුගිය ජූලි 01 වන දින සිට ක්‍රියාත්මක වීම ආරම්භ විය.

නමුත් ඉරිදා penalty දීමනා කප්පාදුව වසර කිහිපයක් පුරාවට පියවර කිහිපයකින් සිදු කිරීමට නියමිතය.

ABC පුවත් ඇසුරෙනි.

---------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

---------------------------------------------------------------------------------




Share
Published 12 October 2017 1:31am
By Madhura Seneviratne

Share this with family and friends