ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල මාර්ග තද බදය අවම කිරීමට රියදුරන්ගෙන් නව ගාස්තුවක් අය කිරීමේ යෝජනාවක්.

Traffic Congestion (File Image)

Traffic Congestion (File Image) Source: AAP

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල කාර්ය බහුල මාර්ග වල තද බදය අවම කිරීම සඳහා නව ගාස්තුවක් අය කිරීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ බුද්ධි මණ්ඩලයක් වන Grattan ආයතනය යෝජනා කර තිබේ.

ඊට අමතරව මාර්ග වල තදබදය ඉහළ වේලාවන් මග හරින රියදුරන් හට දිරිගැන්වීමේ දීමනාවක්ද ලබා දිය යුතු බව ඔවින් ප්‍රකාශ කර ඇත.

සිඩ්නි හා මෙල්බන් නගර වල නගර මධ්‍යයේ සේවය කරනුයේ 14% ක පිරිසක් බවද Grattan ආයතනය පවසයි.

මෙම යෝජිත අය කිරීම  බද්දක් නොවන බව Grattan ආයතනයේ ගමනාගමන අධ්‍යක්ෂ  Marion Terrill, ABC පුවත් වෙත පැවසුවාය.


Share
Published 3 October 2017 11:24am
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends