එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයාට බන්ධනාගාරගත කර ඇති LTTE සැකකරුවන් මුණ ගැසීමට අවසර ලබා දුන්නේ කවුද ? ජනපති මෛත්‍රී කැබිනට්ටුවෙන් ප්‍රශ්න කරයි.

Sri Lanka Politics

Source: Daily News

පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටුදැකීමේ විශේෂ නියෝජිත  Ben Emmerson හට බන්ධනාගාරගත කර ඇති LTTE සැකකරුවන් මුණ ගැසීමට අවසර ලබා දුන්නේ කවුරුන්ද යන්න ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (18/07) කැබිනට් රැස්වීමේදී ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.

ත්‍රස්ත විරෝධී පණත යටතේ රඳවා තබාගෙන සිටින පුද්ගලයන් හට වධ හිංසා පමුණුවන බවට Ben Emmerson ලබා දුන් අවසන් වාර්තාවේ සඳහන් කර ඇති බව පැවසේ.

මේ අතර ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා Ben Emmerson ගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කළ අතර ඔහු සමග දැඩි වාදයකට ද පැමිණි බව වාර්තා වේ.

Ben Emmerson හට බන්ධනාගාරගත කර ඇති LTTE සැකකරුවන් මුණ ගැසීමට අවසර ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය බව මේ වන විට හෙළිවී තිබේ.


Share
Published 19 July 2017 8:55pm
By Madhura Seneviratne
Source: Daily Mirror


Share this with family and friends