නව ඕස්ට්‍රේලියානු පාසැල් ප්‍රතිපාදන වැඩසටහන තුල සිදු වන වෙනස් කම් මොනවද ?

School students

Education expert Ken Boston has come out in support of the federal government's school funding plan. (AAP) Source: AAP

Gonski 2.0 යනුවෙන් නම් කර ඇති වතමන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය හෙට දිනයේ ( ජුනි 21දා ) සෙනෙට් සභාව තුල විවාදයට ගැනීමට නියමිත අතර, වර්තමාන පාසැල්  ප්‍රතිපාදන ක්‍රමවේදය වෙනස් කරමින් සිදුකරන  මෙම සංශෝධනයේ ප්‍රතිපල දෙස බොහෝදෙනා බලා සිටින්නේ ඉතා උනන්දුවෙන්.

පවතින පාසැල් ප්‍රතිපාදන සැලසුම වෙනස් වන්නේ කේසේද?

දැඩි ප්‍රතිපාදන හිගයක් ඇති පාසැල්  සදහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් ලබා දෙන මෙම නව ක්‍රම වේදය යටතේ, වසර 10ක  කාලයක් සදහා ඩොලර් බිලියන 18.6ක අමතර ප්‍රතිපාදන ලබාදීමට රජය තීරණය කර තිබේ. දැනට ක්‍රියාත්මක ප්‍රතිපාදන ක්‍රම වේදයේ සිට, වසර 10ක  කාලයක් තුල ක්‍රමානුකුලව පාසල් නව ක්‍රමවේදය සදහා අනුගත කිරීම සිදු කිරීමට නියමිතයි.මෙහිදී සමහරක් පාසැල්  වලට ලැබෙන ප්‍රතිපාදන වල අඩුවීමක් සිදු වීමට ඉඩ ඇති නමුත් බහුතර පාසල් ප්‍රමාණයක් සදහා ලැබෙන ප්‍රතිපාදන වැඩි වනු ඇති බව සදහන්.

මේ නව ප්‍රතිපාදන ක්‍රම වේදය යටතේ, රජයේ පාසැල් වලට ලැබෙන මුලික ප්‍රතිපාදන වලින් 20%ක් ෆෙඩරල් රජයෙන් හිමිවන අතර, රජයට අයත් නොවන පාසැල් සදහා ලැබෙන මුලික ප්‍රතිපාදන වලින් 80%ක් ෆෙඩරල් රජයෙන් හිමි වීමට නියමිතයි.ප්‍රාන්ත රජයන් මේ අනුව ඔවුන් දැනට පාසැල්  සදහා ක්‍රියාත්මක කරන ප්‍රතිපාදන වැඩසටහන් ක්‍රියාත්මක කල යුතු බව සදහන්.

අවසන් ප්‍රතිපාදන සැලසුමට යෝජිත වෙනස්කම්

මෙම ප්‍රතිපාදන සැලසුම වසර 10කට වඩා කෙටි කාලයකින් ක්‍රියාත්මක කිරීම යෝග්‍ය  බව ග්‍රීන්ස් පක්ෂය සහ ස්වාධින සෙනෙට් සභික Nick Xenophon මහතාගේ කණ්ඩායම රජයට යෝජනා කර ඇති බව සදහන්. ඒ අනුව අදාල සැලසුම වසර 6කින් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුවී ඇති අතර, වසර හතරක කාලයක් තුල අමතර ඩොලර් බිලියන 1.5ක් ඒ සදහා එක්  කිරීමට ඉඩ ඇති බව වාර්තා සදහන් කරයි.


තවද මෙම ප්‍රතිපාදන බෙදී යන ආකාරය නිරීක්ෂණය කිරීමට ස්වාධීන  මණ්ඩලයක් පත් කලයුතු බව දෙපාර්ශවයේම යෝජනාවක් බවට පත්ව තිබේ. මෙයත් මේ වන විට සාකච්චා මට්ටමේ පවතින අතර, බොහෝවිට අවසන් යෝජනාව සදහා එය එක්  වනු ඇති බව මාධ්‍ය වාර්තා සදහන් කරයි. තවද පවතින ප්‍රාන්ත ප්‍රතිපාදන ක්‍රමවේදය සංශෝධනය කරමින් ප්‍රාන්ත රජයන් මගින් ලබාදෙන ප්‍රතිපාදන වැඩි කිරීමක් සිදු කල යුතු බවට යෝජනා ඉදිරිපත්ව තිබුනද, එය ඉතා සංකීර්ණ කටයුත්තක් නිසා එයද සාකච්චා මට්ටමේ පවතින බව සදහන්.

ලිබරල් සෙනෙට් සභික Chris Blackගෙන් නව යෝජනාවට විරෝධය


බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත ලිබරල් සෙනෙට් සභික Chris Black මෙම නව ප්‍රතිපාදන ක්‍රම වේදය සංශෝධනය විය යුතු බව පවසන අතර, නව ප්‍රතිපාදන ක්‍රමවේදය හදුන්වාදීමේදී  මාස  මාස  12ක  කාලයක් කතෝලික පාසැල්  සදහා දැනට පවතින ක්‍රමවේදය ක්‍රියත්මක කල යුතු බවට ඔහු රජයට යෝජනා කර තිබෙනවා.  මේ සදහා මෙතෙක් රජය එකග තාවයකට පැමිණ නැති අතර අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham  සහ සෙනෙට් සභික Chris Black අතර මේ පිලිබදව සාකච්චා පැවැත්වෙන බව සදහන්.


මේ සතියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාව සෙනෙට් සභාවට ඉදිරිපත් වීමෙන් පසු සිදු වන්නේ කුමක්ද?


හෙට දිනයේදී අදාල යෝජනාව සෙනෙට් සභාවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඒ සදහා අනුමැතිය ලබාගැනීමට රජය ජන්ද 10ක් අවශ්‍යව තිබේ. යම් හෙයකින් සෙනෙට් සභික Chris Black මේ සදහා විරුද්ධව ජන්දය ප්‍රකාශ කල හොත් රජයට ඒ සදහා ජන්ද 11ක් අවශ්‍ය වනු ඇති.සෙනෙට් සභික Derryn Hinch සහ One Nation පක්ෂයේ සෙනෙට් සභිකයින් හතර දෙනා  මේ සදහා සහාය  දෙන බව ප්‍රකාශ කර ඇති අතර Liberal Democrat  සෙනෙට් සභික David Leyonhjelm සහ ස්වාධින සෙනෙට් සභික Lucy Gichuhi ගේ සහායද  මේ සදහා හිමි වනු ඇති.

ග්‍රීන්ස් පක්ෂයේ ජන්ද සහ ස්වාධින සෙන්ට් සභික Nick Xenophonගේ කණ්ඩායමේ ජන්ද තවමත් අස්ථිර තත්වයක පවතින අතර රජය ඔවුන්ගේ සහාය  මේ සදහා ලබාගැනීමට සාකච්චා පවත්වන බව වැඩි දුරටත් වාර්තා වෙයි.


Share
Published 20 June 2017 6:28am
Updated 20 June 2017 10:39am
By Sanjaya Dissanayake


Share this with family and friends