බටහිර ඔස්ට්‍රේලියාවේ ආයෝජන දේපළ සඳහා බද්දක්.

Australian Housing Market

Source: iStock

බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය තුල ආයෝජන  දේපල සදහා බද්දක් පැනවීමට එම ප්‍රාන්ත රජය සලකා  බලමින් සිටින බව වර්තා වෙයි.

වාර්ෂික දල අදායම ඩොලර් 24,000 හෝ ඊට වැඩි දේපල සදහා ඩොලර් 270ක  බදු මුදලක පැනවීම මගින් එම ප්‍රාන්ත රජයට අමතර බදු අදායමක් ලබාගැනීම මෙම යෝජනාවේ අරමුණ වී තිබේ.

මේ පිලිබදව අදහස් දක්වන ප්‍රාන්ත විපක්ෂය පවසන්නේ, එය වත්මන් ප්‍රාන්ත කම්කරු රජය මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු කඩකිරීමක් බවයි.


එමෙන්ම ආයෝජන නිවාස හිමියන් මෙම බදු, කුලී නිවාස හිමියන් මත පටවන බවත් එමගින් අඩු අදායම් ලාභීන් අපහසුතාවයට පත් වන බවත් බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ විපක්ෂය පවසයි.


Share
Published 19 May 2017 12:52pm
Updated 19 May 2017 12:54pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends