බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණය 2017 : ලිබරල් පක්ෂයේ පරාජයත් සමග පක්ෂ අභ්‍යන්තරයේ පරස්පර විරෝධී දෝෂාරෝපණ. (SBS සිංහල)

Mathias Cormann defends preference deal with One Nation as recriminations begin

Source: The Australian

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණයෙන් ලිබරල් පක්ෂය ලැබූ දැඩි පරාජය සහ Pauline Hanson ගේ One Nation පක්ෂය සමග මැතිවරණයට පෙර ඇති කරගත් ගිවිසුම සම්බන්ධයෙන් මේ වන විට ලිබරල් පක්ෂය තුළ පරස්පර විරෝධී දෝෂාරෝපණ එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.

මැතිවරණයට පෙර සිටම සිදු කළ සමීක්ෂණ වලදී One Nation පක්ෂය සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබා ගනු ඇතැයි වාර්තා පෙන්වා දුන් නමුත් මේ වන විට ඔවුන් හට ලබා ගැනීමට හැකිව ඇති ඡන්ද ප්‍රමාණය 5% කටත් වඩා අඩු ප්‍රමාණයකි.

ලිබරල් පක්ෂය මැතිවරණය ජයග්‍රහණය කළහොත් ඔවුන්ට වැඩි ආසන ප්‍රමාණයක බලය ලබා දීමට One Nation පක්ෂයේ සහය ලබා ගන්නා බවට ගිවිසුමක් මැතිවරණයට පෙර පක්ෂ දෙක අතර ඇති කරගෙන තිබුණි.

කෙසේවෙතත්, ලිබරල් සහ One Nation පක්ෂය අතර ඇතිකරගත් එම ගිවිසුම අත් වැරද්දක් බව අද (12/03) උදෑසන The Nationals පක්ෂයේ නායක Barnaby Joyce ප්‍රකාශ කළේය.

One Nation පක්ෂයේ ජනප්‍රියතාව ලිබරල් පක්ෂය විසින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා විශ්වාස කළ බවද ඔහු පෙන්වා දෙයි.

මේ අතර ලිබරල් සහ One Nation පක්ෂ අතර ඇති කරගත් ගිවිසුම සිදු කළ යුතුව තිබූ එකක් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ මන්ත්‍රී සහ බටහිර ඔස්ට්‍රේලියානු සෙනට් සභික Mathias Cormann පවසයි.

ලිබරල් පක්ෂයේ මූලික ඡන්ද පදනම අඩු බැවින් තම පක්ෂය හට One Nation පක්ෂය වැනි පක්ෂයක් සමග ගිවිසුම් ගත වීමට සිදුවූ බව ඔහු පෙන්වා දෙයි.

Share
Published 12 March 2017 6:55pm
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends