ඔස්ට්‍රේලියාවට පැමිණීමට ඔබත් බලාපොරොත්තු වෙනවාද ? ඔබට ලබා ගත හැකි වීසා කාණ්ඩ මේවායි ..

australian visa

australian visa Source: Getty Images

ඔස්ට්‍රේලියාවට පැමිණීමට සිහින මවන ඔබට ඕස්ට්‍රේලියානු හෝ ස්ථිර පදිංචිය යන ක්‍රම 2න් ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකියි.
තාවකාලික වීසා වන්නේ, ශිෂ්‍ය වීසා, කුසලතා සේවකයන් හා working holiday ලාබීන්. ස්ථිර පදිංචිය සදහා ඔබට සංක්‍රමණ වීසා හෝ මානුෂීය වීසා සදහා අයදුම් කල හැකියි. නව සීලන්ත පුරවැසියන්ට ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමට වෙනම නීති මාලාවක් තිබේ.

 
screen_shot_2017-08-17_at_3.43.45_pm.png?itok=0zdNtn4P&mtime=1502949982

Chart of temporary visa holders.


ඔස්ට්‍රේලියානු සංක්‍රමණ ක්‍රමවේදය ඉතා සංකීර්ණ බැවින් ඒ සදහා බොහෝ දෙනා නීතීඥය හෝ ඒජන්ත සහය පතනවා. ඔස්ට්‍රේලියාව තුල සංක්‍රමණ ඒජන්තවරු 5000ක් සිටිනවා. 

 

migration_graph.jpg?itok=JhyasUNq&mtime=1480471719

Source: Migration: the economic debate (Committee for Economic Development of Australia)





1.අන්තර්ජාතික ශිෂ්‍ය වීසා


subclass 500 - පුර්ණ කාලිකව පිළිගත් අද්යාපන ආයතනයක ඉගෙනුම සදහා
subclass 590 - ශිෂ්‍යා අවුරුදු 18 අඩු නම්, භාරකරු වීසා . මෙම භාරකරු වයස 21ට වැඩි විය යුතු අතර දෙමාපියන් හෝ නීත්‍යානුකුල භාරකරු විය යුතුයි
Training visa (subclass 407).- ඔබට ආයතනික පුහුණුව අවශ්‍ය නම් මේ වීසා කාණ්ඩය ලබා ගන්න
subclass 485 - අධ්‍යාපනය හමාර කොට රැකියා පුහුණුව අවශ්‍ය විට graduate වීසා නම් වීසා කාණ්ඩය ලබා ගන්න 



2.තාවකාලික කුසලතා වීසා


සාමාන්‍ය කුසලතා වීසා, තෙල් හා ගෑස් කර්මාන්තයේ වීසා, ව්‍යාපාරික වීසා කාණ්ඩ මෙයට අයත් වේ .
වඩා ජනප්‍රිය 457 රැකියා වීසා එක වසර 2018 මාර්තු සිට අහෝසි වන අතර ඒ වෙනුවට emporary Skills Shortage (TSS) visa. නම් වීසා එක හඳුන්වා දේ. එම නව ක්‍රමය වසර 2ක වීසා එකක් වන අතර එය වසර 4 දක්වා දික් කර ගැනීමේ ක්‍රමයක් ද ඇත. එමගින් ඉක්මනින් ඔස්ට්‍රේලියාව තුල ශ්‍රමිකයය්න් සොයා ගත නොහැකි අවස්ථා වෙනුවෙන් විදේශිකයන් ගෙන්වා ගැනීම සිදුවේ. මෙම නව වීසා එක දැනට 457 වීසා එක තුල සිටින ශ්‍රමිකයන් ට ද බලපායී. 2017 අප්‍රේල් 18ට පෙර 457 වීසා සදහා අයදුම් කල හෝ ඉල්ලුම් කල රැකියාව ලැයිස්තුවෙන් ඉවත් කල පුද්ගලයන්ට ඔවුන් ගෙවූ ගාස්තුව නැවත ලබා ගැනීමට අවස්තාව ලැබේ.

3. Working Holiday වීසා

උපකාන්ඩ 417 වන මෙය සංචාරකයන්ට සංස්කෘතිකමය හුවමාරුවක් සදහා අවස්තාවක් ලබා දීමක්. වයස 18-30 ත් අතර සංචාරකයන්ට ඔස්ට්‍රේලියාව තුල මාස 6ක් එක ස්ථානයක රැකියාවක් කිරීමට හා මාස 4ක් අධ්‍යාපනය ලැබීමට අවස්තාව ලැබේ. ඔවුන්ට මාස 12ට වීසා ලැබෙන අතර ඔවුන් ප්‍රාදේශීය පෙදෙසක දින 88ක් රැකියා කොට ඇත්නම් තවත් මාස 12 දක්වා වීසා කාලය දිගු කර ගැනීමට හැකියි. නමුත් a recent Fair Work report එකක් මගින් හෙළි වී ඇත්තේ මෙම තරුණයින් බොහෝ විට ශ්‍රම සුරා කෑමට හසු වන බවයි 


4. නවසීලන්ත ජාතිකයන්


කාලයත් සමග නවසීලන්ත ජාතිකයන් ට ඕස්ට්‍රේලියාවේ සුභ සාධන ලබා දීම පිලිබඳ විවිද මත පල වී තිබෙනවා. ඔවුන් special category visa එකක් තුල ඕනෑම කාලයක් රැකියා කිරීම හා ජීවත් වීමට සුදුසුකම් ලබනවා. එම වීසා එකේ වසර 5ක් ජීවත් වී වසරකට ඩොලර් 55000ක් වඩා වැඩි වැටුපක් ලබා ඇත්නම් ඔවුන්ට ඕස්ට්‍රේලියානු පුරවැසියන් විය හැකියි




5.ස්ථිර පදිංචි වීසා



 

මේ සදහා විවිද වීසා කාණ්ඩ ඇති අතර වසර 2016-2017 දී ඒ සදහා 190,000 වීසා ප්‍රමාණයක් වෙන් කොට තිබේ. ඒ අතරින් 128,550 කුසලතා යටතේ යටතේද , පවුලේ සාමාජිකයන් සදහා 57,400 ද, මීට පෙර ඕස්ට්‍රේලියාවේ වාසය කල අය වෙනුවෙන් 565 ලබා දී තිබේ.
එසේම Regional Sponsored Migration Scheme යටතේ ප්‍රාදේශීය පෙදෙසක ජීවත් වීමට අනුග්‍රහය හෝ වසර 2ක් ප්‍රාදේශීය පෙදෙසක ජීවත් වූ අයට ත් ඔවුන්ගේ ප්‍රාදේශීය පෙදෙසක වෙසෙන පවුලේ සාමාජිකයෙකු ලවා අනුග්‍රහය ලබා ගත හැකියි.
එසේම කුඩා දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් ද මෙයට ඇතුලත් කල හැකියි.
parent visas නම් ලබා ගැනීමට කල් ගත වන අතර , දරුවන් සදහා වීසා ලබා ගැනීමට එතරම් කලක් ගත නොවේ. සහකරු ගෙන්වා ගැනීමේ වීසා සදහා ගාස්තුව දැන් ඩොලර් 6000 තෙක් ඉහල ගොස් තිබෙනවා. මෙම Partner visas එක වසර 2ක තාවකාලික වීසා එකක් වන අතර ඉන් පසුවයි ස්ථිර වීසා සදහා අයදුම් කල හැක්කේ. එසේම වියපත් සහකරු හෝ remaining relative වැනි වීසා සදහා අසාර 50ක් පමණ ගත වේ.

මෙම කුසලතා ක්‍රමය යටතේ ඔබට මුලින් expression of  interest එකක් ඉදිරිපත් කල යුතු අතර ඉන් පසුව  ඒ අතරින් තෝරා ගැනීම සිදු වේ. සාමාන්යෙන් ව්‍යාපාරික වීසා කාණ්ඩ ඉක්මනනින් ලබා ගත හැකියි

6.මානුෂීය වීසා

රජය විසින් වසර 2016-2017 තුල 13,750 ක් මෙම වේසා ලබා දුන් අතර සිරියානු ප්‍රදේශ වලින් තවත් 12000ක් සරණාගතයින් භාර ගැනේ . ඔවුන් UNHCR කදවුරු තුල වෙසෙන අය නම් ඔවුන්ට එම අවස්තාව ලැබේ. බුරුමය, දකුණු සුඩානය වැනි රටවලින් ද මෙසේ සරණාගතයන්ට අවස්ථා හිමිවේ . නීත්‍යානුකුල ලෙස මෙම වීසා ලබා ගන්න පුද්ගයන්ට Immigration Advice and Application Assistance Scheme (IAAAS) ක්‍රමය යටතේ සහය ලැබේ. නමුත් බෝට්ටු වලින් පැමිණෙන සරණාගතයන්ට නාවුරු හෝ මානුස් දිවයින වැනි කඳවුරු වලට යාමට සිදු වේ .මෙම වීසා සදහාත් කාලයක් ගත වේ. විශේෂයෙන් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය මැන බැලීම වැනි කරුණු සදහා කලක් ගත වේ

 

 

 

 




 





Share
Published 1 September 2017 10:54pm
Updated 2 September 2017 12:15am


Share this with family and friends