අසේලට සහ සීකුගේ ට යුද හමුදාවෙන් උසස් වීම්.

SL Army promotes Asela and  Seekkuge

Source: SBS

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක දෙපළක් වන සීකුගේ ප්‍රසන්න සහ අසේල ගුණරත්න යන දෙපළගේ නිළයන් උසස් කිරීම අද (01/03) පෙරවරුවේදී ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදු කර තිබේ.

ඒ අනුව සීක්කුගේ ප්‍රසන්න යුධ හමුදාවේ බලලත් නිලධාරී 1 තනතුර සඳහා උසස් කර තිබෙන බව වාර්තා වන අතර මෙය සෙසු නිළයකට යා හැකි ඉහළම තනතුර බවද සඳහන්.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අසේල ගුණරත්න යුධ හමුදාවේ බලලත් නිලධාරී 2 තනතුර දක්වා උසස් කර තිබේ.

මොවුන් දෙපළම පසුගිය ක්‍රිකට් සංචාර ද්විත්වයෙහි දැක්වූ දක්ෂතා ඇගයීමක් වශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව මෙම තීරණය ගෙන තිබෙන බවද වාර්තා වේ.


Share
Published 1 March 2017 7:12pm
By Madhura Seneviratne


Share this with family and friends