ඔබට දඩයක් නියම වී ඇති විට නොමිලේ නීතිමය උපදෙස් ලබා ගත හැකි බව ඔබ දන්නවාද ?

ඔබට දඩයක් නියම වී ඇති විට නොමිලේ නීතිමය උපදෙස් ලබා ගත හැකි බව ඔබ දන්නවාද ? එසේම ඔබ දඩය නොගෙව්වොත් සිදුවිය හැකි දේ පිළිබඳවත් දැනුවත් වන්න

bills

Source: getty images

දඩයක් නියම වූ විටදී කල යුත්තේ කුමක්ද ?

දඩයක් නියම වූ විට එය අමතක කර සිටින්න එපා, කල් ගත වන විට දඩයට තවත් අමතර ගාස්තු එක වේ . එසේම ඔබ එය ගෙවීමට එකග නොවන්නේ නම්, කලයුතු දේ නොදන්නේ නම් නීතිමය උපදෙස් ලබා ගන්න.

නොමිලේ නීතිමය උපදෙස් ලබා ගන්නේ කෙසේද ?

ඕනෑම ප්‍රාන්තයක Legal Aid නමින් ඇති සේවා මගින් නොමිලේ නීතීඥය සහය ලබා ගත හැකියි. එහිදී ඔබේ භාෂාවෙන් භාෂා පරිවර්තක සහය ද ලබා ගත හැකියි

Parking fine
There is free Legal Aid available when you get a fine and want to dispute it or have incurred penalties. Source: AAP

ඔබේ ආදායම් තත්වය පහත වැටී ඇත්නම්

ඔබට සැබවින්ම ආර්ථික අපහසුතා ඇත්නම් , මානසික රෝගී තත්වයකින් පෙලීම නිසා විවිද වැඩසටහන් වලට සහභාගී වීමට නොහැකි නම් , ඔබට දඩය කොටස් ලෙස හෝ ඒ වෙනුවට විවිද සමාජ කාර්ය කිරීමට හෝ හැකියි

ඔබේ දඩ නය වලින් මිදෙන්නේ කෙසේද ?

ඒ සදහා විවිද වැඩසටහන් තිබේ. උදාහරණයක් ලෙස Legal Aid NSW මගින්  Work and Development Orders (WDO) ස්වෙච්චා වැඩ , උපදේශන සේවා ආදියට සහභාගී වීමෙන් එම දඩ ඉවත් කල හැකියි

Dollar coins
If you have accumulated a debt, there are options availbale to help you pay it off. Source: AAP

Share
Published 15 May 2017 7:58pm
Updated 12 August 2022 3:51pm
By Charitha Adikari, Ildiko Dauba


Share this with family and friends