ඔස්ට්‍රේලියානු සෙනට් සභාවේ නව සභාපති ලෙස Scott Ryan පත් වෙයි.

Scott Ryan elected new president of Senate.

Source: SBS

ඔස්ට්‍රේලියානු රජයේ හිටපු අමාත්‍යවරයෙකු වූ Scott Ryan ඔස්ට්‍රේලියානු සෙනට් සභාවේ නව සභාපති ලෙස අද (13/11) දිනයේ තේරීපත්විය.

මීට පෙර සෙනට් සභාවේ සභාපති ලෙස කටයුතු කළ Stephen Parry, ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය.

ඒ අනුව Scott Ryan සමග ග්‍රීන්ස් පක්ෂයේ Peter Whish-Wilson සෙනට් සභාපති ධුරය සඳහා තරග වැදුනි.

අද පැවති ඡන්ද විමසීමේදී Scott Ryan හට ඡන්ද 53 ක්ද Peter Whish-Wilson හට ඡන්ද 11 ක්ද හිමිවූ අතර ජය ලැබූ Scott Ryan සෙනට් සභාපති ධුරයේ වැඩ බාරගත්තේය.



SBS පුවත් ඇසුරෙනි.


Share
Published 13 November 2017 7:59pm
By Madhura Seneviratne


Share this with family and friends