ජේම්ස් බොන්ඩ්ට පණ දුන් Roger Moore දිවියෙන් සමු ගනියි.

Roger Moore

Roger Moore Source: AP

ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාව  ඔස්සේ ජනප්‍රියත්වය පත්වූ රංගන ශිල්පී ශ්‍රීමත් රොජර් මූර් පිළිකා රෝගයක් හේතුවෙන් මියගිය වාර්තා වේ.

1973 සහ 1985 අතර කාලයේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට 7කට එක්වූ ඔහු මිය යන විට 89 වැනි වියේ පසුවිය.

ලෝකයේ ගෞරවයට පාත්‍රවූ  ඔහුගේ චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන් සහ යුනිසෙෆ් සංවිධානය වෙනුවෙන් ඔහු කළ විචිත්‍ර වැඩසටහන් තුළින් Roger Moore හඳුනාගත් සැම වෙනුවෙන් සිය ආදරය සහ ගෞරවය පිරිනමන බව ඔහුගේ දරුවන් වන දෙබොරා, ජෙෆ්රි හා ක්‍රිස්ටියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

ඔහුගේ අවසන් කැමැත්ත අනුව පවුලේ අයගේ සහභාගිත්වයෙන් පෞද්ගලික අවමංගල උත්සවයක් මොනාකෝ හි දී පැවැත්වේ.


Share
Published 24 May 2017 9:25am
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends