ඕස්ට්‍රේලියානු කතෝලික සහ ස්වාධින පාසල් ගාස්තු ඉහල යාමේ අවදානමක්

School children

The federal government says inequalities in current school funding will blow out if nothing changes. (AAP) Source: AAP

ඕස්ට්‍රේලියානු රජය ක්‍රමවත් සැලසුමක් ඉදිරිපත් නොකළහොත්, මෙරට කතෝලික සහ ස්වාධින පාසල් ගාස්තු ඉහල යාමේ අවදානමක් ඇති බව සංවිධාන කීපයක් දෙමාපියන් වෙත අනතුරු ඇගවීමක් කර තිබේ.

 

ෆෙඩරල් රජයේ අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham මහතා මේ පිලිබදව සාකච්චා කිරීම දිනෙන් දින ප්‍රමාද කිරීමත් සමග මෙම ප්‍රතිපාදන අර්බුධය උග්‍ර වනු ඇති බවට නිව් සවුත් වේල්ස් රජයද අනතුරු ඇගවීමක් කර ඇති බව මාධ්‍ය වාර්තා සදහන් කරයි. තවද  ජාතික කතෝලික අධ්‍යපන කොමිසම ප්‍රතිපාදන කපා  දමා  ඇති පාසල් රැසක් සමග සාකච්චා කර ඇති බවත්, එම පාසල් වල විදුහල් පති වරුන් එළබෙන වසර සැලසුම් කිරීමේදී ප්‍රතිපාදන අර්බුද වලට මුහුණ දී සිටින බවත් වැඩි දුරටත් වාර්තා වෙයි. විදුහල්පතිවරුන් එළබෙන වසර සදහා ගුරුවරුන්ගේ සේවය ලබාගැනීමේදී සහ විවිධ අබාධ සහිත දරුවන් සදහාවූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මෙම ප්‍රතිපාදන අඩුව හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති බව සදහන්.

ෆෙඩරල් රජයේ අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham මාස  හයකට අධික කාලයක් මේ සදහා අවශ්‍ය ප්‍රතිපාදන සදහා අනුමැතිය ලබාගැනීමට උත්සාහ  කලත් මෙතෙක් ඒ සදහා සුභ දායි  ප්‍රථිපලයක්  ලැබී නොමැති වීම මෙම අර්බුධකාරී තත්වයට මුල් වී තිබේ.

 

පසුගිය කම්කරු රජය විවිධ ප්‍රාන්ත සමග අත්සන් කර ඇති එකිනෙකට වෙනස් වූ ගිවිසුම් 27ක් නිවැරදි කිරීමේ අසීරු අභියෝගයට වත්මන් රජය මුහුණ දී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham පවසයි. Julia Gillard රජය හදුන්වා  දුන්  Gonski ප්‍රතිපාදන ක්‍රමවේදය සදහා අත්සන් තබා ඇත්තේ නිව් සවුත් වේල්ස් රජය පමණක් බවත් අනෙක් ප්‍රාන්ත රජයන් විවිධ ක්‍රමවේදයන්ට අනුව කටයුතු කරන බවත් සදහන්.

 

තවද Gonski ප්‍රතිපාදන ක්‍රමවේදය දිගටම ක්‍රියාත්මක කල යුතු බව පවසමින් ඕස්ට්‍රේලියානු අධ්‍යාපන වෘත්තීය සමිතිය මේ වන විට දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර, රජයේ නව ප්‍රතිපත්ති හේතුවෙන් රජයේ පාසල්ද ප්‍රතිපාදන අර්බුධයකට මුහුණ පා  ඇති බව ඔවුන් පවසනවා. ඕස්ට්‍රේලියානු ස්වාධින පාසල් කවුන්සිලයද මේ පිලිබදව තම කනස්සල්ල ප්‍රකාශ කර ඇති බව සදහන්.

 

නමුත් අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham පවසන්නේ එලබෙන වසර හතර තුල ටර්න්බුල් රජය අධ්‍යාපනයේ දියුණුව සදහා ඩොලර් බිලියන 4ක් ආයෝජනය කිරීමට සුදානම් බවයි.

 

තවද ඕස්ට්‍රේලියාව  තුල ඉතා ධනවත් ස්වාධීන  පාසල් 150කට ආසන්න  ප්‍රමාණයකට ප්‍රතිපාදන පමණට වඩා  (overfunded) ලැබෙන බව  අමාත්‍ය Simon Birmingham පසුගියදා ප්‍රකාශ කර තිබු අතර එය මේ වන විට ඕස්ට්‍රේලියානු දේශපාලන වේදිකාව තුල විවාදයට ලක්වෙමින් තිබේ.


Share
Published 6 April 2017 10:22am
Updated 6 April 2017 10:44am
By Sanjaya Dissanayake


Share this with family and friends