ඔස්ට්‍රේලියාවේ Northern Territory සුළි කුණාටු අනතුරු ඇඟවීම් අහෝසි කරයි.

NT cyclone warning cancelled

Source: SBS

ඔස්ට්‍රේලියාවේ Northern Territory හට අද (11/04) දිනයේ පැමිණෙතැයි අනාවැකි පළවූ Frances සුළි කුණාටුව නොපැමිණෙන බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය පවසයි.

Frances සුළි කුණාටුව, Northern Territory හි Tiwi දූපත් වලට සහ උතුරු ඩාවින් ප්‍රදේශයට බලපෑමට තිබු හෙයින් එම ප්‍රදේශ වල වැසියන් ආරක්‍ෂිත ස්ථාන කරා ගොස් සිටි බවද පැවසේ.

නමුත් අද දිනයේදී කුණාටුව පිළිබඳ සියලු අනතුරු ඇඟවීම්, ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය විසින් අවලංගු කළ නමුත් හෙට (12/04) දිනයේ උදෑසන ඩාවින් නුවර ආසන්නයෙන් සුළං හමා යාමට නියමිත බවද වාර්තා වේ.


Share
Published 11 April 2017 5:22pm
Updated 11 April 2017 5:28pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends