ඔස්ට්‍රේලියාවට ත්‍රස්ත ප්‍රහාර එල්ල කරන බවට IS සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්: මෙල්බන් සහ සිඩ්නි විශේෂයි. (SBS සිංහල/වාර්තා)

Rumiyah සඟරාවේ IS සංවිධානය ඔස්ට්‍රේලියාව තුළ ඉලක්ක කරන ස්ථාන ගණනාවක් පැහැදිලිව දක්වා තිබෙන බව වාර්තා වේ. ඒ අනුව මෙල්බන් නුවර ප්‍රදේශ කිහිපයක් සහ සිඩ්නි ඔපෙරා හවුස්ද එම ස්ථාන අතර වෙයි. අදාළ ස්ථානවල සිටින පුද්ගලයන් එම ස්ථාන වලම සහාසික ලෙස මරා දමන ලෙසත් සෙසු පුද්ගලයන්ව වෙනත් ස්ථාන වලට ගෙන ගොස් මරා දමන ලෙසත් IS සංවිධානය තම අනුගාමිකයන හට ප්‍රකාශ කර තිබෙන බවද අනාවරණය වේ.

New IS magazine calls for Australian attacks

New IS magazine calls for Australian attacks Source: AAP

ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ ප්‍රදේශ හා සංචාරක ස්ථාන කිහිපයකට lone wolf-style attacks නොහොත් තනිව එල්ල කරන ත්‍රස්ත ප්‍රහාර සිදු කිරීමට සැලසුම් කර ඇතැයි IS සංවිධානය සිය Rumiyah නමැති සඟරාවේ නවතම පිටපතෙහි  ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ. Rumiyah සඟරාව ඉංග්‍රීසී භාෂාවට අමතරව රුසියානු, Pashto, තුර්කි, ප්‍රංශ, ජර්මානු සහ Uyghur නමැති භාෂා වලින්ද පළවී ඇති බව හෙළිව ඇත.

මෙම පුවත පළ කර ඇත්තේ IS සංවිධානයට සම්බන්ධව සිටි ඔස්ට්‍රේලියානු  ජාතික Ezzit Raad සිරියාවේ යුධ ගැටුම් වලින් ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව බවද සඳහන්. 2005 වසරේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කිරීමේ චෝදනාව මත ඔහු වැරදිකරුව සිර දඬුවම් ද නියම කෙරිණි. අනතුරුව ඔහු 2013 වසරේ සිරෙන් නිදහස් වී ඕස්ට්‍රේලියාවෙන් පිටව ගියේය.
Ezzit Raad
Ezzit Raad Source: Herald Sun
එම සඟරාවේ ඔවුන් ඔස්ට්‍රේලියාව තුළ ඉලක්ක කරන ස්ථාන ගණනාවක් පැහැදිලිව දක්වා තිබෙන බව වාර්තා වේ. ඒ අනුව මෙල්බන් නුවර ප්‍රදේශ කිහිපයක් වන Brunswick, Broadmeadows, Bankstown සහ Bondi මෙන්ම මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ සිඩ්නි ඔපෙරා හවුස්ද එම ස්ථාන අතර වෙයි. අදාළ ස්ථානවල සිටින පුද්ගලයන් එම ස්ථාන වලම සහාසික ලෙස මරා දමන ලෙසත් සෙසු පුද්ගලයන්ව වෙනත් ස්ථාන වලට ගෙන ගොස් මරා දමන ලෙසත් IS සංවිධානය තම අනුගාමිකයන හට ප්‍රකාශ කර තිබෙන බවද අනාවරණය වේ.
MCG
MCG
කෙසේ වෙතත් Australian National විශ්ව විද්‍යාලයේ ත්‍රස්තවාදයට එරෙහි විශේෂඥ අචාර්ය Clarke Jones පවසන්නේ මෙය අලුතින් වද වීමට හේතුවක් නොවන බවය. “මම හිතන විදියට මේ වගේ දේවල් අපි පසුගිය වසර කිහිපය තුළම දැක්කා. ඒවගේ ක්‍රියා කලින් හඳුනාගන්න අපිට හැකිවෙලා තියෙනවා. ඒ නිසා මෙය වැඩ විය යුතු කරුණක් විදියට මම හිටහ්න්නේ නැහැ.” අචාර්ය Clarke Jones වැඩි දුරටත් පැවසුවේය.

ඔවුන්ට එසේ ප්‍රහාර එල්ල කිරීමට ඔස්ට්‍රේලියාව තුළින් සැලකිය යුතු ලෙස උදව් උපකාර ලැබිය යුතු බවත් ඔවුන්ට එම ඉලක්ක සපුරා ගැනීමට තරම් ප්‍රමාණවත් සබඳතා ඔස්ට්‍රේලියාව තුළ නොමැති බවත් ආචාර්යවරයා පවසයි.
Sydney Opera House
Sydney Opera House Source: Flickr
IS සංවිධානයේ ප්‍රධානතම ඉලක්ක අතරින් ඔස්ට්‍රේලියාව ප්‍රමුඛ පෙළේ පසුවන බව වාර්තා වේ. පසුගිය මාසයේ එළි දැක්වූ US Homeland ආරක්ෂක කමිටු වාර්තාවට අනුව IS සංවිධානයේ බටහිර රටවල ඉලක්ක ලයිස්තුවේ ඔස්ට්‍රේලියාව තෙවැන ස්ථානයේ පසු වෙයි.

Rumiyah සඟරාවෙහි ඔස්ට්‍රේලියාව විශේෂයෙන්ම සඳහන් කිරීමට හේතුව මැද පෙර දිග ඔස්ට්‍රේලියාවේ ක්‍රියාකාරිත්වය බව නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ මැද පෙර දිග සබඳතා සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥ ආචාර්ය Anthony Billingsley පවසයි.

ඔස්ට්‍රේලියාව IS සංවිධානයට ප්‍රහාර එල්ල කරන තුරු ඔවුන් ප්‍රහාර එල්ල නොකරන බව ඔහුගේ විශ්වාසය වී තිබේ. “IS සංවිධානයට මෙම කාලය සැහෙන දුෂ්කර කාලයක්. ඔවුන්ට හිමි බොහෝ ප්‍රදේශ මේ වන විටත් ඔවුන්ට අහිමි වෙමින් පවතිනවා. ඒ හේතුවෙන් ඔවුන් මේ වගේ ප්‍රකාශ කරන්න උනන්දු වෙනවා. මොකද එමගින් ඔවුන් පෙන්නන්න උත්සාහ කරන්නේ ඔවුන්ට ලෝකේ ඕනෑම ස්ථානයකට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තවමත් තිබෙන බව” ආචාර්ය Anthony Billingsley වැඩි දුරටත් පැවසුවේය.
Australian Defence Force
Australian Defence Force Source: Australian Defence Force

වඩා උචිත යුධමය හෝ රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් ද?

ඔස්ට්‍රේලියාව IS සංවිධානයේ ක්‍රියාකාරිත්වයට එරෙහිව යුධමය කටයුතු තවත් දැඩි කර තිබෙන වාර්තා වේ. එසේම පසුගියදා ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කොට තිබුනේ IS ක්‍රියාකාරිත්ව මර්දනයට සහභාගීව සිටින විදේශගත තම හමුදා කෙදිනක හෝ යුධ අපරාධ වලට හසුවිය නොහැකි අන්දමට ඔවුන්ගේ යුධ ක්‍රියාකාරී මැදිහත්වීම් තවදුරටත් සධාරීනිකරණය වන අන්දමට රට තුල දැනට ක්‍රියාත්මක යුධ නීතිවලට සංශෝධන රැගෙන ඒමට බලාපොරොත්තුවන වන බවයි. කෙසේ නමුත් IS සංවිධානය පරාජය කිරීමට නම් ඔස්ට්‍රේලියාව රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් කරා යා යුතු බව ආචාර්ය Anthony Billingsley ගේ මතයයි. විශේෂයෙන් සිරියාව ආශ්‍රිත මැදපෙරදිග රටවලින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී අතිරටවල ජනයා සමඟ ප්‍රජා ඒකාත්මික වැඩසටහන් මිට වඩා ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වියයුතු බව ද ඔහු පෙන්වා දෙයි. "රටේ මහජනතාවට IS තර්ජන වලින් මිදීමට යම් යම් දේවලින් වැලකී සිටින ලෙසට නීති දමනවාට වඩා ප්‍රජාව සමඟ සමීපව ගනුදෙනු කළහැකි මාර්ග හඳුනාගෙන රාජ්‍යතාන්ත්‍රික උපාය මාර්ග අනුගමනය කිරීම"  මීට වඩා ඵලදායක බවද ආචාර්ය Anthony Billingsley පෙන්වාදෙයි.


Share
Published 7 September 2016 1:07am
Updated 8 September 2016 7:08pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends