මෙල්බර්න් සැහැල්ලු ගුවන් යානා අනතුර - UPDATE - යානය පැදවූ ගුවන් නියමුවාට වසර 38 ක අනතුරු රහිත ඉතිහාසයක් ඇති බව හෙළිවේ.

Melbourne airport light plane crash

Melbourne airport light plane crash Source: ABC Australia

** Update @ 5.00 pm (AEDT)

මෙල්බන් නුවර Essendon ගුවන් තොටුපොළ ආසන්නයේ අද උදෑසන සිදුවූ  සැහැල්ලු ගුවන් යානා අනතුර පසුගිය වසර 30 ඇතුළත වික්ටෝරියානු ප්‍රාන්තයේ සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ගුවන් අනතුර බව බලධාරීන් පවසයි.

Essendon ගුවන් තොටුපොළ ආසන්නයේ පිහිටි DFO වෙළෙඳ සංකීර්ණ පරිශ්‍රයට ගුවන් යානය කඩා වැටීමෙන් පසුව විශාල ගිනි ජාලාවක් පිටවූ බව ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසයි.

මේ අතර අනතුරට පත් සැහැල්ලු ගුවන් යානය පැදවූ ගුවන් නියමුවා Max Quartermain නැමැත්තෙකු බව ABC පුවත් සේවය තහවුරු කර ඇත. ඔහු එම ගුවන් සේවය අයත් Corporate and Leisure Aviation සමාගමේ සම හිමිකරුවෙකු බවද ABC පුවත් සේවය අනාවරණය කරයි.

එම සමාගමේ වෙබ් අඩවිය පවසන පරිදි Max Quartermain හට වසර 38 ක ගුවන් යානා පැදවීමේ අත්දැකීම් ඇති අතර ඔහුගේ නියමු ඉතිහාසයේ කිසිදු අනතුරක් සිදුව නොමැත.

ගුවන් යානාවේ 5 දෙනෙකු ගමන් කර ඇති බවත් ඔවුන් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් මේ වන විට තහවුරු වී තිබේ.

ඒ සියලු දෙනාගේ ඥාතීන් හට සිද්ධිය පිලිබඳ දැනුම් දුන් බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

මේ අතර යානයේ ගමන් ගත් සෙසු පුද්ගලයින් සිව් දෙනා ඇමෙරිකානු ජාතිකයින් බව ඔස්ට්‍රේලියාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය තහවුරු කර තිබේ.

ඉන් දෙදෙනෙකු Greg Reynolds de Haven සහ Russell Munsch නැමති අය බව හඳුනාගෙන ඇත.

ටස්මේනියාවේ King Island වෙත ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
Max Quartermain was the co-owner of Corporate and Leisure Aviation.
Max Quartermain was the co-owner of Corporate and Leisure Aviation. Source: Corporate and Leisure Aviation
** original news report

මෙල්බර්න් ගුවන්තොටුපොළ ආසන්නයේ DFO Factory outlets වෙළඳ සංකීර්ණයකට සැහැල්ලු ගුවන් යානයක් කඩාවැටීම හේතුවෙන් Tullamarine and Calder freeways (අධිවේගී මාර්ග) වසාදමා තිබේ එම නිසා මෙල්බර්න් ගුවන් තොටුපල වෙත ගමන් කරන මගීන් හට ගමනා ගමන ප්‍රමාදවීම් අපේක්ෂිතව පසුවන ලෙසට වික්ටෝරියා හදිසි සේවා කළමනාකරණ කොමසාරිස් Craig Lapsley පවසයි.

අද ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර සම්මත වේලාවෙන් (EAST ) පෙ. ව. 9 ට පමණ මෙල්බර්න් ගුවන්තොටුපොළ ආසන්නයේ DFO Factory outlets වෙළඳ සංකීර්ණයකට සැහැල්ලු ගුවන් යානයක් කඩාවැටීමෙන් එහි සිටි පුද්ගලයින් 5 දෙනාම මරුමුවට පත්ව තිබේ. Beechcraft වර්ගයට අයත් ගුවන් යානයක් වන මෙම යානය කඩාවැටීම හේතුවෙන් යානයේ සිටි අයවලුන්ට අමතරව වෙනත් කිසිම පුද්ගල ජිවිත හානියක් වාර්තා නොවන බව වික්ටෝරියා ප්‍රාන්ත ගිනි නිවීමේ අංශ කොමසාරිස් Craig Lapsley පවසයි.
The plane involved was owned by Corporate and Leisure Aviation
The plane involved was owned by Corporate and Leisure Aviation Source: ABC Australia

Share
Published 21 February 2017 2:29pm
Updated 21 February 2017 6:25pm
By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends