ලන්ඩන් ප්‍රහාරයේ වගකීම IS සංවිධානය බාර ගනියි. 11 දෙනෙකු අත්අඩංගුවට.

London Attack

Source: EPA

එංගලන්ත වේලාවෙන් පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ලන්ඩන් පාලම ආශ්‍රිතව සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම IS සංවිධානය බාරගෙන තිබේ.

මෙම ප්‍රහාරයන් සාමාන්‍ය වැසියන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් 48 දෙනෙකු තුවාල ලබා රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටියි.

එම 48 දෙනාගෙන් 21 දෙනෙකු ගේ තත්ත්වය බරපතල බවද වාර්තා වේ.

ප්‍රහාරය සිදු කළ පුද්ගලයින් තිදෙනාට පොලිසිය විසින් වෙඩි තැබූ අතර ඔවුන් එම ස්ථානයේම මිය ගොස් ඇත.

නැගෙනහිර ලන්ඩනයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී මීට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයින් 11 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.


Share
Published 5 June 2017 9:37am
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends