ඕස්ට්‍රේලියාවේ නිවාස මිල වැඩිවීමත්, වැඩිහිටි අපයෝජනය ඉහල යාමත් අතර සම්බන්දයක් ඇතිබව හෙළිවෙයි....

free from abuse

free from abuse

ඕස්ට්‍රේලියාවේ සීග්‍රයෙන් ඉහල නඟින  නිවාස වෙළඳපොල රටෙහි වැඩිහිටි අපයෝජනය ඉහල යෑමට අනියම් ආකාරයෙන් බලපෑමක් ඇතිකළ හැකිබව රට පුරා පවතින නීති උපදේශන මධ්‍යස්ථාන විසින් රජයට පෙන්වාදෙනු ලබයි. වත්කම් සහ දේපොළ අයිතිවාසිකම් ඔස්ට්‍රේලියාව තුල වැඩිහිටි අපයෝජනයට බලපෑ ඇති හේතු අතරින් ප්‍රධානතම හේතුවක් ලෙසට දැනටමත් හඳුනාගනු ලැබ ඇත. මෙම නීති උපදේශන ආයතන පෙන්වාදී ඇත්තේ ඉහල යන නිවාස මිල හේතුවෙන් දු දරුවන් සහ මුණුපුරු මිනිපිරියන් විසින් තම දෙමාපියනට සහ පවුලේ ආච්චි සහ සීයාට සිදුකරන බලපෑම් වැඩිවී ඇති බවයි. බොහෝ විට ඔවුනට අයත් නිවාස සහ දේපොළ පවරා ගැනීමට හෝ තම නිවාස ණය සඳහා ඇපකරුවන් ලෙසට පෙනීසිටින ලෙසට කරනු ලබන මානසික සහ වාචික බලපෑම් ඔස්ට්‍රේලියාව තුල වැඩිවී ඇතැයි මෙම නීති උපදේශන ආයතන පෙන්වා දෙයි.

 National Legal Aid හි සභාපති ග්‍රැහැම් හිල් පවසනුයේ බොහෝ වැඩිහිටියන්, මෙලෙස තම දරුවන් හෝ මුණුපුරන් වෙනුවෙන් තමන් ඇපවන නිවාස ණය කිසියම් ආකාරයකට ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් ඇපකරුවෙකු ලෙසින් එය ගෙවා දැමීම සඳහා තමාට පැවරෙන වගකීම පිළිබඳව කිසිඳු අවබෝදයක් නොමැති බවයි.  මේ සඳහා ජාතික වශයෙන් මැදිහත්වීමක් අවශ්‍ය බදවා ඔහු පෙන්වා දෙයි.


Share
Published 15 June 2017 4:12pm
Updated 15 June 2017 5:02pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS News


Share this with family and friends