ඕස්ට්‍රේලියාව තුල ගිනි අවි පාලනය තවත් දැඩි විය යුතු බවට රජයට යෝජනාවක්.

guns handed in to Tasmanian police.

guns handed in to Tasmanian police. Over a three-month period, (AAP IMAGE/Supplied by Tasmania Police) Source: AAP

ගිනි අවි පාලනය සදහා ක්‍රියාත්මක නීති ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වන ආකාරය, ජාත්‍යන්තරයේ අනෙක්  රටවල් පුරවා දර්ශයක් කර ගත යුතු බව බොහෝවිට සදහන් වුවත්, ඕස්ට්‍රේලියානු ගිනි අවි පාලන නීති වල ඇති  දුර්වලතා මෑතකදී Gun Control Australia ආයතනය මගින් පෙන්වා දී තිබේ. 1996 ටස්මේනියා ප්‍රාන්තයේ Port Arthur හී සිදු වූ  වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව, දැඩි ගිනි අවි පාලන නීති හදුන්වා  දෙන්නට එවකට අගමැති වශයෙන් කටයුතු කල John Howard මහතා පියවර ගනු ලැබීය. අර්ධ ස්වයංක්‍රිය රයිෆල් සහ තවත් ගිනි අවි මෙහිදී තහනමට ලක් වූ අතර, ගිනි අවි 700,000 කට ආසන්න  ප්‍රමාණයක් රජය විසින් එකතු කර විනාශ කරනු ලැබූ බව සදහන්.ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව ගිනි අවි පාලනය සදහා දැඩි නීති ඕස්ට්‍රේලියාව  තුල ක්‍රියාත්මක වුවත්, ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරටරි රජයන් එකගතාවය පලකල නිසි ගිනි අවි පාලන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම අනතුරුදායක තත්වයක් බව  Gun Control Australia ආයතනය පෙන්වා දී තිබේ.

 

එම ආයතනයේ Samantha Lee පවසන්නේ ඕස්ට්‍රේලියාව  තුල ගිනි අවි හිමි කාරිත්වය වර්ධනය වෙමින් තිබෙන බවයි. නීතිමය ලෙස ලග තබාගන්නා  ගිනි අවි ප්‍රමාණය පාලනය නොකළහොත්, ඉදිරියේදී ඒවා නීති විරෝධී ගිනි අවි බවට පත් වී අහිතකර ප්‍රතිපල අත්  කර දිය හැකි බව ඇය වැඩි දුරටත් පවසයි.

ගිනි අවි පාලනය සම්බන්දයෙන් ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත වල වෙනස් නීති

New South Wales ප්‍රාන්තය තුල සමහරක් පිරිස් සදහා අර්ධ ස්වයංක්‍රිය (semi-automatics ) ගිනි අවි ලග තබාගැනීමට අවසර ලැබෙන බව සදහන්. තවද ක්විස්න්ලන්ත සහ දකුණු ඕස්ට්‍රේලියා  ප්‍රාන්ත වල  handgun බලපත්‍ර නිතිය යටතේ, පළමු මාස  6 තුල පිස්තෝලයක් හෝ රිවෝල්වර් ගිනි අවියක් ලග තබාගැනීමට අවසර ලැබෙන බව සදහන්.  තවද බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය, වික්ටෝරියානු ප්‍රාන්තය සහ  Northern Territory හි දෙවැනි ගිනි අවිය ලග තබා ගැනීමේදී අදාල වන නීති තරමක් ලිහිල් බවද සදහන්.

 

 

මේ පිලිබදව අදහස් දක්වන වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසන්නේ තම ප්‍රාන්තය තුල නීති විරෝධී ගිනි අවි පාලනය සදහා තමන් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. එමෙන්ම අදාල ගිනි අවි නීතියේ රැහනට හසු කර ගැනීම සදහා ප්‍රාන්ත පොලීසියට  අවශ්‍ය බලතල ලබාදී ඇති බවද ඔහු සදහන් කරයි.

ගිනි අවි 28,000ක් ඕස්ට්‍රේලියානු රජය භාරයට

නීති විරෝධී ගිනි අවි නැවත රජය වෙත භාර දීමට ප්‍රකාශයට පත් කර තිබු කාල සීමාව  පසුගියදා නිමාවට පත් වූ අතර, එය තවත් දීර්ඝ කිරීම පිලිබදව සලකා  බැලීම වැදගත් බව විපක්ෂ නායක බිල් ශෝර්ටන් පවසයි. නීති විරෝධී ලෙස ගිනි අවි මෙරටට රැගෙන එන ය නීතියේ රැහැනට හසු කරගැනීමට නිසි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක විය යුතු බව විපක්ෂ නායකවරයා වැඩි දුරටත් සදහන් කරයි.  නීති විරෝධී ගිනි අවි නැවත රජය වෙත භාර දීමට ප්‍රකාශයට පත් කර තිබු කාල  සිමාවේ, පසුගිය මාස  තුන තුල ගිනි අවි 28,000 ක් රජයට භාර දී ඇති බව සදහන්. මීට  අමතරව තවත් ගිනි අවි ලක්ෂ 600,000කට ආසන්න  ප්‍රමානයක් ඕස්ට්‍රේලියාව  තුල ඇති බව සදහන්.

 

ඕස්ට්‍රේලියානු ගිනි අවි පාලන නීති පිලිබදව අග්‍රාමාත්‍යවරයා පැහැදීමෙන්

ඕස්ට්‍රේලියාව  තුල ගිනි අවි පාලනය සදහා ප්‍රාන්ත සහ ටෙරටරි රජයන් ක්‍රියාත්මක වී ඇති ආකාරය පිලිබදව තමන සෑහීමට  පත්වන බව අගමැති මැල්කම් ටර්න්බුල් පසුගියදා කැන්බරා  නුවරදී මේ පිලිබදව අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. මීට  වසර 20 කට පෙර හිටපු අගමැති John Howard විසින් හදුන්වාදුන් දැඩි ගිනි අවි පාලන නීති ඉදියටත් පත්වාගෙන යාමට වග බලාගන්නා  බවද ඔහු මෙහිදී සදහන් කර තිබිණි


Share
Published 6 October 2017 9:58am
Updated 6 October 2017 10:02am
By Sanjaya Dissanayake


Share this with family and friends