ද්විත්ව පුරවසිභාව අර්බුදයට ගොදුරු වූ ඔස්ට්‍රේලියානු මන්ත්‍රීවරුන් 7 දෙනාගේ ඉරණම මේ සතියේදී විසඳෙයි.

Dual citizenship saga

Source: SBS

ද්විත්ව පුරවසිභාවය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයෙකු ලෙස කටයුතු කිරීමට නොහැකි යන නීතිය යටතේ අර්බුදයට ලක්ව සිටින මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගේ ඉරණම මෙම සතියේදී ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසඳීමට නියමිතය.

ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවේ 44 වන වගන්තියට අනුව වෙනත් කිසිදු රටක පුරවැසිභාවය ලත් පුද්ගලයෙකුට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නොහැකි වේ.

ඒ අනුව පහත සඳහන් පුද්ගලයින් සත් දෙනා ගේ ඉරණම හෙටින් (10/10) ඇරඹෙන ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයෙන් තීරණය වීමට නියමිතය.

  1. නැෂනල්ස් පක්ෂ නායක හා ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Barnaby Joyce - නවසීලන්ත පුරවැසිභාවය
  2. නැෂනල්ස් පක්ෂයේ නියෝජ්‍ය නායිකා Fiona Nash - එක්සත් රාජධානි පුරවැසිභාවය
  3. ලිබරල් පක්ෂයේ Matt Canavan - ඉතාලි පුරවැසිභාවය
  4. ග්‍රීන්ස් පක්ෂයේ Larissa Waters - කැනේඩියානු පුරවැසිභාවය
  5. One Nation පක්ෂයේ Malcolm Roberts - එක්සත් රාජධානි පුරවැසිභාවය
  6. ග්‍රීන්ස් පක්ෂයේ Scott Ludlam - නවසීලන්ත පුරවැසිභාවය
  7. ස්වාධීන සෙනට් සභික Nick Xenophon - එක්සත් රාජධානි පුරවැසිභාවය
හෙටින් ඇරඹෙන මෙම විභාගය දින 3 ක් පුරාවට පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.
SBS පුවත් ඇසුරෙනි.

 


Share
Published 9 October 2017 8:56am
By Madhura Seneviratne


Share this with family and friends