සිඩ්නි බස් රථ වල නොමිලේ WIFI ලබා දීමේදී ජනතාවගේ පෞද්ගලික තොරතුරු වලට තර්ජනයක් ඇති විය හැකි බවට සැකයක් (SBS සිංහල/වාර්තා)

bus

Source: ABC Australia

සිඩ්නි නුවර මගී ප්‍රවාහන බස් රථ තුල නොමිලේ WIFI ලබා දීමට ගෙන ඇති තීරණය පිලිබඳ නිව් සවුත් වේල්ස් ග්‍රීන්ස් පක්ෂය විවේචන එල්ල කර තිබේ. ඒ මගී ජනතාවගේ පෞද්ගලිකත්වයට ඉන් තර්ජනයක් ඇති වේ යන අදහසින්. මෙම WIFI ලබා දීම ප්‍රාන්ත රජය හා APN outdoors නම් වෙළඳ ප්‍රචාරක ආයතනය අතර එන්කගතාවයකින් මුලින්ම බස් රථ 50කත් , වසර අවසන් වන විට බස් රථ 1000කටත් ලබා දීමට යෝජිතයි.
දැනට Adelaide නුවරත් මෙලෙස WIFI සපයා තිබේ

credit card තොරතුරු වලට අවධානමක් ?


නමුත් ග්‍රීන්ස් පක්ෂය පවසන්නේ මෙම සේවාව සඳහා එක වන මගීන්ගේ පෞද්ගලික තොරතුරු එම ආයතනය විසින් ලබා ගැනීමට ඇති එකන්ගතාවය පිලිබඳ රජය හෙළි නොකරන බවයි. ග්‍රීන්ස් පක්ෂයේ ප්‍රවාහනය පිලිබඳ ප්‍රකාශිකා ආචාර්ය Mehereen Faruqi පවසන්නේ ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යවරයා මෙය ජනතාවගේ ජයග්‍රහණයක් බව පැවසුවත් මෙහිදී ඒ සඳහා වියදම් පියවන ආකාරය විස්තර කිරීමට ඔහු අපොහොසත් බවයි. එබැවින් නොදැනුවත්වම දහස් ගණනක් මගීන් සිය පෞද්ගලික දත්ත ලබා දීමට බවත් ඇය පවසනවා. රියදුරු ගේ තොරතුරු , Credit කාඩ් පත් වල තොරතුරු ආදිය මෙසේ අවධානමට ලක්වන බවයි පැවසෙන්නේ. නමුත් මෙල්බන් නුවර දැනට රජය විසින්ම මෙසේ WIFI ලබා දුන්නත් මෙසේ පෞද්ගලික තොරතුරු ලබා දීම නැති බවත් ඇය පවසනවා. එනිසා නිව් සවුත් වේල්ස් රජය මීට වඩා ආරක්‍ෂිත ලෙස සේවා සැපයිය යුතු බවයි ඇය පවසන්නේ

ජනතාවට සේවයක්

මේ පිළිබඳව අදහස් දක්වන නිව් සවුත් වේල්ස් ප්‍රවාහන අමාත්‍ය Andrew Constance පවසන්නේ මෙය පොදු ප්‍රවාහන සේවා වලට නව තාක්ෂනය යොදා ගන්න ක්‍රමයක් බවයි. විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවා වලදී පහසුව සඳහා මෙම සේවා ලබා දීමට රජය කටයුතු කරන බව ඔහු පවසනවා. මේ සඳහා පර්යේෂණ අවස්ථාවේ බස් රථයක මගීන්ට නොමිලේ app එකක් බාගත කර ගැනීමෙන් අන්තර්ජාලයට සම්බන්ධ වීමට අවස්තාව ලැබී තිබේ.
එසේම රජය පවසන්නේ සියලු දෙනාටම විශේෂයෙන්ම ප්‍රාදේශීය ජනතාවටත් මෙම තාක්ෂනය ලබා දීම අවශ්‍ය බවයි.
නමුත් මේ සඳහා රජය හා පෞද්ගලික ආයතන සමග සිදු වන ගනු දෙනු ජනතාවට අවශ්‍ය නැති බවත් සියලු රාජ්‍ය සේවා පෞද්ගලීකරණය කිරීමට තැත් කරන රජය ජනතාවගේ ආරක්ෂාව පිලිබඳ සැලකිලිමත් විය යුතු බව ආචාර්ය Faruqi පවසනවා.


Share
Published 10 January 2017 10:48pm
Updated 11 January 2017 11:55pm
By Charitha Adikari
Source: ABC Australia


Share this with family and friends