ඔස්ට්‍රේලියාවට පැමිණෙන්න තාවකලික වීසා වර්ග 4ක් (SBS සිංහල / වාර්තා)

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා සඳහා පහසුවෙන් ඉල්ලුම් කළ හැකි වෙනු පිණිස මේ ආකාරයෙන් නව රාමුව නිර්මාණය කර ඇති බව සඳහන්.

Four new work visas to come to Australia

Source: www.australiannationalreview.com

2016 වසරේ නොවැම්බර් 19 වන දින සිට ක්‍රියාත්මක කිරීමට අදහස් කරන නව තාවකාලික වීසා රාමුවක් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු රජය යෝජනා කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එළඹෙන නොවැම්බර් 19 වන දින සිට පැමිණිය හැකි නව වීසා උප ඛාණ්ඩ 4ක් වෙයි.

  1. Subclass 400 Temporary Work (Short Stay Specialist) visa
  2. Subclass 403 Temporary Work (International Relations) visa
  3. Subclass 407 Training visa
  4. Subclass 408 Temporary Activity visa.
ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා සඳහා පහසුවෙන් ඉල්ලුම් කළ හැකි වෙනු පිණිස මේ ආකාරයෙන් නව රාමුව නිර්මාණය කර ඇති බව සඳහන්. විශේෂිත වූ කෙටි කාලීන රැදී සිටීමේ ක්‍රියාකාරිත්වයන් උදෙසා ව්‍යාපාරික, කර්මාන්ත සහ පුද්ගල අනුග්‍රාහක නිර්දේශ  වල සංකීර්ණතාව ඒ අනුව මග හැරෙනු ඇත.

එනම් අයදුම් කරුවන්ට...

  • ImmiAccount හරහා අයදුම්කරුවන් හට තම වීසා අයදුම්පත අන්තර් ජාලය හරහා යොමු කිරීමට හැකියාව තිබේ.
  • දැනට පවතින අනුග්‍රාහක වර්ග 6ක් (long stay activity, training and research, professional development, entertainment, special programme and superyacht crew)  තනි අනුග්‍රාහකත්වය ආදේශ කරනු ඇත.
ඒ අනුව 2016 නොවැම්බර් 19 වන දින සිට තාවකාලික සේවය හෝ විශේෂිතවූ ක්‍රියාකාරකම් සඳහා අයදුම්කරුවන්ට මෙම තාවකාලික වීසා ලබාගෙන ඔස්ට්‍රේලියාවට ඇතුල් විය හැකි වේ.

Subclass 400 Temporary Work (Short Stay Specialist) visa

මෙම වීසා වර්ගය යටතේ ඔස්ට්‍රේලියාවට තාවකාලිකව පැමිණෙන පුද්ගලයන්...

  • අඛණ්ඩව සේවය නොකරන විශේෂිතවූ කෙටි කාලයක් සඳහ පැමිණිය යුතුය.
  • සීමාසහිත තත්ත්ව යටතේ ඔස්ට්‍රේලියාවට වැදගත් වූ සේවා හෝ ක්‍රියාකාරකම් සමග සම්බන්ධ විය යුතුය.

Subclass 403 Temporary Work (International Relations) visa

මෙම වීසා වර්ගය යටතේ ඔස්ට්‍රේලියාවට තාවකාලිකව පැමිණෙන පුද්ගලයන්...

 

  • ද්වි පාර්ශවික ගිවිසුමකට සම්බන්ධයක් තිබිය යුතුය.
  • විදේශ රජයක් නියෝජනය කළ යුතු හෝ ඔස්ට්‍රේලියානු පාසලක විදේශ භාෂාවක් ඉගැන්විය යුතුය.
  • මෙරට තුළ රාජ්‍ය තාන්ත්‍රික සේවයේ පූර්ණ කාලීනව සේවය කළ යුතුය.
  • නීතිමය වශයෙන් වරප්‍රසාද හා අයිතිය තිබිය යුතුය.

Subclass 407 Training visa

රැකියා පුහුණව හෝ පන්තිකාමර මූලික වෘත්තිමය සංවර්ධන ක්‍රියාකාරිත්වයන් උදෙසා පැමිණෙන ඇයට මෙම වීසා ඛාණ්ඩය සඳහා අයදුම් කළ හැකිය.

Subclass 408 Temporary Activity visa

මෙම වීසා වර්ගය යටතේ ඔස්ට්‍රේලියාවට තාවකාලිකව පැමිණෙන පුද්ගලයන්...

  • විනෝදාස්වාද කර්මාන්තයේ සේවය කළ යුතුය.
  • ඔස්ට්‍රේලියානු සංවිධානයකින් ආරාධනා ලැබ අඛණ්ඩව සිදු නොවන සංස්කෘතිමය හෝ සමාජ ක්‍රියා කාරිත්වයන් සඳහා සහභාගී විය යුතුය.
  • පර්යේෂණ ව්‍යාපෘතියක ශාස්ත්‍රීය ලෙස නිරීක්ෂකයකු හෝ සහභාගිවන්නකු විය යුතුය.
  • පූර්ණ කාලීන ආගමික සේවා සඳහා සම්බන්ධ විය යුතුය.
  • ජාත්‍යන්තර හා සංස්කෘතිමය සබඳකම් වැඩි දියුණු කරගැනීම උදෙසා විශේෂ වැඩසටහන් සඳහා සහභාගී විය යුතුය.
  • පුහුණුවීම් ඇතුලත්ව ඉහළ මට්ටමේ ක්‍රීඩා සඳහා සහභාගී වීම.
  • සේවක හුවමාරු වැඩසටහන් යටතේ තනතුරක සේවය කළ යුතුය.
  • ඔස්ට්‍රේලියානු රජය නිවේදනය කළ ඉසව්වකට සහභාගී විය යුතුය.
  • විශේෂිත ජ්‍යෙෂ්ඨ විදේශ විධායකයකු හට අඛණ්ඩව ගෘහස්තව සේවය කළ යුතුය.

Share
Published 7 October 2016 6:06pm
Updated 10 October 2016 2:45pm
Source: Department of Immigration and Border Protection


Share this with family and friends