ඕස්ට්‍රේලියාවේ අඩු ආදායම් ලාබීන්ට රජයෙන් ලබා දෙන සහන ඔබ ලබා ගන්නේ කෙසේද ?

ඔබට රැකියාවක් නොමැති නම් ඕස්ට්‍රේලියාවේ අඩු ආදායම් ලාබීන්ට රජයෙන් ලබා දෙන සහන ඔබට ලබා ගත හැකියි. මේ ඒ පිලිබඳ තොරතුරු

job seeker

Source: AAP

Newstart Allowance යනු කුමක්ද ?

Job search
Source: AAP
Newstart allowance යනුවෙන් හැඳින්වෙන්නේ රැකියාවක් සොයමින් සිටින , වැඩ කල හැකි වයසේ අයෙකුට ලබා දෙන දීමනා . මෙහිදී ඔබ රැකියා ඒජන්සියක් වෙත යාම ද කල යුතුයි. එසේම පහත ලින්ක් එකෙන් දැක්වෙන යුතුකම් ද ඉටු කල යුතුයි.

කෙතරම් කාලයක් බලා සිටීමට සිදු වේද ?

Clock - waiting for a visa
Source: Pixabay
Newstart allowance සඳහා ඔබ ඉල්ලුම් කර සති 2ක් - මාස 2ක් අතර කාලයක් බලා සිටීමට සිදුවේ  එය ආයතනය මත තීරණය වේ.

කොපමණ මුදලක් ලබා ගත හැකි වේද ?

Money wallet
Source: WikiCommons
ඔබ රැකියාවක් කලත්, එනම් සතියකට එක වැඩ මුරයක් පමණක් සේවය කරයි නම් සති දෙකකට වරක් ඩොලර් 104ක් දක්වා ඔබට ලබා ගත හැකියි. ඔබ සති 2කට $104 - $254 අතර ආදායමක් ලබයි නම් ඔබ උපයන ඩොලරයකටම ශත 50ක් බැගින් දීමනාව අඩු වේ. එසේම ඔබ $254 ට වඩා උපයයි නම් ඩොලර් 75ක් හා ඔබ උපයන ඩොලරයකට ශත 60 බැගින් අඩුවේ

මෙය ලබා ගැනීමට සුදුසුකම්

Job seekers attend a job fair in New York
Source: AAP
වසර 2ට වැඩි කාලයක් ඕස්ට්‍රේලියාවේ වාසය කල පුරවැසියන් ට මෙය හිමිවේ . ඔබ පහත ලින්ක් වල ඇති අවශ්‍යතා සම්පුර්ණ කල යුතුයි. පහත ලින්ක් වෙතින් විස්තර දැනගන්න

Work for the Dole යනු කුමක්ද ?

Construction workers
Source: Reference.com
මෙමගින් ඔබ රැකියා පුහුණුව ලබා සමාජයට යම් මෙහෙවරක් කල යුතුයි  හි වසරෙන් මාස් 6ක් කටයුතු කර පහත ලින්ක් එකේ ඇති අවශ්‍යතා සම්පුර්ණ කර එම දීමනා ලබා ගත හැකියි.

එම අවශ්‍යතා සම්පුර්ණ කල නොහැකි විටදී ?

Job search
Source: AAP
එවිට Newstart දීමනාව නැවතුනත් , නැවත රැකියා ඒජන්සි සහය ලබා ගත විට ඔබට එය ලබා ගත හැකියි


අවුරුදු 16-21 අතර තරුණයින්ට  ද, වයස 16ත් විශ්‍රාම වයසත් අතර ආභාධ සහිත පුද්ගලයන්ට  ද ඔවුන්ට රැකියා කල නොහැකි නම් ලබා ගත හැකියි 

ඔබේ භාෂාවෙන් කරුණු දැන ගැනීමට උදේ 8 සිට සවස 5 තෙක් දෙපාර්තමේන්තුවේ 131 202 අංකය අමතන්න

Phonecall
Source: Pexels



Share
Published 12 March 2017 5:51pm
Updated 12 August 2022 3:59pm
By Charitha Adikari, Ildiko Dauba


Share this with family and friends