කොරෝනා එන්නත් වැඩපිළිවෙල ගැන මධ්‍යම සහ ප්‍රාන්ත රජයන් අතර ගැටුම් හටගනී: අප්‍රේල් 01 SBS සිංහල වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

අප්‍රේල් 01 වන දා බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ.

NSW Minister for Health Brad Hazzard angry over ministers' comments

NSW Sağlık Bakanı Brad Hazzard Source: AAP

Highlights

  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Lockdown තත්වය ඉවතට
  • ඕස්ට්‍රේලියාවෙන් පිටත සිරව සිටින්නන්, ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයට විරුද්ධව ජිනීවා යයි
  • ශ්‍රී ලංකාවේ එන්නත් වැඩපිළිවෙල බොහෝ දුරට සාර්ථක බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පවසයි
  • වයස 12හේ දරුවන්ටත් අපේ එන්නත් ආරක්ෂා සහිත බව Pfizer සමාගම පවසයි

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Lockdown තත්වය ඉවතට

උද්ගත වූ කොරෝනා තත්වය හමුවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පවතින Lockdown තත්වය අද දහවල් 12හේ සිට ඉවත් කෙරින. මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් අද(01/04) උදැසන එම ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Annastacia Palaszczuk සිදු කල අතර මුහුණු ආවරණ පැළඳීම වැනි ඇතැම් කොරෝනා සීමා තවදුරටත් ක්‍රියාත්මක කෙරේ.

කෙසේ නමුත් අදාල නීතීන්ට අනුකුලව එළඹෙන පාස්කු නිවාඩුව ප්‍රාන්ත වැසියන්ට ගතකල හැකි බවද ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කොට සිටී

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt සඳහන් කොට සිටින්නේ කෙසේ නමුත් මේ වනවිට පවතින තත්වය සතුටුදායක වන බවයි. නමුත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුල තවමත් කොරෝනා අවධානම පවතින බවද ඔහු පෙන්වා දෙයි.

කොරෝනා සඳහා නිසි වැඩපිළිවෙලක් පැවතීම හේතුවෙන් පාස්කු නිවාඩු සංචාර වලට නිදහස

කොරෝනා වෛරස එන්නත් ලබාදීම සහ Contact tracing වැඩපිළිවෙල හේතුවෙන් එළඹෙන පාස්කු නිවාඩු සමයේදී විශ්වාසයකින් යුතුව සංචාරය කරන ලෙස බලධාරීන් ජනතාවට දැනුම් දේ.

මේ වනවිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සහ නිව් සවුත් වේල්ස් යන ප්‍රාන්තයන්හි කොරෝනා අවදානම් ප්‍රදේශ 100කට වඩා වැඩි සංක්‍යාවක් පවතින අතර Brisbane, Gold Coast, central Queensland, Toowoomba, Ballina සහ Byron Bay ඒ අතර ප්‍රමුඛ වේ.

කෙසේ නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Kerry Chant සඳහන් කොට සිටින්නේ එම ප්‍රාන්තයේ Byron Bay ප්‍රදේශයේ ජනතාව මුහුණු ආවරණ පැළඳිය යුතු අතර එක් නිවසකට පුද්ගලයින් 30 දෙනෙකු හට පමණක් ආරාධනා කල හැකි බවයි.

එමෙන්ම නිවෙස් තුල සහ සත්කාරක ස්ථාන වල එක් පුද්ගලයකුට වර්ග මීටර 4ක් වන ඉඩ ප්‍රස්ථාව ආරක්ෂා කලයුතු අතර සෑම විටම එළිමහන් ස්ථාන වල රැස්වීමට උත්සාහ කරන ලෙසද Kerry Chant ජනතාවට අවධාරනය කොට සිටී.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


ඕස්ට්‍රේලියාවෙන් පිටත සිරව සිටින්නන්, ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයට විරුද්ධව ජිනීවා යයි

කොරෝනා වසංගතය හේතුවෙන් ඕස්ට්‍රේලියාවෙන් පිටත සිරව සිටින පිරිස, ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයට විරුද්ධව නීතිමය පියවර ගෙන තිබේ. තමන්ව ඕස්ට්‍රේලියානු රජය මගින් අතහැර දමා ඇති බවට පවසමින් ඕස්ට්‍රේලියාවෙන් පිටත සිරව සිටින පිරිස එක්සත් ජාතීන් වෙත පැමිණිලි ඉදිරිපත් කොට තිබේ.

මෙම වැඩසටහන StrandedAussies.org ලෙස ඇරඹි අතර මෙම ඔස්ට්‍රේලියනුවන්ගේ පැමිණිලි ජිනීවා හි මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කොට තිබේ.

ඔවුන් සඳහන් කොට සිටින්නේ, ඔස්ට්‍රේලියාව තුලට පැමිණෙන ගුවන් යානා අත්හිටුවීම මත මොරිසන් රජය මගින් සිය රට බලා යාමට ඇති තම අයිතීන් උල්ලංඝනය කල බවයි.

කොරෝනා එන්නත් වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් අතර මතබේද

ප්‍රාන්ත රජයන් මගින් කොරෝනා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල කාර්යක්ෂමව සිදු නොකරන අතර එය මන්දගාමී බවට ඕස්ට්‍රේලියානු අමාත්‍ය David Littleproud, Channel Nine ඔස්සේ සඳහන් කල අතර ඔහු පෙන්වා දුන්නේ මධ්‍යම රජය මගින් මෙම එන්නත් වැඩපිළිවෙල සඳහා විශාල සහයක් ලබා දුන්නද අවශ්‍ය ඉලක්ක වෙත යාමට ප්‍රාන්ත රජයන් අපොහොසත් වී ඇති බවයි.

කෙසේ නමුත් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය හෙලා දකිමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard සඳහන් කොට සිටින්නේ David Littleproud ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ගතයුතු බවයි.

ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard වැඩිදුරටත් පෙන්වා දෙන්නේ Astra Zeneca එන්නත් ගෙන්වා ගැනීමේ කාර්යයේදී ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ තත්වය පිළිබඳව අනුකම්පා කරන අතර මෙවැනි අවස්ථාවකදී ජනතාව මුලා කරන ප්‍රකාශ සිදු නොකොට, ප්‍රාන්ත රජයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට මධ්‍යම රජය වගබලාගතයුතු බවයි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Steven Miles මේ සම්බන්ධයෙන් සඳහන් කොට සිටින්නේ අමාත්‍ය David Littleproud ගේ මෙමෙ ප්‍රකාශය ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්තයන්ට එල්ල කල නින්දිත ප්‍රහාරයක් වන බවයි.

Lockdown සමයේදී ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින් දැඩි දුෂ්කරතාවයක සිටි බවට හෙළි වේ

කොරෝනා වසංගතය අතරතුර සිදුවූ Lockdown තත්වය මත සංක්‍රමණික හා ඉංග්‍රීසි නොවන පසුබිම්වලින් ඔස්ට්‍රේලියාවට පැමිණ සිටි පිරිස දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බවට නවතම වාර්තාවක් හෙළි කොට තිබේ.

පාරිභෝගික ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානය සිදු කල මෙම පරීක්ෂණයට අනුව අනාවරණය වී ඇත්තේ මෙම සංක්‍රමණිකයින්ගෙන් 73%ක පමණ ප්‍රතිශතයක්, සිය මුල්‍යමය තත්වයන් පිළිබඳව දැඩි ලෙස කනස්සල්ලට සහ බියට පත්ව සිට ඇති බවයි.

එමන්ම මෙම සංක්‍රමණික පිරිස සතුව, ඕස්ට්‍රේලියාවේ වෙසෙන සෙසු පිරිසට වඩා ඉහල ණය ප්‍රමාණයක් පැවතී ඇති අතර එදිනෙදා ජීවන වියදම් සඳහා හදිසි ආධාර ලබාගැනීමත්, Superannuation අයදුම් කොට ලබාගැනීමත් සිදු කොට ඇති බවද අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකාවේ එන්නත් වැඩපිළිවෙල බොහෝ දුරට සාර්ථක බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පවසයි

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක එන්නතකරන වැඩසටහන බොහෝ දුරට සාර්ථක බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සඳහන් කොට තිබේ.

එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පෙන්වා දෙන්නේ කොරෝනා එන්නත් ලබා දී ඇති පිරිසෙන් 93%ක් පමණ දෙනා හට එක් එන්නතකින් පමණක් සැලකිය යුතු මට්ටමෙන් ප්‍රතිදේහ නිපදවූ බවට අනාවරණය වූ බවයි.

ඊයේ (31/03) දිනයේදී ද ශ්‍රී ලංකාවෙන් කොරෝනා මරණ දෙකක් වාර්තා වී ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංක්‍යාව 568 දක්වා ඉහල ගොස් තිබේ.

ඊයේ (31/03) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 244 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත අසදිතයින්ගේ ගණන 92,686ක් ලෙස වාර්තා වේ.

මේ අතර චීනයෙන් ශ්‍රී ලංකාවට කොරෝනා එන්නත මාත්‍රා ලක්ෂ 6ක් පරිත්‍යාග කොට තිබේ.

Sinopharm ලෙස හැඳින්වෙන මෙම එන්නත් තොගය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් ඊයේ නිල වශයෙන් භාරගෙන තිබේ.

මෙම එන්නත් ලබන සඳුදා සිට සේවා කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ගොස් සිටින චීන ජාතිකයින් හට ලබාදීමට නියමිතයි.

වයස 12හේ දරුවන්ටත් අපේ එන්නත් ආරක්ෂා සහිත බව Pfizer සමාගම පවසයි

වයස අවුරුදු 12ක දරුවන් හට පවා සිය එන්නත් ලබාදීම ආරක්ෂාකාරී වන බවට Pfizer සමාගම සඳහන් කොට තිබේ.

ඇමරිකාවේ, වයස අවුරුදු 12-15ත් අතර ළමුන් 2,200කට පමණ මෙම එන්නත් ලබාදී ඇති අතර ඉන් පසුව ඔවුන්ට කොරෝනා වෛරසය අසාදනය වී නොමැති බවට හඳුනාගෙන තිබේ.

මේ අනුව Pfizer එන්නත් සඳහා ඇමරිකාව තුල හදිසි අවසරය ඉක්මනින්ම ලැබෙනු ඇති බවට විශ්වාස කෙරේ.

මෙම පරීක්ෂණය සඳහා සහභාගී වූ 12 හැවිරිදි දරුවකු වන Caleb Chung සඳහන් කොට සිටින්නේ ඉක්මනින්ම පාසල් නැවතත් ඇරඹීමට හැකි වෙතයි තමන් විශ්වාස කරන බවයි.

Sri Lanka Legends කණ්ඩායම නිරෝධායනයට

ඉන්දීය ලේජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් දිගින් දිගටම කොරෝනා වෛර්රසයට ධනාත්මක වීම හේතුවෙන් Road Safety World Series තරගාවලියේ සමාරම්භක තරඟය සඳහා සහභාගී වූ Sri Lanka Legends ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් නිරෝධායනයට යොමු කොට තිබේ.

ඉන්දියාවේ Raipur හිදී පැවැත්වුණු මෙම සමාරම්භක තරඟය සඳහා සනත් ජයසූරිය, තිලකරත්න දිල්ෂාන් සහ රංගන හේරත් වැනි ක්‍රීඩකයින් සහභාගී වී ඇති අතර ඉහල ප්‍රේක්ෂක පිරිසක් මධ්‍යයේ තරඟය පැවැත්වීම මත මෙම ක්‍රීඩකයින් හට කොරෝනා වෛරස අවධානම මතුව ඇතැයි වාර්තා වේ.

මේ අනුව ශ්‍රී ලංකාවට නැවත ගොස් සිටින මෙම ක්‍රීඩකයින් ලබන සෙනසුරාදා දින දක්වා ස්වයන් නිරෝධායන කාලසීමාවකට යටත් විය යුතු වේ.


Share
Published 1 April 2021 3:31pm
By Nipuna Dodangoda

Share this with family and friends