ඔස්ට්‍රේලියානු තැපැල් සේවයේ මුල් පුටුවට කාන්තාවක්.

Christine Holgate named new Australia Post chief

Source: SBS

Australia Post හෙවත් ඔස්ට්‍රේලියානු තැපැල් සේවයේ ප්‍රධානියා ලෙස සුප්‍රසිද්ධ විටමින් නිෂ්පාදන සමාගමක් වන Blackmores සමාගමේ ප්‍රධානී සහ Collingwood හි මාණ්ඩලික අධ්‍යක්ෂ Christine Holgate නම් කර තිබේ.

Christine Holgate එළඹෙන සැප්තැම්බර් 29 වන දින තම නව ධුරයේ වැඩ බාරගැනීමට නියමිතය.

මේ අතර ඇයගේ අස්වීම Blackmores සමාගම නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඔස්ට්‍රේලියානු තැපැල් සේවයේ ප්‍රධානියා ලෙස ඇයට ලැබිය හැකි මුළු වාර්ෂික වැටුප ඩොලර් මිලියන 2.75ක් වන නමුත් මීට පෙර සිටි ප්‍රධානී Ahmed Fahour ගේ වාර්ෂික මුළු වැටුප මිලියන 5.6ක් බව ද වාර්තා වේ.


Share
Published 27 June 2017 8:45pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends