නීති විරෝධී සංක්‍රමණිකයන් හට ඔස්ට්‍රේලියාව සදාකාලිකවම තහනම් දේශයක් කිරීමට අලුත් පනතක්. (SBS සිංහල/ වාර්තා)

මෙම සංශෝධන පනත් කෙටුම් පත මීළඟ පාර්ලිමේන්තු සැසියේදී ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්ෂා කරන අතර ඒ අනුව එම නව පනත මෙරට සිටින නීති විරෝධී සංක්‍රමණිකයන් හට මෙන්ම Nauru සහ Manus සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන වල 2013 වසරේ ජූලි මස 19 වන දින සිට සිටින නීති විරෝධී සංක්‍රමණිකයන් හටද එකසේ බලපානු ඇත.

Australian government announce new law banning asylum seekers rom Australia.

Source: SBS

ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් පැමිණි  හා පැමිණීමට උත්සාහ දැරූ නීති විරෝධී සංක්‍රමණිකයන් හට අවම වශයෙන් සංචාරකයකු ලෙස හෝ ඔස්ට්‍රේලියාවට පැමිණීම සදාකාලිකව තනහම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය සූදානම් වන බව වාර්තා වේ. ඔස්ට්‍රේලියාවට නීති විරෝධිව පැමිණ මේ වන විට ඕස්ට්‍රේලියාවෙන් පිටත ස්ථාපිත Nauru සහ Manus වැනි සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන වල සිටින නීති විරෝධී සංක්‍රමණිකයන් හටද මෙය අදාළ වන බව සඳහන්.

පසුගිය විසි වසර තුළ නීති විරෝධී ලෙස බෝට්ටු වලින් ඔස්ට්‍රේලියාවට පැමිණි පිරිස 60,000ක් පමණ වන බව වාර්තා වේ.

රජයේ මෙම යෝජනාව මගින් අදාළ පාර්ශව වල පවුල් දෙකඩ වීමක් සිදු වන බව මානව හිමිකම් නීති මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නීති උපදේශක Daniel Webb පවසයි. මේ වන විටත් ඔස්ට්‍රේලියාව තුළ රැඳී සිටින එවැනි පුද්ගලයන් තම ජීවිත හා පවුල් නැවත ගොඩ නගා ගනිමින් සිටින බැවින් ඔවුන්ට හෝ ඔස්ට්‍රේලියාව තුළ වාසය කිරීමට රජය අවසර දිය යුතු බව ඔහු පවසයි.

“Nauru සහ Manus සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන වල සිටින නීති විරෝධී සංක්‍රමණිකයන් නැවත ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගත යුතුයි. ආරක්ෂාව අවශ්‍ය එවැනි මිනිසුන් හට දඬුවම් කිරීම වැරදියි. අනාරක්ෂිත මාර්ග වසා දමනවා වෙනුවට ආරක්ෂාව උදෙසා ආරක්‍ෂිත මාර්ග අප විවෘත කළ යුතුයි.” Daniel Webb වැඩි දුරටත් පැවසීය.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් අද (30/10) ප්‍රකාශ කළ පරිදි නීති විරෝධී සංක්‍රමණිකයන් හට ඔස්ට්‍රේලියාව තහනම් රටක් බවට පත් කිරීම උදෙසා සංක්‍රමණික පනතද සංශෝධනය කිරීමට රජය සූදනම් වේ.

සරණාගතයන් ඇතුළුව නීති විරෝධීව මුහුදු මාර්ග ඔස්සේ ඔස්ට්‍රේලියාවට පැමිණ ඔස්ට්‍රේලියානු වීසා සඳහා අයදුම් කිරීම වැළකීමට මෙම නව සංශෝධන ගෙන එන බව සඳහන්.

මෙම සංශෝධන පනත් කෙටුම් පත මීළඟ පාර්ලිමේන්තු සැසියේදී ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්ෂා කරන අතර ඒ අනුව එම නව පනත මෙරට සිටින නීති විරෝධී සංක්‍රමණිකයන් හට මෙන්ම Nauru සහ Manus සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන වල 2013 වසරේ ජූලි මස 19 වන දින සිට සිටින නීති විරෝධී සංක්‍රමණිකයන් හටද එකසේ බලපානු ඇත.

ලොව උදාරතම මානව වාදී වැඩසටහන් වලින් එකක් ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක වන අතර මෙම සංශෝධන කරනුයේ ඔස්ට්‍රේලියාවේ දේශ සීමා ආරක්ෂණය කර ගැනීමේ පියවරක් ලෙස බව අගමැති ටර්න්බුල් පැවසීය.

සංක්‍රමණික ප්‍රතිපත්ති සම්බන්ධ සන්ධාන රජය සිදු කළ ප්‍රකාශ අතර මෙම ප්‍රකාශය ඉතා බලගතු එකක් බව ආගමන හා දේශ සීමා ආරක්ෂණය පිළිබඳ අමාත්‍ය Peter Dutton පැවසීය.

ඔස්ට්‍රේලියාව යනු ඔබගේ විකල්පයක් නොවන බව Nauru සහ Manus සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන වල සිටින නීති විරෝධී සංක්‍රමණිකයන් මෙන්ම එවැනි මිනිසුන් ජාවාරම් කරන ජාවාරම් කරුවන් පවා මෙම ප්‍රකාශයත් සමග අවබෝධ කරගත යුතු බවද ඔහු පවසයි.

ඉදිරියේදී ඔස්ට්‍රේලියාවට ඔබට පැමිණීමට හැකි යැයි Nauru සහ Manus සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන වල සිටින නීති විරෝධී සංක්‍රමණිකයන් හට විටින් විට පණිවිඩ යවන මිනිසුන් සහ නීති උපදේශකයන් හටද මෙම ප්‍රකාශය මගින් සිදු වන්නට යන්නේ කුමක්ද යන්න පැහැදිලිවම දැනගත හැකි බව ද Peter Dutton පැවසීය.

Kevin Rudd අගමැති සමයේ කම්කරු පක්ෂය යටතේ සංක්‍රමණික කටයුතු පිළිබඳ ඇති කළ අවුල් සහගත තත්ත්වය විසඳා ගැනීමට මෙම සංශෝධන ගෙන එන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

2007 – 2010 කාලයේදී ඔස්ට්‍රේලියාවේ මානව වාදී  වැඩසටහන කම්කරු පක්ෂය විසින් මිනිස් ජාවාරම් කරුවන් හට  ලබාදුන් බව ද ද Peter Dutton පැවසීය. මෙය ඔස්ට්‍රේලියානු වැසියන් සහ මිනිස් ජාවාරම්කරුවන් අතර සටනක් බව ද ඔහු පැවසීය.

“එම බලපෑම සුළු ලෙස තැකිය නොයුතුය. මිනිස් ජාවාරම් කරුවන් මෙලොව සිටින දරුණුම අපරාධකරුවන්ගෙන් කොටසකි. ඔවුන් හට ඩොලර් බිලියන ගණන් ව්‍යාපාර තිබේ. ඒ නිසා ඔවුන්ගේ අපරාධ සැලැස්ම වල් වලට රජයක් වශයෙන් අපි එක හෙළා අකමැති බව පෙන්විය යුතුයි.”  ආගමන හා දේශ සීමා ආරක්ෂණය පිළිබඳ අමාත්‍ය Peter Dutton පැවසීය.

පසුගිය කම්කරු රජය සමයේ බෝට්ටු 800කින් පමණ නීති විරෝධී සංක්‍රමණිකයන් 50,000ක් පමණ ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති බව ටර්න්බුල් රජය පවසයි.

එසේ පැමිණි පිරිස් අතරින් ඔස්ට්‍රේලියාව තුළ පවතින සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථාන වලට ළමුන් 2000ක් ඇතුලත් කර ඇති අතර මුහුදේදී 1200ක ප්‍රමාණයක් මිය ගොස් ඇති බව වාර්තා වේ.

ලොව පවතින සරණාගත ප්‍රශ්නයට ඔස්ට්‍රේලියාවේ දායකත්වය පිළිඹිබු කරමින් වාර්ෂික සරණාගතයන් භාර ගැනීමේ ප්‍රමාණය 19,000 දක්වා වැඩි කිරීමට සූදානම් බව අගමැති ටර්න්බුල් පසුගිය සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශ කලේය. 2015 – 2016 කාලය අතරතුර මෙරටට භාරගත් සරණාගතයන් ප්‍රමාණය 13,750කි. 


Share
Published 30 October 2016 10:41pm
Updated 19 December 2016 2:34pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends