ඔස්ට්‍රේලියාවටත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්.

Australia will go to build a space agency.

Source: AFP

ඔස්ට්‍රේලියාවේ අභ්‍යවකාශ කර්මාන්තය ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විමර්ශනයක් ආරම්භ කිරීමට යන බව නිවේදනය කර තිබේ.

මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය හරහා කුමන අන්දමේ ඉලක්ක සපුරාගත හැකිද සහ ඒ සඳහා කොපමණ පිරිවැයක් ගත වනවාද යන්න මෙම විමර්ශනයෙන් සොයා බැලේ.

CSIRO (Commonwealth Scientific and Industrial Research Organisation) හි හිටපු ප්‍රධානී Megan Clark විසින් මෙම විමර්ශනයේ ප්‍රධානත්වය දරන අතර එහි අවසාන වාර්තාව 2018 මාර්තු මාසයේදී ලබා දීමට නියමිතය.

OECD (Organisation for Economic Co-operation and Development) ජාතීන් අතර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් නොමැති රටවල් දෙකින් ඔස්ට්‍රේලියාව එක් රටක් බව ද වාර්තා වේ.


Share
Published 13 July 2017 4:10pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends