ත්‍රස්තවාදීන්ගේ රහස්‍ය පණිවිඩ ඔත්තු සේවා සඳහා ලබාගැනීමට ඔස්ට්‍රේලියානු රජයෙන් නව නීති.

Australia may force tech companies to crack encrypted messages

Source: AP

ත්‍රස්තවාදීන්ගේ සහ අනෙකුත් අපරාධකරුවන්ගේ encrypted messages හෙවත් සුරක්ෂිත කළ පණිවිඩ වල අගුලු හැර ඔස්ට්‍රේලියානු ඔත්තු සේවා වලට ලබා දෙන ලෙස ඔස්ට්‍රේලියානු තාක්ෂනික ආයතන වලට බල කෙරෙන නව නීති ගෙන ඒමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වෙයි.

ත්‍රස්තවාදීන් සහ ළමා අපයෝජකයින් ට එරෙහිව දුරකථන ඔස්සේ දුර සිට ඔත්තු බැලීමේ ක්‍රමවේදය තවත් ශක්තිමත් කිරීමටද මෙම නව නීති හරහා අපේක්ෂා කෙරේ.

ත්‍රස්ත ක්‍රියා සඳහා අන්තර්ජාලය තෝතැන්නක් බවට පත් කිරීමට ඉඩ නොතැබීම මෙහි මූලික අරමුණ බවත් අන්තර්ජාලය හා තාක්ෂණික සමාගම් වලට ඉහළින් මෙම කටයුතු මෙහෙයවීම සඳහා රජයට බලතල ලබා ගැනීමක් මෙහිදී සිදු වන බවද ඔස්ට්‍රේලියානු අගමැති  Malcolm Turnbull, චැනල්  Seven පුවත් වෙත පැවසීය.


Share
Published 14 July 2017 10:58pm
Updated 14 July 2017 11:01pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends